Featured

“හොරකම් පමණක් නොවේ ඊට වඩා යමක් කළත් මට …අගමැතිතුමාව අයින් කරන්න බෑ…”

කවරාකාර බලපෑම් එල්ල වුවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරිමට හෝ ඒ සදහා බලපෑම් කිරිමට තමන්ට හැකියාවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළේ බත් බැලයන් සමග පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. බැදුම්කර වංචාව හරහා රටට සිදුවු අලාභයට වඩා රටේ ආයෝජකයන් විවිධ ව්‍යාපෘති සදහා ආයෝජන කිරිම පිළිබඳව මහත් සැකයකින් යුතුව ප්‍රශ්ණ කරමින් සිටින් බවත් අගමැතිවරයා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසට තමන්ට කිලී මහරාජාන්ද දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් තිබේන බව ජනාධිපතිවරයා සිය බත් බැලයන් හමුවේ අනාවරණය කර තිබේ.

“හොරකම් පමණක් නොවේ ඊට වඩ යමක් කළත් මට …අගමැතිතුමාව අයින් කරන්න බෑ…” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කර සිටි බවයි මෛත්‍රී පිළේ බත් බැලයෙකු අප වාර්තාකරු සමග පවසා ඇත්තේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව හරහා අනාවරණය විමත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇති කිරිමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් කවුරුන් කුමණ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළද ආණ්ඩුව හෝ අගමැති කම වෙනස් කිරිමට තමන් කිසිදු සහයක් නොදේන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ සදුදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැඳවා ඇති අතර එහිදි ශ්‍රිලනිපය සහ එජාපය අතර හොද සබඳතාවයක් සහිතව ආණ්ඩුව පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට කටයුතු යොදවා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

Top