පුවත්

චීන ජනාධිපතිවරයා යුරෝපා සංචාරය අරඹමින් පළමුව ප්‍රංශයට

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්‍රංශ සංචාරය අද(05) ආරම්භ කළා.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතාගේ ඇරයුමට අනුව ප්‍රංශයේ සිය තෙවැනි නිල සංචාරය ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බවයි ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ.

වසර 60කට පෙර චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කෙරුණා.

මෑත වසරවලදී, චීන-ප්‍රංශ සබඳතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව අඛණ්ඩව    වර්ධනය වී තිබෙනවා.

මෙම සංචාරය අතරතුර, චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සංගම් සබඳතා පිළිබඳ මෙන්ම, වත්මන් ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ජනාධිපති Macron මහතා සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Top