Featured

රනිල්ගේ නිදි යහනේ බලය ඇල්ලු වැලිඅංගේ පාර්ලිමේන්තු යන්න සුදානම්!

රනිල්ගේ නිදි යහනේ බලය ඇල්ලු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එරන්ද වැලිඅංගේ ගල් කොලුවා එම් .කේ .ඩී .එස් ගුණවර්ධනගෙන් හිස් වු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිමේ සුදානමක් පවතින බව අනාවරණය වි තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය ඒ ආර් ඒ හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් හා ම් .කේ .ඩී .එස් ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ධුරය සදහා පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නැති අතර මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගත වී ඇති හෙයින් ලහි ලහියේ පාර්ලිමේන්තුව කරා යාමට හට්ටි මුට්ටි කද මලු බැඳන් පිරිසක් සිටින බවට වාර්තා වේ.

එමෙන්ම මෙලෙස හිස් වූ තනතුර සඳහා පිරිසකගේ නාම යෝජනා වී ඇති බවටත් එකී නම යෝජනා අතරින් ගේ නම ඉහලින්ම තිබෙන බව එරන්ද වැලිඅංගේ අද සිය සමිපතම මිතුරන් සමග පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහගේ ආකර්ශනය දිනා ගත් තරුණයෙකු ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති ලෙස පත්ව සිටීම නිසා එජාප යොවුන් පෙරමුණ සමාජිකයින් බලවත් අපහසුතාවට පත්ව ඇත. මොහු මෙවර පක්ෂය බලයට ඒමට මාස 06කට පෙර ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුතුණුවන්ගේ තනියට ආ පුද්ගලයෙකි. මිනිසුන් 05 දෙනෙකු වත් පක්ෂ නායක රැස්වීමට ගෙන ඒමට නොහැකිව මුළු ගැන්වී සිටි මොහි අද කටයුතු කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගෙන බව ප්‍රසිද්ධ රහසකි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට ගෙන එමට කොළඹ මනාප වෙනස් කර ඇති බවට ජනතා මනාපයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වූ හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින අතර අවස්ථා ගණනාවකදි පරාජය වු මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු වු රනිල්ගේ හෙංචයියෙකුද නොමිලේ පාර්ලිමේන්තුවට යැමේ සුදානමක් ඇති බවද වාර්තා වේ.

කියවන්න –රනිල්ගේ නිදි යහනේ බලය ඇල්ලු වැලිඅංගේ යොවුන් පෙරමුණ කොලු පෙරමුණක් කරයි

Top