Featured

රනිල්ගේ ගෝනි සෙල්ලං සහ සිරිසේන පවුලේ රතු ඉර

අප්‍රිකානු මහාද්වීපයේ තරුනයන් අතර ‘පයිරට්’ නොහොත් මුහුදු මංකොල්ල යනු අනාදිමත් වෘත්තියකි. නවකයන් බදවා ගැනීම, පුහුනුව, ක්‍රියාන්විත, මුදල් පාලනය, කන්ඩායමෙන් වෙන්වීම වැනි සියල්ල අතිශය සංවිධානාත්මකය. මුහුදු මංකොල්ල කරුවන්ගේ ඉලක්ක කොතරම් තියුනුදයත්, නිල්ල සොයා ඉතාලිය බලා යන බෝට්‍ටුවේ සිට දැවන්ත නැව් දක්වා සුද්ද කළේය.ඊලාම් යුද්ධය අවසානයේ පැවැත්වූ ‘ගෝල් ඩයලොග්’ සමුලුව ඇමතූ ගෝඨාභය ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවේ හිඩැස් සාකච්චා කළේය. ඒ සමග හිටපු හමුදා සාමාජිකයන් තුලින් නාවික ආරක්ෂක ව්‍යාපෘතියක් නිර්මාණය විය. මරාගෙන මැරෙන කොටි බෝට්‍ටු සමග ගැ‍ටුනු අපේ කොල්ලන්ට සෝමාලි පයිරට්ලා හා ගේමක් නොවිනි. ලාංකික නාවික ආරක්ෂක බෝට්ටු දුටු විගස මංකොල්ල පසෙක තබා සෝමාලියන් මුහුදට පැන්නේය. ලොව් බලගතුම පරිවාර නාවික ආරක්ෂක සේනාව ලක් පොලොවෙන් බිහිවිය. අතිවිශාල ධනස්කන්ධයක් රට තුලට ගලා ආවේය.

කුප්‍රකට ජනවාරි 8 පෙරළියයත් සමග සියල්ල උඩු යටිකුරු විය. කිලී මහරජා ඇතුලු මෙකි නොකී ජාවාරම්කාර රැලක් නාවික ව්‍යාපෘතිය ඩැහැ ගැනීමට මාන බැලුවේය. සිරස නාලිකාව හරහා සත්‍ය විකුර්ති කලේය. සිරිසේන සහෝදරයන් බළල් අතක් ලෙස යොදා ගැනීමට උත්සාහ කලේය. අවසානයේ සිදුවුයේ නාවික වියාපෘතියට කන කොකා හැඩීමය. විනිමය උල්පතක් වූ නාවික වියාපෘතිය රටට අහිමි විය.

මෙම සිදුවීම ඛේධයක අවසානය නොව ආරම්භය විය . රනිල්ගේ රෙජීමය අල්ලස් හා දුෂණ කොමිසම හරහා හමුදාපතිවරුන් තිදෙනෙකු සහ ගෝඨාභයට් එරෙහිව නඩු පැවරුවේය . රට වෙනුවෙන් මෙහෙයක් කල යට කී පිරිස අවනඩුවේ විත්ති කුඩුවට නැංවුයේය. මෛත්‍රී සිය හඩ අවධි කලේ මෙවන් පසුබිමක් තුලය. පොලිස් මුල්‍ය විමර්ශන කොට්ටාශය සහ අල්ලස් කොමිසම දේශපාලන අතකොලුවක් බව ජනපති රටට කිවේය .දිනෙන් දින ජනපති ඔහුගේ ප්‍රකාශය තහවුරු කළා විනා එයට වෙනත් අර්ථ කතනයක් දීමට ඉදිරිපත් නොවිණි. ඒ සමගම චීනයේ සංචාරයක නියුතු වූ ගෝඨාභය ජනපතිගේ ප්‍රකාශයට ස්තුතිය පළකළේය.

ජනපතිගේ අන්දෝලනාත්මක ප්‍රකාශය තුලින් රනිල්ගේ රෙජීමයම සසල විය. රනිල්ගේ සහචරයන් මෙම බිහිසුණු ප්‍රහාරයට හේතුව ක්ලික් නයිට් ක්ලබ් සිදුවීම බව පෙන්වීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය. ජනතාවට දුටුවේ පදනම් ආයතනයේ “සත්විරු සංහිඳ” උත්සවයේ ජනපතිගේ අන්දෝලනාත්මක කථාව පමණි. නමුත් දේශපාලන බල සිතියමේ තීරණාත්මක සිදුවීමක් පෙර සතියේ විවාහ මංගල්‍ය උත්ස වයකදී සිදුවිය.ජනපති මලයා වූ ඩඩ්ලි සිරිසේනගේ පුත්‍රයාගේ විවාහ උත්සවය හිල්ටන් හෝටලයේ පැවැත්වුනි.ඩඩ්ලි සිරිසේන වූ කලි ගුවන් හමුදාවේ සේවය කල බලපන්ති සැරයන් වරයෙකි. අන් කවරකටත් වඩා තරු සහ පටි වලට අවේනික වූ බැදීමක් ඩඩ්ලි හා ගෝඨාභයට තුල විය. ගෝඨාභයට විවාහ උත්සවට ආරාධනා කලේ ඒ අනුවය.

