LNN SPY

ස්වයං පාලනයක් වෙනුවෙන් ලබාදුන් දින 90න් 65ක් ගෙවි අවසන් – ඩයස්පොරාව මෝදිට කියයි

දින 90 ක් තුල උතුරේ ස්වයං පාලනයක් ස්ථාපිත කිරිමට යහපාලන ආණ්ඩුව පොරොන්දු ලබාදි තිබුනද 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුවා වි ලංකා ආණ්ඩුව කල්මරමින් සිටින බවත් දින 90 මේ වනවිටත් දින 65ක් ගතවි තිබෙන බවද පෙන්වා දෙමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත කැනේඩියානු එල්ටීටීඊ ඩයස්පොරාවේන් ලිපියක් බාරදි තිබෙන බව අප ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කළා. පසුගියදා නරේන්ද්‍ර මෝදි කැනඩාවේ සංචාරයක නිරතවු අතර එම සංචාරය අතරතුර මෙම ලිපිය භාරදි තිබේ.දින 90න් උතුරට ස්වයං පාලනයක්! යනුවෙන් අප පළමු අනාවරණය පසුගිය පෙබරවාරි 18 වැනිදා සිදුකර සිටියා.

~උපුටා ගැන්ම ~

දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව ඉන්දිය අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර ඇති බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan)සදහන් කරනවා.දින 90න් උතුරට ස්වයං පාලනයක්! 

~උපුටා ගැන්ම අවසන්~
කඩිනමින් අදාළ ස්වයං පාලනය වෙනුවෙන් කටයුතු කලයුතු බවත් ඒසේ නොමැති වුවහොත් තමිල්නාඩුව හරහා ඉන්දිය මධ්‍යම රජයට විරෝධය එල්ල කරන බවද එම ලිපිය හරහා අනතුරු දැන්විමක්ද දක්වා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top