විශේෂයෙන්, සංහිදියාව සහ ප්රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.
“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්රජාතන්ත්රවාදය යලි නගාසිටුවීම, ප්රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය.”යනුවෙන් ද එම ලිපියේ සඳහන් කර තිබේ.