විවාහ උත්සවට පැමිනි ගෝඨාභය මුලින්ම අසුන් ගත්තේ ජනපති සිරිසේන හා රනිල් වූ මේසයට බොහෝ දුරිනි. නමුත් ටික වෙලාවකින් ඩඩ්ලි ගෝඨාභය සොයා පැමිණියේය. ගෝඨාභය ජනපති සිටින මේසයට් රැගෙන යාමට ඔහුට අවශ්‍ය වී තිබිණි. නමුත් ගෝඨාභය ඩඩ්ලිගේ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කලේ එය අනවශ්‍ය කැදහැලියක් බව පවසමිනි. ඔහුගේ පෙරෙත්තය හමුවේ යලි කියා සිටියේ එයා (රනිල් ) සිටින මේසය තමාට නොගැලපෙන බවය. හඩ අවදිකළ ඩඩ්ලි ” ඌ මොන ප…..ක්ද සර් එන්ඩ ” කියා ජනපතිගේ මේසයට රැගෙන ගියේය. උත්සවය අවසන් වූ විගස රනිල් සුපුරුදු ගෝනි සෙල්ලමට බැස්සේය.සිය සිවිල් සංවිධාන නඩය සහ මාධ්‍ය රෑන හරහා ජනපතිට එරෙහි මඩ ප්‍රහාරය දියත් කළේය. සංහිදියාව ගැන බන කියන නඩය ගෝඨාභය හා ජනපති එක මේසයේ හිද ගැනීම නින්දිත ක්යාවක් ලෙසින් ජනගත කළේය

සිරිසේනලාගේ දෝලනය එක් රැයකින් සිදුවුවක් නොව රටයන අත අනුව සිදු වුවකි.අල්ලස් කොමිසම හරහා සිදුවන්නේ කුමක්ද ? රැවටීමකි,දඩයමකි මාධ්‍ය සංදර්ශනයකි. අත්අඩංගුවට ගන්නා කිසිවෙකු වරද කරුවෙකු බවට ඔප්පු කිරීමට සාක්ෂි නොමැත .තම ජනයා ගොනාට අන්දවන මේ ක්‍රියා පටිපාටිය සිරිසේනලාට අරහං වී ඇත. ඊට වඩා විගඩමක් තවත් පසෙකින් සිදුවෙයි. ඒ දේශපාලන ඝාතන සම්බන්ධව කරන පරීක්ෂණ තුලය. රවිරාජ්, ලසන්ත, එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ කොමඩියකි. රවිරාජ්ගේ දේහය මුලින්ම තැබුවෙ ජයරත්න මල් ශාලාව තුලය.පැමිණෙන්නන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට පොතක් එහි තුල විය.රවිරාජ්ට අවසාන ගෞරව දැක්වීමට ලියුම්කරු සහභාගි විය. රවිරාජගේ සැබෑ ඝාතකයා කවුද යන්න පිලිබදව එහි ලියුම්කරු සටහනක් තබා ඇත. රවිරාජ්, ලසන්ත, එක්නැලිගොඩ ඝාතන පිළිබද අප දිගින් දිගටම ලියුවෙමු. නමුත් සිදුවුයේ ඒ පිළිබද සොයා බැලීම නොව අප වෙබ් අඩවිය තහනම් කිරීමය

මහා යුද්ධයක් අතරතුර කොටි ධේනුවක් සමග සැතපුණු හමුදාපතියෙකුගේ කලකිරියාව , සිය බිරිදගේ සහ දරුවන්ගේ ජීවිතය අපායක් කල අවලං උපාසකයෙකුගේ මනෝභාවය පිළිබද අමුතුවෙන් ලිවිය යුතුද ? ඝාතන දාමයේ ප්‍රධාන චුදිතයන් මොවුන්ය . අද මොවුන් දෙදෙනාම ගරු කටයුතු එ.ජා .ප සාමාජිකයන්ය,ඇමැතිවරුය .ජනවාරි 8 ඉන්දියන් රෝ ප්‍රමුඛ බටහිරයන් මීය කැඩුවේ අත ලෙව කෑමට නොවේ. එහි සියලු සාරය උරා බීමටය . උතුරට ෆෙඩරල් දීමට මංගල එකගවී ඇත. රණවිරුවන් දඩයමට විශේෂ අධිකරණ ගෙන ඒමට චන්ද්‍රිකා එකග වී ඇත. ඉන්දියාවේ පව් කර ගහන ගිවිසුමට රනිල් එකග වී ඇත . සිරිසේනගේ ජයග්‍රහණයේ ගාමක බලවේගය වුයේ මුස්ලිම් ජනතාවය. නමුත් අද සිරිසේන හින්දුත්වාදයෙන් වියරු වැටුණු මෝඩි ගේ ප්‍රාණ ඇපකරුවෙකු වී ඇත. ඉන්දියාවේ බලපෑම මත ලංකාව පකිස්ථානයට එරෙහි වී ඇත. යෝජිත වෙළද ගිවිසුම් අත්සන් කළහොත් හින්දු -සියොන් ප්‍රාග්ධනයෙන් මුස්ලිම් වියාපාර බිදවෙටෙනු නියතය . වලටත් ගෙන ගහන මේ අපරාධ වලට සහභාගී වීමට ප්‍රථම ඒ පිලිබදව සිරිසේන දෙවරක් හිතා බලනු නියතය . මේ ගත වෙන්නේ සංක්‍රාන්ති සමයයි

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top