LNN SPY

කරුනා අම්මාන්ගේ ඩබල් ගේම්…බැසිල් හමුවෙන්න කලින් අමරවිර හමුවෙලා…

පසුගියදා බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවු බවට විවිධ ප්‍රචාර දියත් කල හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ ඩබල් ගේම් එකක් මේ වනවිට අනාවරණය වි තිබේ.

කරුණා බැසිල් හමුවිමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර හමුවි ඇති අතර එහිදි උතුරු නැගෙනහිර පළාත් වල ඇති සියලුම පළාත් පාලන ආයතනවලට සන්ධානය සමග එක්ව තරග කිරිම සදහා තමන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය සුදානම් බවත් ඒ සදහා සන්ධානය සුදානම් නම් වරප්‍රසාදයන් රැසක් ලබාදිය යුතු බව කරුණා පවසා තිබේ.

මහින්ද පිළ සමග එක්ව තමන්ට තරග වැදිමට නොහැකි වි ඇත්තේ මහින්ද පිල නියෝජනය කරන ඒකාබද්ධයේ විමල් වීරංවශ සහ උදය ගම්මමන්පිල අන්ත ජාතිවාදී ලෙස කටයුතු කිරිම නිසා බවද කරුණා සන්ධාන ලේකම්වරයා හමුවේ පවසා තිබේ.

කෙසේවෙතත් එම ඉල්ලිම් සම්බන්ධයෙන් ශ්‍රීලනිප සභාපතිවරයා සමග සාකච්ඡා කලයුතු බව සන්ධාන මහලේකම්වරයා පවසා ඇති අතර ඇතැම් ඉල්ලිම් එම අවස්ථාවේදිම ඔහු විසින් ප්‍රතික්ෂේ කර තිබේ.

පසුව බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලයට ගිය කරුනා අම්මාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විමට සාකච්ඡා පවත්වා තිබුනද කරුණා වැනි හිටපු LTTE නායකයෙකු එක් කරගැනිම හේතුවෙන් 2015 ජනවාරි 8 වැනිදා කැ පරිප්පුවේ තරම දන්නා පොදුජන පෙරමුණේ නායකයන් එම එකතු කර ගැනිමට සaජුවම අකමැත්ත පල නොකර අවබෝධතා ලියවිල්ලකට පමණක් අත්සන් තැබිමට එකඟතාව පලකර තිබේ.

කෙසේවෙතත් කරුණා සිය අපේක්ෂා භංගත්වයට පත්වු අතර පසුව නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ එලැඹෙන පලාත් පලාන මැතිවරණයට තනිව තරග කරන බව එම පක්ෂයේ මහා ලේකම් එම්.කමලදාස් සදහන් කර තිබුනා.

බැසිල් රාජපක්ෂගේ ආරාධනයකට බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයට ගියද, තම පක්ෂ නායක විනයාගමුර්ති මුරලදරන් ඇතුලු තම කණ්ඩායමට එහිදි සන්ධාන ගත වි එළබෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරිම පිළිබදව කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද මහා ලේකම් වරයා සදහන් කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයකින් පිදුම් ලැබූ අතර පසුව පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමටත් ඉන් පසුව කැබිනට් ඇමතිධුරයක් ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර සිටියා.

උතුරේ ඇතැම් බෙදුම්වාදී කණ්ඩායම් වල මතයන් සමග එකඟතාවයක් ඇති කරුණා  නව ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයේදී කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණේ උතුරු නැගෙනහිර එක් කළ යුතු බවයි.

 

Top