අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ට මරණ තර්ජන සහ දුෂණ වංචා සම්බන්ධයෙන් චොදනා එල්ල වෙමින් තිබේ.අප විශේෂ වාර්තාකරු සදහන් කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දුරකතනය ඔස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙපසසට වැනෙමින් සිටින මන්ත්‍රිවරුන්ට තර්ජනය කර තිබෙන බවයි.
රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබිම ගැන බරපතල ආකාරයට බැන වැදි ඇති අතර ඇතමුන්ට නිකන් මැරුම් කන්න එපා යනුවෙන්ද තර්ජනය කර තිබේ.යම් හෙයකින් රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට තැබු අත්සන ඉවත් කර ගැනිමට කටයුතු නොකලහොත් මන්ත්‍රිවරුන්ට එරෙහිව ඇති දුෂණ චොදනා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන් ලෙස ජනපතිතුමා උපදෙස් දි ඇති බවද රාජිත අමත්‍යවරයා පවසා තිබේ.
මේඅතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ කනගාටුවෙන් පසුවන බවයි.ඒ අනුව ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව තමන්ට සදහන් කළ බවයි.