Political

අනුරට වැලේ වැල් නෑ-පි අගමැති පරදිනවානම් පාර්ලිමේන්තුව විසුරුවනවා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමිම හේතුවෙන් තමන්ට පක්ෂය තුල තිබුනු පිලිගැනිම මුලුමනින්ම නැතිවි ගොස් ඇති බවත් දැන් පක්ෂයේ ඉහල පෙලේ සමාජිකයන් තමන් නොසලාකා හරිමින් සිටින බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක මෛත්‍රීපාල සිරිසේනට සැහෙන්න නොක්කාඩු කී බව වාර්තා වේ.

ඊයේ පැවැති සන්ධාන පක්ෂ නායක හමුවේදීද මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තත්ත්වයකට තමන් පත්ව ඇති බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග ගේ ඉල්ලිම අනුව මම දැන් හිරවෙලා ඉන්නවා.

මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා…….අනුර එහෙන් මට හොදටම නොක්කාඩු කිව්වා….පක්ෂයේ මිනිස්සු එයාව ගණන් ගන්නේ නෑලු …එහෙන් අගමැතිතුමායි ..මැඩම්නුයි එපා කියනවා…මට තෙරෙන්නේ නෑ…මම මොකද කරන්නේ කියලා….

මේ අවසථාවේ  සන්ධාන පක්ෂ නායක කිසිවේකු වචනයක්වත් නොකියා බිම බලාගෙන සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළා.

Top