Featured

චතුරගේ පාප්ප බාල්දි ඇද්ද කොලු ගැටයා ගෙමක් දිලා

පසුගිය මහා මැතිවරණ සමයේ කක්කුස්සි කටා හෙවත් ප්‍රා නායක රාජිත සේනාරත්නගේදැයි හරියටම ෂුවර් නැති චතුර සේනාරත්නගේ ඡන්ද ව්‍යාපාරයේ පොස්ටර් ගසමින් පාප්ප නෑ කොලු ගැටයෙකු ගුවන් නියමුවෙකු ලෙස පෙනිසිටිමින් මොඩ අම්බරු යහපාලන ගොයියන් රවටා ලක්ෂ ගණන් මුදල් ගරා ගැනිමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව අනාවරණය වි තිබේ.

මෙම ඡායාරූපයේ සිටින කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා එයාර් කැනඩා ගුවන් සමාගමේ ගුවන් නියමුවකු බව මවා පාමින් ගුවන් සේවා පාඨමාලා හැදෑරූ පිරිස් වලට රැකියා ලබාදෙන පවසමින් අයථා අන්දමින් මුදල් ලබා ගෙන තිබේ.විවිධ මෘදුකාංග යොදා ගෙන ඔහු සිය ඡායාරූප වෙනස් කරමින් සමාජයට ගුවන් නියමුවකු බව පෙන්වා ඇත.

අපට වැඩිදුරටත් වාර්තා වන අන්දමට මොහු ශ්‍රී ලංකන් ආයතනයේ රැකියා ලබාදෙන බවට පිරිසක් මුලා කර ඇති අතර තවත් අයට පවසා ඇත්තේ විදෙස් සමාගම් වල රැකියා ලබාදෙන බවයි. ලංකාවේ පුහුණුව ලැබූ ශිෂ්‍යාවන් මොහුගේ ඉලක්කය වී ඇති අතර ඉන් කිහිපදෙනකුම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වලට ගෙන්වා ගෙන ඇති මොහු ඔවුන්ගෙන් රැකියාවට පෙර අත්තිකාරම් මුදල් අවශ්‍ය බව පවසමින් රු.10,000/ 20,000 වැනි මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබේ.මේ අතර ලගදී දිනක තවත් පුද්ගලයකු නුගේගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති නමුත් මුදල් ලබාදීම අකමැත්ත පළ කොට ඇති අතර ඔහු සමග ඇතිකරගත් මිත්‍රකම හරහා මේ යහපලන හොරා ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

Top