Political

මෛත්‍රී..දුර සිටින හතුරාට පෙර ලග සිටින හතුරන් හදුනා ගනු!

යහපාලනේ ගෙනා  “මහ ඔලූවා” තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන අප වෙබ් අධවිය හරහා කරන ලද අනාවරණයත් සමග තුසිත හල්ලොලුව භූමිතෙල් ගැවුනු ගැරඩියෙකු ලෙසට කැලේ කඩාගෙන දුවන බව වාර්තා වේ.8 පාස් නැති මැස්සෙක් ගිය උඩ…….. යනුවෙන් අප කල අනාවරණය හමුවේ තුසිත තමන්ගේ කලකට පෙර මාෆියා සහොදරයෙකුව සිටි ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් චන්දිම සගයාටද ලංකා ඊ නිවුස් හරහා පහරදි තිබේ.

…උපුටා ගැන්ම ලංකා ඊ නිවුස් …

මෛත්‍රීට පක්ෂව සහ මෛත්‍රීට මඩ ගහන වෙබ් අඩවි දෙකම කරන්නේ එක් අයෙක්: තුසිත හල්ලොලුව සීඅයිඩියට කළ පැමිණිල්ලකින් හෙළි වෙලා

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.28, ප.ව.5.30) පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වනවාත් සමගම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවම ඔහුට ද්වේශ සහගතව මඩ ගැසීම සඳහා ඒ වන විට පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ වෙබ් අඩවියක නමට සමාන නමකින් රාජපක්ෂලාගේ මුදලින් මඩ වෙබ් අඩවියක් ආරම්භ කර තිබිණ. 

එය දිගින් දිගටම ජනාධිපති මෛත්‍රී ඉලක්ක කරමින් ඉතාමත් නින්දිත ලෙස පහර එල්ල කරමින් සිටි අතර පසුගියදා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කරමින්ද මඩ ප්‍රහාරයක් එල්ල කර තිබිණ. 

…උපුට ගැන්ම අවසන් …

පසුගිය සමයේ රාජපක්ෂලාගෙන් ඇති පදමට ගරාගත් මෙම වෙබ් මාෆියා කරුවන් දැන් මේ උත්සහ කරනුයේ යහපාලන මාධ්‍ය මිලිටරිකරණයට යට කිරිමට එරෙහිව සටන් වදින අප වෙබ් අධවියේ අයිතිකරුවන් තැනිමට බව ජනතාව තෙරුම් ගත යුතුය.

උඩින් මෛත්‍රීලාගේ යහපාලන මිතුරන් ලෙස පෙනි සිටියද තුසිතලා,සදරුවන්ලා දිය යටින් ගිනී ගෙනයන බව අමුතුවෙන් කිවයුතු නෑ.පසුගියදා මහින්ද -මෛත්‍රී හමුවු අවස්ථාවේ මෛත්‍රීට පොන්නයා යනුවෙන් ඇමතිමට තරම් ලංකා ඊ නිවුස් පහත් තත්ත්වයට ඇද වැටුනේ තුසිතලාගෙම වැඩ නිසා බව දැන් පැහදිලිය.

එම නිසා මෛත්‍රී හා මෛත්‍රීපාලනය වෙනුවෙන් එකතුවු අය දුර සිට්න හතුරාට පෙර ලග සිටින හතුරා හදුනා ගැනිම ජිවිත ආරක්ෂාවට වටින බව මතක තබාගත යුතුය. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top