Breaking
23 Feb 2025, Sun

වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුකාරකය  වන ඉතා විෂ රසායනික ද්‍රව්‍යයක් වන ‘ග්ලයිපොසෙට්’   ගෙන්වීම ජනාධිපති සිරිසේන පහුගිය මැය් 22 දා තහනම් කරන්නට දින දෙකකට පෙර සිරස නාලිකාව අයිති මහාරාජා සමාගම ලහි ලහියේ ‘ග්ලයිපොසෙට්’ කන්ටෙනර් 15 ගෙන්වීය. 

මෙම ‘ග්ලයිපොසෙට්’ ප්‍රමානය සමාගමක් විසින් ලංකා ඉතිහාසයේ ගෙන්වූ විශාලතම ‘ග්ලයිපොසෙට්’ තොගයය්. ඒ අවුරුදු ගනනාවකට ප්‍රමානවත් ‘ග්ලයිපොසෙට්’ තොගයකි.

මේ අනුව ජනාධිපතිගේ තහනම් නියෝගය නිකුත් කිරීමට පෙර කවුරුන්හෝ මහරාජා සමාගමට එම පණිවිඩය ලබා දී ඇති බව පැහැදිලිය.

තහනමින් දින දෙකකට පසු මෙම කන්ටේනර් තොගය රේගුවට රජයේ ප්‍රබලයෙකු විසින් බල පෑම් කොට නිදහස් කරන ලදී.  හිටපු රේගු ප්‍රධානී ජගත් විජේවීර ඉල්ලා අස්වුයේ මෙයට විරෝදය පෑමටයි. 

ජනාධිපති තහනම් කලේ ගෙන්නීම මිස බෙදා හැරීම නොවේ. කොහොමටත් තහනම කටින් පමනි. ගැසට් කොට නැත.

ඒ අනුව ජනාධිපති තුමාට පිංසිද්ධ වෙන්න ලබන වසර 10 ටම ලංකාවේ ග්ලය්කොෆේස්ට් බෙදාහරිය හැකි එකම සමාගම මහාරාජ ආයතනයයි.

කොහොමද බිස්නස් මොලේ ?

මේකත් එක්ක බැලුවම මහ බැංකු බැඳුම්කර  වංචාව හොඳය් නේද ?. අපේ රටේ අලුත් නායකයෝ මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත එක්ක නේද ?.

විශේෂ ලියුම්කරු 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.