Featured

ෆෙඩරල් පාලනය ගැන පිල්ලෙගෙන් පන්තියක්

උතුරේ ෆෙඩරල් පාලනයක් පිහිටුවිමට ශ්‍රි ලංකා යහපාලන රජය ලබාදුන් පොරොන්දුව අනුව එම ෆෙඩරල් ක්‍රමය සකස් විය යුතු අකාරය සහ පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානය පසුගියදා ලංකා රජයේ එකඟතාව මත සම්මත කරගත් යුධ අපරාධ පිළිබඳව වු වාර්තාවට අදාළව ද්‍රවිධ ජාතික සන්ධානය සහ උතුරේ සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තරව හැසිරිවිය යුතු ආකාරය පිළිබඳව දෙමළ ඩයස්පොරාවේ සමාජිකයන් සහ දැනුවත් කිරිමේ සමුලුවක් පසුගිය 07 සහ 08 යන දිනයන් හිදී දකුණු අප්‍රිකාවේ ඩේබන් හි පවත්වා තිබේ.

අදාළ සමුලුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නවනීදම් පිල්ලෙයි විසින් සංවිධානය කර ඇති අතර උතුරු පළාත් සභා මන්ත්‍රීවරු වන එම්.කේ.ශිවාජිලිංගම් සහ අනන්දි ශෂිදරන්ද උතුර සහ ද්‍රවිධ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සමුලුවට එක්ව තිබේ. මිට අමතරව දමිළ ඩයස්පොරාව නියෝජනය කරමින් නෝර්වේ, කැනඩාව ඇතුළු බොහෝ රටවල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි වී තිබේ.

Top