Breaking
23 Feb 2025, Sun

වැලි නැතුව බැට කන යහපාලන ඡන්ද දායකයෝ

පසුගියදා වැලි රාජු පොරෝ පහරක් කා මිය ගියද තවමත් පොළොන්නරුවේ වැලි අර්බුදයට විසදුමක් ලැබි නැති බව පොළොන්නරුවේ ජනතාවගේ අඳෝනා හේතුවෙන් මනාව පැහැදිලි වේ.දහසකු බලාපොරොත්තු පොදි බැදන් තමන්ගේ ප්‍රදේශයේ මිනිහෙකු ජනපති කලද ඔහු මනුස්සකම් නොදන්නා බව දැන ගන්නා විට සියල්ල සිදු වි හමාර බව දැන් ජනතාවට වැටහි තිබේ. වැලි තහනම් හා වැලි මාෆියාව හේතුවෙන්  අසරණ ප්‍රදේශවාසියෙක් තමන් මුහුණ දි සිටින අසීරුතාව පිළිබඳව lankanewsweb.today@gmail.com විද්යුත් තැපෑලට යොමුකර තිබේ.

~~ අසරණ ප්‍රදේශවාසියාගේ සටහන~~

පොලොන්නරුව ප්‍රදේශවාසියෙක් ලෙස මා මෛත්‍රී මහතාට ජන්දය පවිච්චිකලේ එතුමා විශේෂයෙන්  පොළොන්නරු ජනතාව ගැන සිතනු ඇත කියාය.එහෙත් දැන් එතුමා පත්වූ  සැනින්ම වාර්තාවක් සකසනතෙක් පොලොන්නරුව ප්‍රදේශයේ වැලි ගොඩදැමීම හා ප්‍රවාහනය තහනම් කර ඇති නිසා මාස ගණනක සිට අප පත්ව ඇත්තේ ඉතා අසරණභාවයකටය.

මා හට මාගේ නිවාසේ කටයුත්තක් සදහා මාස ගණනාවක සිට වැලි ලබාගැනීමට උත්සහ කලද මේ වනතෙක්ම එය නොහැකි උනි. වැලි ප්‍රවාහනය කර අසුවුවහොත් දඩය රු 50000 ක් වන නිසා කිසිවකු වැලි ගෙනෙන්නේ නැත. පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල වැලි තහනම් කලේ එයට කිසිදු විකල්පයක් නොමැතිවය. පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරාම බොහෝ ඉදිකිරීම් මේ නිසා නවතා ඇත. ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ වුවද අප පත්ව ඇත්තේ මෙවන් තත්ත්වයකටය. මේ පිළිබඳව තොරතුරු සොයාබලා රජය සහ ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ලිපියක් පලකරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට අසරණ ප්‍රදේශවාසියෙක්

LNW විශේෂ වාර්තාකරුගේ සටහන…..

පොළොන්නරුවේ වැලි ඒකාධිපතියා ලෙස කටයුතු කල වැලි රාජු නොහොත් ප්‍රියන්ත සිරිසේනට පොරෝ පහරක් එල්ල විමේන් මරණයට පත්වු පසු අනාවරණය වු කරුණු කිහිපයක් තිබේ.ඉන් ප්‍රබලම කරුණ වුයේ පොළොන්නරු දිස්ත්‍රික්යේ වැලි ගොඩ දැමිම සහ ප්‍රවාහන සදහා ලබාදුන් අවසරපත් සදහා නිල මුද්‍රා තබා ඇත්තේ වැලි රාජු විසින් වන අතර ඊට අදාළ නිල මුද්‍රා සියල්ලම රාජුගේ මරණයෙන් පසුව පොලිස් භාරයට ගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.