Political

මෙන්න යහපාලන ආර්ථික ඝාතකයෝ – රටපුරාම පෙට්‍රල් සැපයීම සියයට 50කින් කැපේ

කටින් බතල හිටවන යමපාලන රජය මගින් ඉන්ධන මිල පහත දැමීම හමුවේ දිගින් දිගටම පාඩු සිදුවන බව සඳහන් කරමින් අද (5 දා) සිට තම පිරවුම්හල් සඳහා පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට ඉන්දීය ඔයිල් සමාගම(IOC) තීරණය කර තිබේ.

රජය මගින් ඉන්ධන මිල පහත දැමීමේදී රජයේ දින සියය තුළ ඉන්ධන සඳහා පනවා තිබෙන බදු සංශෝධනය කර සහන සලසන බවට සඳහන් කළ ද එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බව අදාළ තීරණය දැනුම් දෙමින් ඉන්දීය ඔයිල් සමාගම සිය පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.

ඉන්දීය ඔයිල් සමාගමේ මෙම තීරණය නිසා මාසයක පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව හරි අඩකින් කපාදැමීම හමුවේ ඉදිරියේදී රට තුළ පෙට්‍රල් හිඟයක්‌ ඇති වීම වැලක්විය නොහැක.

මේ අතර වෙළඳපොලේ ගෑස් හිගයක්ද පවතින බව ප්‍රදේශ කිහිපයකින්ම ලද ආරංචි මාර්ග සදහන් කරයි.මැතිවරණය අවසන් වනතෙක් තෙල් මිළ හා ගෑස් මිළ ඉහල දැමිමට අවසර දිය නොහැකි බව ප්‍රකාශ කිරිමත් සමග ඉන්ධන සහ ගෑස් නිකුත් කිරිම අවම කිරිමට තිරණය කර තිබේ.

Top