Featured

බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…

පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිමක් නිසා දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා. ඒ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකළ පිහිනුම් තටාකය රණවිරු අයිතියට පවරා දිමේ උත්සවයට සහභාගි වෙමින් තොරාගත් ආබාධිත රණවිරුවන් ආසන්නයට ගිහින් කතා කරමින් යන අවස්ථාවේ එක් රණවිරුවෙකු “අපිව බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…” යනුවෙන් කෑ ගසා ඇති අතර වහාම එම ස්ථානයට මැදිහත් වු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් ඔහුව නිහඩ කිරිමට කටයුතු කර තිබේ.

පසුව අදාල උත්සවය ආවරණය කල ජනාධිපති මාධ්‍ය අංශයේ විඩීයෝ කැමරාවල කැසට්පට පවා එම අවස්ථාවේම ඉවත් කිරිමට මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂකයන් කටයුතු කර ඇති අතර මහත් කලකිරිමට පත් මෛත්‍රී නිහඩවම එම ස්ථානයෙන් ඉවත්ව යැමට කටයුතු කර තිබේ.

පසුව උත්සව සභාව අමතමින් සිරිසේන පවසා සිටියේ 2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සටන් බිමේ යුදමය වශයෙන් පරාජය වුවත්, මේ රටේ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමට ඔවුන් තුල තිබූ මතවාදය ඒ තුල පරාජය නොවූ බවත් යුදමය වශයෙන් පරාජය වූ ත‍්‍රස්තවාදීන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටින බවයි.

Top