Featured

මහින්දගේ කාර්‍යාලයට පැන්න ඔත්තුකාරයා එජාපයෙන් ඡන්දය ඉල්ලලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බත්තරමුල්ල පිහිටි කාර්යාලය අසලදී සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි පුද්ගලයා 2015 මහා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාඩින කණ්ඩායම් අංක 5 නියෝජනය කරමින් තරගවැදි ඇති එම පක්ෂයේ මාසික පඩි ලැයිස්තුවේ සිටින මදුෂාන් නන්දලාල් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.ඔහු රාජ්‍ය බුද්ධි අංශය හේවත් SIS නාමය විකුණමින් මේ අකාරයට අවස්ථා ගණනාවක විවිධ වංචනීක ක්‍රියවන් අල යෙදි ඇති අතර පසුව එජාප මන්ත්‍රීවරුන්ගේ බලපෑම හරහා පොලිස් අත් අඩංගුවෙන් නිදහස් විමට කටයුතු කර තිබේන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ සුලු සේවකයෙකු ලෙස කටයුතු කර ඇති මොහු පසුව Green Blood හී සමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මැතිවරණ වලදි සක්‍රියව වැඩ කරන අයෙකු බවද අනාවරණය වි තිබේ.පසුව මැතිවරණ කටයුතු සදහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති ස්වාඩින කණ්ඩායම් අංක 5 හී අපෙක්ෂක්යෙකු ලෙසද නම්කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දින රැලිය සම්බන්ධයෙන් ඊයේ දහවල් විශේෂ සාකච්ඡාවක්‌ පැවැති අතර රෙණුක පෙරෙරා තමන්ට එන්නට කියු බව පවසමින් ඇතුලට පැමිණි මොහු මහින්ද රාජපක්ෂ මහතා පැමිණි වෙලාව දුරකතනය හරහා වෙනත් පුද්ගලයෙකුට පවසා තිබේ.මිට අමතරව දින කිහිපයක්ම මෙම පුද්ගලයා විවිධ පුද්ගලයන්ගේ නම් කියමින් කාර්යාලයේ වැඩ සදහා උදවු කිරිමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු තලංගම පොලිසියට භාරදීමට පෙර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශය මගින් ප්‍රශ්න කිරීම් කරන අතරවාරයේ ඔහුගේ ජංගම දුරකථනයට එම්. ආර්. ගියාදැයි විමසා දුරකථන ඇමතුම් ලැබුණු බවට ද හෙළි වී ඇත.පසුව අදාළ පුද්ගලයා ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට භාරදීමට කටයුතු කළා.

Top