Featured

රනිල් හදන කොමිසමේ කොටි සාමාජිකයින් සාක්‍ෂි දිමට සුදානම්- සුමන්දිරන්

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාක්‍ෂි ලබාදීමට සූදානම් බව විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් ඒකාබද්ධ වී පිහිටුවා ඇති ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්‍ පක්‍ෂය නිවේදනය කර තිබීම තමන් අගය කරන බව එම්.ඒ.සුමන්දිරන් පවසා තිබේ.

සත්‍යය සොයා බලන කොමිසමක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීම පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාක්‍ෂි ලබාදීමට සූදානම් බව නිවේදනය කර තිබීම පිළිබඳවත් යාපනය මාධ්‍ය සමාජයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අවස්ථාවේදී, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් අපේක්‍ෂක එම්.ඒ.සුමන්දිරන් මේ බව පවසා තිබේ.

මැතිවරණයෙන් පසු, කුමන දේශපාලන පක්‍ෂයක් පාලන බලයට පත්වූවත්, ජාත්‍යන්තර විමර්ශනය අඛණ්ඩව අවධාරණය කරන බවත්  එම්.ඒ.සුමන්දිරන් පවසා තිබේ.යාපනය මාධ්‍ය සමාජයේදී, පසුගිය 06 වන දින පැවති මාධ්‍ය හමුවකදී, ඕනෑම දේශපාලන පක්‍ෂයක් පාලන බලයට පත්වූවත්, දෙමළ ජාතික සන්ධානය අභන්තර පරීක්‍ෂණයකටද? ජාත්‍යන්තර විමර්ශනයකටද? සහයෝගය ලබාදෙන්නේ යනුවෙන් මාධ්‍යවේදීන් කල විමසිමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

 

 

Top