Breaking
11 Sep 2025, Thu

මහජන ආරක්ෂාවට කාගේ පිහිටද? මේවා දුවන්නේ කාගේ හයියෙන්ද? ඇමතිවරුන්ට ඉහළින් ඉන්න ලේකම්වරු!

ඇමතිවරුන්ට ඉහළින් ඉන්න අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු ඉන්න අපූරු අමාත්‍යාංශයක් සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.එනම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයයි.

එම අමාත්‍යංශය යටතේ ඇති අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන අධ්‍යක්ෂකවරුන් තිදෙනකු පත් කළ හැකි අතර, මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට , එම මණ්ඩලයේම සහකාර අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කර මෑතකදී විශ්‍රාම ගිය රංජිත් වික්‍රමසිංහ මහතා හොර රහසේම පත්කිරීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිලූෂා බාලසූරිය හා ඇය සමග කටයුතු කරන ජේෂ්ඨ සහකාර ලේකම් සකුණිකා සුමනපාල යන නිලධාරිනියන් කටයුතු කොට ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඔවුන් දෙදෙනා විසින් ඔහු අමාත්‍යවරයාගේ නියෝජනයක් බව සඳහන් කරමින් ලේකම්වරයාගේ අත්සනද ගෙන පත් කිරීම නිලවශයෙන් සිදුකොට තිබිම ඇමතිවරුන්ට ඉහළින් අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු සිටින බවට හොදම උදාහරණයකි. ඇතැම් විට ඒ පසුපස තවත් කුමක් හෝ බැදිමක් තිබෙන්නට පුලුවන.කෙසේවෙතත් ඒ සමබන්ධයෙන් මේ දක්වා අනාවරණය වි නෑ.

පසුගියදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට, නව අධ්‍යක්ෂවරයා පැමිණීමෙන් පසු සභාපතිවරයා විසින් ඔහුගේ පත්කිරීම සම්බන්ධයෙන් විමසා ඇති අතර, එහිදී .අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ ඔහු විසින් කිසිවෙකුගේ නම් නිර්දේශ නොකළ බවයි.

එයට හේතු වන්නේ මෙම නිලධාරියා අධ්‍යක්ෂ තනතුරක් දැරීමට නුසුදුසුවනවා සේම, එම කාර්යාලයේම සේවය කොට විශ්‍රාම ගැන්වූ පසු, නැවත අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පැමිණීම තුළ, ඔහු සමග කටයුතු කළ නිලධාරීන්ට හා සේවකයින්ට අසාධාරණයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සභාපතිවරයා විසින් අමාත්‍යවරයා දැනුවත් කොට තීබීමයි.

ඉන්පසු අමාත්‍යවරයා විසින් ලේකම්වරයා හරහා මේ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී තහවුරු වී ඇත්තේ, අමාත්‍යවරයාගේ අනුමැතියකින් හා අනු දැනුමකින් තොරව රංජිත් වික්‍රමසිංහ මහතා අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඉහත කී නිලධාරීන්ගේ උවමනාව මත පත් කොට ඇති බවයි.ඒ අනුව මෙම නිලධාරීන් දෙපළ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකොට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ පිළිබඳ අමාත්‍යාංශයේ නීති අංශයේ ඉහළ නිලධාරිනියකගෙන් විමසා සිටි අතර එහිදී ඇය සඳහන් කළේ, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් මේ වසර මුලදී අමාත්‍යාංශය සඳහා අතිරේක ලේකම්වරියන් හතර දෙනකු අවශ්‍ය නොවන බවත් ඒ සඳහා තුන්දෙනෙකු ප්‍රමාණවත් බවත් සඳහන් කොට ලිඛිතවම අමාත්‍යාංශය වෙත එවා තිබියදීත්, විශාල වැඩ කොටසක් තමන් විසින් ආවරණය කරන බව හඟවමින් එම තනතුර පවත්වා ගැනීමට කටයුතු කොට ඇත.

ඒ අනුව නිලූෂා බාලසූරිය මහත්මිය දරුණු ලබන අතිරේක ලේකම් තනතුර ඉදිරියේදී අවසන් කළ යුතු බව කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේනිර්දේශය වී ඇත. එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයේ විසින් ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ඇය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *