LNN SPY

2025 වනතුරු ජාතික ආණ්ඩුව පමණයි…. මහින්ද සමග මගේ කිසිම ගණුදෙනුවක් නෑ.. මේ සරම ඇදගෙන ඒක කරන්න බෑ…

Published 2017/11/21 –එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව ඇතිකරගත් ජාතික ආණ්ඩුව 2025 දක්වා ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අවධාරණය කර තිබේ.මහා බැංකු බැදුම්කර වංචාව සහ රටේ ආර්ථික සමාජිය,දේශපාලන අර්බුද හමුවේ ජාතික ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව විවිධ මත පලවිම හේතුවෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගෙන් කල විමසිමකදි මෙම පිළිතුර ලබාදි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව තරඟ කළහොත් එමගින් ලැබෙන ප්‍රතිඵලය දෙපාර්ශ්වයටම දැඩි ලෙස බලපාන බවත් කෙසේවෙතත් තමන්ට එය බරපතල ගැටලුවක් නොවන් බවද ජනපති පෙන්වා දි තිබේ. පළාත් පාලන ආයතන පවත්වා ගෙන යැමට නම් අනිවාර්යයෙන් බලය සහිත ප්‍රධාන පක්ෂ දෙකේහි එකතුවක් අවශ්‍ය වන බවද ජනපති පෙන්වා දි තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා ඇමති මලික් සමරවික‍්‍රම සමගින් පසුගියදා ජනාධිපතිවරයා හමුවි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්ද පිළ සමග එක්ව තරග වදින බවට පලවන වාර්තා පිළිබඳව විමසා ඇති අතර එයට පිළිතුර දෙමින් මෛත්‍රී ජනාධිපතිවරයා ඇදසිටි සරම පෙන්වා ‘මේ සරම ඇදගෙන ඒක කරන්න පුළුවන්ද’ යයි අසා තිබේ.

2020 ජනාධිපතිවරණයක් පැවැත්විම සම්බන්ධයෙන් හෝ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන්ද ශ්‍රී ලනිපයේ ඇතැම් කණ්ඩායම් දක්වන අදහස් සම්බන්ධයෙන්ද ජනපති සිය අප්‍රසාදය පලකර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සමග එක්ව තරග කිරිමට විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටි මහින්ද් පිළ එම කොන්දේසි ඒකින් එක ලිහිල් කිරිමේ මෙහෙයුමක යෙදි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව එක්ව තරග කිරිමට මෛත්‍රී පිළ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට කලින් ඉදිරිපත් කර තිබු කොන්දේසිය මේ වනවිට එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඉන් ඉවත්වීම දක්වා වෙනස් වී තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

Top