LNN SPY

දැන් අධිකරණ තින්දු දෙන්නේ දුරකතනයෙන් -වෙනස මාරයි….රට හමාරයි….

ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක දුරකථනය හරහා කල නියෝගයකට අනුව ඇවන් ගාඩ් සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික නාවික හමුදා නිලධාරී පාලිත පියසිරි ප්‍රනාන්දුට විදේශගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ  (27) අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මලල ක්‍රීඩා උත්සවයක් සඳහා සහභාගි විමට ඇති හෙයින් තමන්ට විදේශගත විමට අවසර දෙන ලෙස පාලිත පියසිරි ප්‍රනාන්දු ඉල්ලා තිබෙන අතර ඊයේ තින්දුව දැනුම් දිමට පෙර දුරකතනයෙන් විනිසුරුවරිය ඇමතු ආරක්ෂක ලේකම්වරයා ඒ සදහා අවසර දෙන ලෙස දැනුම් දි තිබේ.එය තමන්ට් ඉහලින් ලැබුණු නියෝගයක් බවද ඔහු සදහන් කළ බව විනිසුරුවරිය සදහන් කර තිබේ.

රට ගොස් නැවත පැමිණි පසු ජූනි 6වැනිදා තම නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමකින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද විනිසුරුවරිය නියෝග කර තිබේ.

පසුගිය දින 150ක කාලය තුල යහපාලන රජය ඉතා බරපතල ලෙස නීතියට බලපැම් කල අතර තමන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරුන් පත්කර ගැනිම,මාරු කිරිම,නඩු තින්දු වෙනස් කිරිම හා නැති වැරදි පටවමින් අත් අඩංගුවට ගැනිම සදහා නීතිය භාවිතා කල බව පැහැදිලිවම ඔප්පුකර පෙන්වා හමාරය.

පසුගිය කාලසිමාව තුල ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් කල්ලියක්ද අප අනාවරණය කල අතර එම කල්ලිය තව තවත් වැඩිවි ඇති බව දැන් පැහැදිලිය.කියවන්න – නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top