Featured

ප්‍රගීත් ඝාතකයන් බේරාගන්න මෛත්‍රීපාල මැද්දට පනී

Published on: Aug 20, 2015- මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරිමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු ලෙස හෙට අනිද්දාට දිවුරුම් දිමට සුදානමින් සිටින “ප්‍රා” නායක පාඨ්ළී චම්පික රණවක සම්බන්ධ බවට තවත් සාක්ෂි ලැබෙමින් පවති.

මේ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හමුදා සෙබළුන් සිව්දෙනාට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බලපෑම මත ආරක්‌ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු විසින් රැකවරණය ලබාදීම නිසා පරික්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි වාර්තා වේ.

මෙම හමුදා සෙබළුන් සිව්දෙනා වහාම තමන් වෙත භාරදෙන ලෙස අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා බලධාරීන්ට දැනුම් දුන්නද ඊයේ (19) වන තෙක්‌ ඔවුන් භාරදී නොමැති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්‌තව රාජකාරි කළ සෙබළුන් දෙදෙනකු සහ විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයකු මීට ඉහතදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එක්‌නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය වී ඇත.

[box type=”warning” ]මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.[/box]

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

 

Top