Breaking
24 Feb 2025, Mon

අගමැති වෙනස් කරන්න කටුකුටු ගෑ අයගැන ජනපතිගෙන් අගමැතිට කේළමක්! ඇමති කමටත් කෙලවේ

පසුගිය දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂ නායක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොජනා කල පිරිසකගේ නම් ලැයිස්තුවක් අගමැතිවරයාගේ අතට ලබාදිමට ජනපති කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ස්‌විස්‌ටර්ලන්ත සංචාරයට එක්ව සිටි කාලය තුල එජාපයේ කිහිප දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුම අගමැති ධුරයෙන් වත්මන් අගමැතිවරයා ඉවත් කර වෙනත් අයෙකු පත් කිරිමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පෞද්ගලිකවම හමුවි පවසා තිබේ.

ඒ අනුව එම පුද්ගලයන් මෙන්ම ඔහුන් කී දේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති විසින් අගමැතිවරයා පැමිණී විගසම අතටම ලබාදීමට කටයුතු සුදානම් කර තිබේන බවත් ඔහුන් සම්බන්ධයෙන් ජනපති දුරකතනය ඔස්සේ අගමැති දැනුවත් ර තිබේන බවද අනාවරණය වි තිබේ. ඒ අනුව විදේශ සංචාරයක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණි විගසම ඇමැති මණ්‌ඩලයේ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුකිරීමට නියමිතව ඇති අතර එහිදි අගමැතිකම වෙනස් කිරිමට කටුකුටු ගෑ ඇමතිවරුන්ට වැඩ වරදිනු ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය කාලයේදී මත භේදයට තුඩුදුන් ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනකුගේම තනතුරු මේ අනුව අහිමි වනු ඇති අතර ඇමැති තනතුරුවල වෙනසක්‌ සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ද පැවැත්වීමට නියමිතව තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.