Featured

එක රටක් නීති දෙකක්! නීතිය හතරට නවයි.. මත්ද්‍රව්‍ය සමග ඇල්ලු දේශපාලන ගෝලයෝ නීරෝධානයට…

Published on: Aug 24, 2020- මිරිහාන ප්‍රදේශයේ ලිංගික සහ මත්ද්‍රව්‍ය සපයන කාන්තාවගේ නිවසේ සාදයක් අතරතුර අත් අඩංගුවට පත්වු පිරිසක් සිය බලය භාවිතා කරමින් මාතරට පසුගිය මැතිවරණයෙන් පත්වු රාජපක්ෂලාගේ ඥාතියෙකුගේ බලපෑම මත නිරෝධානය සදහා යොමුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කල මිරිහාන,පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථනය ආසන්නයේ මත්ද්‍රව්‍ය සහ කාන්තාවන් සපයන නිවසක් කාන්තාවක විසින් කාලයක සිට පවත්වාගෙන යන අතර ඇයගේ සැමියාද මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරිම හේතුවෙන් පුනුරුප්තාපනය සදහා යොමුකර ඇති අයෙකු වේ.එම නිවසට නුගේගොඩ සහ තදාසන්න ප්‍රදේශ වල පොලිසියේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ඔහුන්ගේ සමීපම සහ දේශපාලනඥයන්ගේ සමිපතම කණ්ඩායම් විවිධ වර්ගයේ සාද පැවැත්විමට කටයුතු කරන අතර මිට දින 4කට පමණ පෙරද එවැනිම සාදයක් පවත්වා තිබේ.

ඒ අතරතුර කොළඹ පොලිස් මුලස්ථානයට ලැබුන තොරතුරකට අනුව එම ස්ථානය වැටලිමට ලක්කර තිබේන අතර පසුව එම පිරිස මත්ද්‍රව්‍යද සමග අත් අඩංගුවට ගෙන තිබේ. නමුත් එම ස්ථානයේ සිටි මාතරට තරගකල රාජපක්ෂ ඥාතියාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවු ඔහුට සමිපතම ජනක නැමති පුද්ගලයා සහ ඔහුගේ මිත්‍රයන් පිරිස අයුතු ජන රාශීය යටතේ නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරිමට කටයුතු කර තිබේන අතර ඉහලින් ලැබුන නියෝගයකට අනුව ඔහුන් ඒ අකාරයට නිදහස් කිරිමට කටයුතු කර තිබේන බවයි පොලිස් ආරංච මාර්ග සදහන් කළේ.

ජනක නැමත්තා මාතරට පත්වු රාජපක්ෂ ඥාතියාගේ මාදිවෙල නිවසේ නිරන්තරයෙන් ගැවසේන ඔහුගේ සමීපතමයෙකු වේ. අදාල නිවස හිමි කාන්තාව සහ තවත් පිරිසකට පමණක් මේ වනවිට නීතිය ක්‍රියාමක කර තිබේන අතර මේ වනවිට මිරිහාන,පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථනයේ විහාරාධිපති හිමියන්ටද තර්ජන සිදුවෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Top