Featured

ජාතික ආණ්ඩුව කඩා වැටෙයි කඩේ ගිය එවුන් වෙව්ලයි…මෛත්‍රී,රනිල් ඒකාබද්ධ ප්‍රකාශයක් කරනු!

ජාතික ආණ්ඩුවේ අභ්‍යන්තරයේ ගැටුමක් නොමැති බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒකාබද්ධ ප්‍රකාශයක් කරන ලෙස ආණ්ඩුවට සහය දැක්වු පාර්ශව වලින් බලපෑම් එල්ල වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක් පවතින බවට පැතිරයන මතය හේතුවෙන් ආණ්ඩුව කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් රටේ බලය අත්කර ගැනිම සදහා සහයදුන් තමන් බරපතල ලෙස අවුලකට ලක්ව සිටින බව එම කණ්ඩායම් පෙන්වාදි තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම වේදිකාවක සිට රටේ ජනතාවට ආණ්ඩුව තුල අර්බුදයක් නැති බවට ප්‍රකාශයක් කලයුතු බවයි එම කණ්ඩායම් යොජනා කර ඇත්තේ.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ හරහා ආණ්ඩුවේ හටගෙන තිබේන අර්බුදය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධානයේද අවධානය යොමුවි ඇති අතර ඒ අනුව යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ජනවාරි 8 දා එම සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවා තිබේ.

මෙම හදිසි සාකච්ඡාව සඳහා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම අනිවාර්යයයෙන්ම සහභාගි විය යුතු බවද දන්වා තිබේන අතර ව්‍යවස්‌ථාව පිළිබඳව සකස්‌ කළ අනු කමිටු වාර්තා ජනවාරි 9 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් එම වාර්තා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රියා නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන්ට පවසා තිබිම මෙම හදිසි සාකච්ඡාවේදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

Top