LNN SPY

පික් පොකට් ගැසු ඌවේ බලය අලියාගෙන් ගිලිහේ

බෙදුම්වාදීන් සමග නිදි වදිමින් ලබාගත් බලය දැන් දැන් අහිමිවන බව ඔහුන්ටම දැනෙමින් තිබේ.ඌව පළාත් සභාවේ බලය එජාපය ලබා ගත්තද මේවන විට එම බලය නැවත ලබා ගැනීමට කුමන්ත්‍රණ සිදු වන බවත් එහෙම වුණොත් මැතිවරණ ව්‍යාපාරයේ නොහිතපු දෙයක් ඉදිරියට සිදුවීමට හැකියාවක් ඇති බවත් ඌව පළාත් සභාවේ සමූපකාර, නිවාස හා සංචාරක අමාත්‍ය, වැලිමඩ එජාප සංවිධායක රවීන්ද්‍ර සමරවීර කියයි.

“හැම තැනින්ම අපේ කකුලෙන් අදිනවා. පළාත් සභාවේ බලය අපි ලබා ගත්තා. නමුත් අදවන විට ඒ බලය ලබා ගන්න දැන් ඒ අය කුමන්ත්‍රණ කරගෙන යනවා. සමහර විට හෙට අනිද්දා ඒ අය ඒක ලබා ගනී ඒකේ ප්‍රශ්නයක් නෑ. එහෙම වුණොත් ඒකට කරන්න ඕන දේත් අපි දන්නවා. අද අපිට ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. දවස් කිහිපයක් යනකොට දැනගන්න පුළුවන් වෙයි. මේ මැතිවරණ ව්‍යාපාරයේ නොහිතපු දෙයක් ඉදිරියට සිද්ධ වෙන්නත් පුළුවන්.“ යැයි හෙතෙම සඳහන් කළේය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top