#Chennal4 නාලිකාව විසින් හෙලිදරවු කළ පාස්කු ප්‍රහාරය පිටුපස කුමණ්ත්‍රණය හා ඒ හා සම්බන්ධ පුද්ගලයන්, සිදුවීම්, කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත් කළ යුතු බව කොළඹ අදරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි.
#Chennal4 නාලිකාවේ වැඩසටහන පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රහාරය සිදු වී ගතව ඇති වසර 4 ක කාලය තුළ ජනාධිපති විමර්ශන කොමිසමක් ඇතුළුව කොමිෂන් සභා 2 ක් හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු විමර්ශන කමිටුවක් ද පත් කළද ඒවා සියල්ලගෙන්ම අපක්ෂපාතී විමර්ශනයක් සිදු නොවූ පසුබිමක තවත් පාර්ලිමේන්තු කමිටුවක් අවශ්‍ය නොවන බවයි.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් හෙලි නොවු නිශ්චිත කරුණු දැන සිටීනම් එම කරුණු හෙලි කරන ලෙසද කාදිනල්වරයා පොලිසියේ සහ බුද්ධි අංශවල නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කොට ගෙන බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිවේදනයක් නිකුත්කර තිබෙනවා. අද (06) නිකුත්කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
“පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධව සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ (සැප්තැම්බර් 05) දින බ්‍රිතාන්‍යය වේලාවෙන් රාත්‍රී 11.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.35 ට පමණ) විකාශය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්.
මේ ‘මහා කුමන්ත්‍රණය’ පිළිබඳව අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදු කර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි චැනල් 4 රූපවාහිනි නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනි චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.
එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අප දුටුවා.
ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රට ම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයද මේ නිගමනවලට දැක්වූයේ ඉතා උදාසීන ප්රතිචාරයකි.
ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින් ද, මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නො සිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු.
එහෙයින් කඩිනමින් සිදු විය යුතු ක්‍රියාවලිය වන්නේ,
01. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද, පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලු වැදගත් කරුණු මෙන් ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ, නමුත්, මේ දක්වා නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු ය.
02. එම විමර්ශනය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.
03. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුළත් විය යුතුය.
04. එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන, සියලු නිළධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිටවිය යුතුය.
එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත්, තවමත්, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මාගේ ද සේවය මෙම විමර්ශනය නිමා වන තුරු අත්හිටවිය යුතුය.
ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටු කරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.
මේ අවස්ථාවේදී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණ නිශ්චිත කරුණු දැන සිටීනම් ධෛර්්යවන්තව ඒවා එළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසය.
අපගේ දේවස්ථානභාර සියලුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 8 වෙනිදා සිකුරාදා දින සියලුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස ය.
මේ සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩි. ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථනයේදීත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.
එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.
මේ සඳහා සහභාගී වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලුම කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.
මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරු හිමි
2023 සැප්තැම්බර් 6 වනදා
“කොළඹ අගරදගුරු මැදුරේදී ය”
PRESS RELEASE IN REFERENCE TO THE DOCUMENTARY AIRED ON
CHANNEL 4 TELEVISION NETWORK OF BRITAIN ON THE
2019 EASTER SUNDAY BOMB ATTACKS
It is known by now that the Channel 4 Television Network of Britain beamed a programme on 5th September 2023 at 11.05 p.m. British time (Sri Lankan time 3.35 a.m. of this morning) containing information, among other matters, of the Easter Sunday 2019 bomb attacks in Sri Lanka.
In the first place, we wish to express our gratitude to the Channel 4 Television Network of Britain for the interest and trouble it took to focus attention worldwide on this great plot of the Easter Sunday 2019 attacks about which we, as citizens of Sri Lanka, yearn continuously for Truth and justice through a clear and transparent investigation here into these sad events. It is for this that we who have been agitating without any success in the past. We thank all those who worked hard on this project of inquiry.
