Featured

සජින්ගේ මැරයෝ ගාල්ල හොල්ලයි….පොලිසිය බුදි…”අපේ ලොක්කාටත් ලොකු කේලාම් කියන එවුන් ” ශාන් යන්න යයි…

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධි මහින්ද පිළේ සංවිධායකින් බිය වැද්දවිමේ මෙහෙයුමක් සජින් වාස් ගුණවර්ධන විසින් ආරම්භ කර ඇති අතර එයට ගාලු පොලිසියේද සහය ලැබි තිබේන බව අප ගාලු විශේෂ වාර්තාකරු අනාවරණයකළා.මැයි පලමුවැනිදාට ගාල්ලේ පැවැත්වෙන බෙදුම්වාදී මෛත්‍රී පිළේ මැයි රැළියට සහභාගි නොවි සිටිමටත් ඒ වෙනුවට ශ්‍රිලනීප සංවිධායකයන් ප්‍රමුඛව සමාජිකයන් කිරුළපනේදි පැවැත්වෙන මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයට සහභාගි විමට ගත් තින්දුවත් සමග මෙම මැර ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින්ගෙන් 99 % ක්ම මහින්ද රාජපක්ෂ හා සිටින බැවින් ඒ අය සහභාගි වන්නේ , මහින්ද රාජපක්ෂ සහභාගි වන කිරුළපනේ පැවැත්වෙන මැයි දින රැලියට බව මේ වනවිට ප්‍රාදේශ මට්ටමින් ශ්‍රිලනීප සංවිධායිකින් තහවුරු කර තිබේ.

ඊයේ රාත්‍රියේ ගාල්ල නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද ඉතා දරුණු ආකරයට තර්ජනය කර ඇති සජින්ගේ මැරයන් මැයි8 දිනයට සහය නොදැක්වූවහොත් අපහු කඩ කරලා ඉවරයි යනුවෙන්ද පවසා තිබේ.

ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 250ක්(සජින් කියන අකාරයට ) පිරෙන්න සෙනග ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පැවසු බව  අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එම අනාවරණය- බස්‌ 50 ක සෙනඟට සජින් සියලු චොදනා වලින් නිදහස් -මෙන්න යහපාලනය

මේ අතර ශ්‍රිලනීප මැයි දින කමිටුව හදිසියේම ගාලු දිස්ත්‍රික්කයේ සියලුම් පොලිස් නිළධාරින් ගෙන්ව ඔහුට උපදෙස් ලබාදි ඇත්තේ ගාලු මැයි රැලියට හැර ඒකාබද්ධ විපක්ෂයේ හෝ වෙනත් මැයි රැළි සදහා යන බස් රථ වහාම නතරකරන ලෙසත් ගාලු මැයි රැළියේ හැර වෙනත් රැළිවල පොස්ටර් හෝ කටවුට් දිස්ත්‍රික්කයේ කොතනකවත් දකින්නට නොතබන ලෙසත් ය.එම අවස්ථාවට දකුණු පළාත් මහා ඇමති ශාන් විජයලාල් ද සිල්වාද සහභාගි වි සිටියද ඔහුට වචනයක්වත් කතා කිරිමට ඉඩ නොතබා සජින් වාස් කල දේශනා හේතුවෙන් කමිටු රැස්විම අවසන් විමටත් පෙර ශාන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එම ස්ථානයෙන් යන ගමන් ශාන් පවසා ඇත්තේ “අපේ ලොක්කාටත් ලොකු කේලාම් කියන එවුන් “යනුවෙන් කියාගෙනය….

පසුගිය ආණ්ඩුවේ දුෂිතම ඇමතිවරයෙක්ව සිට මේ වනවිට සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු වී සිටින සජින් වාස් ගුණවර්ධන, මෛත්‍රීපාල වැනි කොන්දක් පන නැති නායකයෙකු හමුවේ ලොරී ටොක් ලබාදි ගාල්ල මැයි රැළියේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනිම සම්බන්ධයෙන් පසුගිය කාලසිමාවේ සජින් විවේචනය කරමින් සිරිසේන සමග බුදියගත් යහපාලන ගාලු අම්බරුවන් මේ වනවිට දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර මේ වනවිට මැයි රැළියේ සියලුම සංවිධාන කටයුතු සජින් භාරයේ තිබේන බවයි ප් වාර්තාකරු සදහන් කළේ.

සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු වී සිටින සජින් වාස් ගුණවර්ධන පසුගියදා මෛත්‍රී හමුවිමෙන් පසුව 2016 ආරම්භයේම මිළදිගත් පොළොන්නරුව ප‍්‍රදේශයේ හාල් මෝලක වැඩකටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති අතර හාල් මාෆියාවේ පියා වන සිරිසේනගේ මජර මල්ලි වන ඩඩ්ලි සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරිමට අවස්ථාව සලසා දි තිබේ.සජින් අම්බලන්ගොඩ සිට එක්වරම පොළොන්නරුවට සංක‍්‍රමණය වී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මළනුවන් වන ඩඞ්ලි සිරිසේන මහතාගේ ඇරයුම මත බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

පෑන් ඒෂියා (PAN ASIA), ලංකා ඔරික්ස් ලීසිං (LOLC) වැනි සමාගම්වලට කෝටි ගණනින් ණය පියවා නැති සජින් වාස් ඔවුන් බලාසිටියදීම කෝටි ගණනක මුදලක් යොදවා මෙම හාල් මෝල මිලදී ගෙන තිබේ.

 

Top