Breaking
23 Feb 2025, Sun

අනුරගේ රේද්ද ගැලවෙයි – කුමාර් ගුණරත්නම්ට සත්‍යාගාරයේ දොර වහයි

දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකරන බවට පවසමින් මහින්ද රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයාට පහරදිමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පොත්ත සුදු ටොයියා වන උපුල් ශාන්ත සන්නස්ගල සත්‍යාගාරය නමින් අමුම අමු පචගාරය ආරම්භ කල බව එම වැඩසටහන ආරම්භයේ සිටම නැරඹූ කිසිවෙකුටත් අමතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැත.

ඊයේ සත්‍යාගාරයට එන්නට සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාය ඔහු හරහා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂගේ සුදු වැන් සහ මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් කතා කිරිමට සිටි අතර එම සාකච්ඡාව හරහා කුමාර් ගුණරත්නම් පැහැර ගැනිමට කටයුතු කල වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩීල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක කල මෙහෙයුමද අනාවරණය කර තිබේ.කුමාර් ගුණරත්නම් පැහැර ගැනිමට තැත් කරමින් ඔහුන් භිය වැද්දු අනුර  අන්තිමට කූපක්‍රට ආකාරයට ජවිපෙ නායකත්වයට රිංගා ගැනිමට සමත් විය.

එම අනාවරණය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල රනිල්ට පවසා තිබෙන අතර රනිල් එය අතකොලුවක් කරගනිමින් ජවිපෙට තරු පෙන්වා තිබේ.

වැඩසටහන හරහා අනුරගේ හෙලුව රටට හෙලිවෙන බවත් එම හේතුවෙන් ජාතික විධායක සභාවේ සිටිම සහ එක්සත් ජාතික පක්ෂය විවේචනය නොකිරිමටත් තින්දුවක් ගන්නේ නම් එම වැඩසටහන නතර කරන බව රනිල් අනුරට පොරොන්දුවක් ලබාදි තිබේ.

ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් ජනාධිපති සහ අගමැති ඊයේ  (02) පැවැති විධායක සභාවේ දී එකඟ වූ බවත් එම පොරොන්දු ඉටු වන තෙක් බලා සිටින බවත්, ඒවා ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි පියවර ගැන සලකා බලන බවත් යනුවෙන් රටේ ජනතාව සහ පක්ෂයේ සමාජිකයන් ගොනාට අන්දවා  අනුර කුමාර දිසානායක ටොම් පචයක් ඇද බැවා.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස වහාම ස්වාධීන රූපවාහිණි සභාපති ධම්මික ගංගනාත් ගෙන්වා වහාම කුමාර්ගේ සත්‍යාගාරය නවතා දමන ලෙසට නියෝග ලබා දි තිබේ.

ජනවාරි 9 වැනිදා දැන් අපි ස්වාධිනයි කියමින් යහපාලන මැතිවරණ කැම්පෙන්  සමයේ රාජපක්ෂ ජනාධිපතිවරයාට නිදිත ආකාරයට අපහාස කළ වන්දි භට්ටයන් ස්වාධීන රූපවාහිනියේ මහා ගේදරට වැද්දා ගත් රනිල්ගේ ගංගානාත් අන්තිමට අවසාන කාලසිමාවේ සේවයට ගෙන් සිටි 200කට අධික සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කොට ඔහුන් එකසත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයට බදවා ගැනිමෙන් පසුව නැවත සේවයට බදවාගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.