We wish to urge all our fellow citizens to focus their attention on the facts that have been spoken of in and through this programme and our concern is not to find fault with this Channel on its past relationship with this country but the content of their findings which are important for us. )
We noted how even before this programme was broadcast members of parliament of the government and the opposition in Sri Lanka expressed their views on matters that had been focused upon through this programme.
Among these, we note the notice given by the Minister Hon. Manusha Nanayakkara that a parliamentary select committee will be appointed to look into matters revealed by this programme on the Easter attack. We wish to note here that, inspite of the fact that from the day of these attacks, even though a parliamentary select Committee and a Presidential Commission of Inquiry as well as other Committees were appointed to investigate these sad events and many recommendations were made by them, there have been no credible and positive action by the political authorities over these recommendations. The present and the previous Government paid only lip service to such findings.
Truly we have to note with sadness that no tangible and credible results might emerge fromyet another such Parliamentary select committee if it is only a matter of producing a report. In that light, appointing such a select committee will only lead to a waste of public funds and time and be an exercise of simply misleading the public. For this reason, we do not endorse such a strategy and reject that plan outright.
What according to us needs to happen urgently is:
1) The holding of a free, impartial, just, transparent and broad based investigation into what the Channel 4 Television Network revealed in its programme, the alleged plot behind that tragedy and all facts and a study of the persons mentioned in that programme especially with regard to their role in this mass murder. And also, investigations should be carried out on the findings outlined in the various commission reports already presented and recommendations stated there need to be implemented fully.
2) This investigation should take place through an independent international investigation team,
3) That international team should be assisted by all those Sri Lankan officials of the CID whose services were originally sought by the government and who were transferred away from the investigations to other areas and posts by biased political authorities.
4) Since these fresh investigations need to be independent, all those officials who in the police and the intelligence services coming under investigation on this matter and who hold high positions presently should be suspended forthwith. Any such officials named in the Channel 4 programme should move out of their present high positions in order to ensure the independence of the inquiry.
Similarly, Mr. Nilantha Jayawardena, DIG of the Police presently holding the position of DIG administration and who had been found guilty by the Supreme Courts for culpable neglect of duties during the time of the Easter attacks and fined and Mr. Deshabandu Tennakoon DIG whose neglect of duty, during the same attacks, had been cited by the Presidential Commission of Inquiry for disciplinary action should both be suspended from service until the new inquiry is over.
We sincerely hope that all those requests will be faithfully carried out by the Hon. President and the Government of Sri Lanka. Unless such a transparent and sincere investigation is launched, we do not feel that truth and justice will be meted out to the innocent victims of the 2019 Easter attacks. We urge the President and the Government to launch such an investigation urgently so that their credibility with regard to justice for the victims will be safeguarded. We do not believe in mere promises, but we need action and action that is absolutely independent, transparent and internationally monitored.
We wish to urge all former and present day officials in the Police and Intelligence as well as Security Services who are aware of other facts that maybe relevant to the case, to come out courageously in order to give witness to facts known to them, relevant to the case.
We call upon all our dear Rev. Fathers to organize at Parish level on Friday the 8th September; the Birthday of our Blessed Mother Mary, special prayers in all our Churches at 6.30 p.m. and urge our flock to attend and pray for truth and justice in this matter. Special ceremonies will be held on that day at 6.30 p.m. at both St. Sebastian’s Church, Katuwapitiya presided over by His Lordship Bishop J D Anthony and at St. Anthony’s Church, Kochchikade, Colombo 13, presided over by His Eminence Malcolm Cardinal Ranjith, Archbishop of Colombo. Rosary and Benediction of the Blessed Sacrament will follow with the recitation of special prayers for
justice for the Easter bombing victims and our beloved motherland.
Cardinal Ranjith 6th September 2023
Archbishop of Colombo
Archbishop’s House, Borella, Colombo 08, Sri Lanka.
[doc id=30244]
[doc id=30247]