Featured

මාරපනට මරු කැඳවූ මාරම ලිපිය-මෛත්‍රීගේ ලියුම් ඇද්දට මාරපන දොට්ට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග අනුව වහාම නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉල්ලා අස්විමට ආසන්නම හේතුව වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව අන්තරයක ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටින නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම් එම් සිරිසේන හේරත් මහතා පත් කරමින් ලිපියක් යොමුකිරිම බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර තිබේ.

ඇවන්ගාඞ් ගැටුම හේතුවෙන් තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්වු බවට තැන තැන කතා පතුරුවමින් සිටියද මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග ක්‍රියාත්මක කිරිමට මාරපන ඇමතිවරයා කටයුතු කිරිම රනිල්ගේ උදහසට ලක්ව තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිලක් මාරපන මහතාට ඉල්ලා අස්වෙන ලෙස නියෝග කර ඇති බවයි අනාවරණය වන්නේ.පසුව අගමැතිවරයාගේ සමිපතම මෙන්ම විශ්වාසවන්ත කිහිප දෙනා අතර ප්‍රමුඛයෙකු වන අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානි,දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක එම තනතුරට පත්කරනු ලැබුවා.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරිමට යහපාලන රජයේ බලපෑම මත නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාවරයා කටයුතු අක්ල අතර පසුව අගමැතිවරයා විසින් එම ඉවත් කිරිම වහාම නතර කර දැමුනා.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත තිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා වෛද්‍ය නිලංග සමරසිංහට යැවු ලිපිය.

Marapana_letter (1) Marapana_letter (2)

Top