Breaking
22 Feb 2025, Sat

ජවිපෙ අනුර කුමාර දිසානායක, හෙළ උරුමයේ පාඨලි චම්පික රණවක මෙන් ම එජාපය ද දින සියයේ වැඩපිළිවෙළින් දින 40ක් පමණ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව වටා රැස් වී උඩු බිරීමට ගත කළෝ ය. එහි ගනුදෙනුවල මහා දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට සපථ කළේය. මේ පිළිබඳ එහි හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන අතර ගමන් බලපත්‍රය ද රඳවා තබා ගෙන කලකින් නිදහස් කර ඇත. 

එහෙත් නැවත කරලියට පැමිණි අනුර කුමාර, අපරාධකරුවන්ට දඬුවම් දීම සිදු නොවන බවත්, නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීම පිටුපස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු ඇමති තිලක් මාරපන සිටින බවට සිංහනාද කළේ ය. කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් නො ලැබෙන බවත් ඒවා ගණන් නොගත යුතු බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගැනීම ප්‍රමුඛ වගකීම බවත් කියා දින කිහිපයකින් ඒ කටින් ම මේ ප්‍රකාශය අපට අසන්නට ලැබිණි. 

මේ අනුව යහ පාලන ආණ්ඩුව දිගින් දිගට ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතු කරන බව ය. අගවිනිසුරු පහ කිරීම මෙන් ම නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය නැවත ලබා දීම ද සිදු කරන්නේ නිසි අධිකරණ ක්‍රියා මාර්ගවලින් නොවේ. එහෙත් මේ නාටකයේ වඩාත් හාස්‍ය ජනක කොටස නම් එවැනි වරදක් සිදු නොවූ බව ප්‍රකාශ කරන නිශ්ශංක සේනාධිපති මෙන් ම විජේදාස රාජපක්ෂ ද ඒ පිළිබඳ අනුර කුමාරට විවාදයකට අභියෝග කළ විට, අර චෝදනා කළ සිංහ නාදය කැනහිල් කෙඳිරියක් බවට පත්ව පළා යෑම ය. 

මේ පිළිබඳ අනුර පවසන්නේ ඇවන්ගාඩ් මුදලාලි සමඟ තමාට විවාදයක් අනවශ්‍ය බව ය. ඔහු නිශ්ශංක සේනාධිපතිට මුදලාලි යැයි කීවේ උපහාසයට විය යුතු ය. එහෙත් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා මේ රට වෙනුවෙන් සේවය කළ හමුදා සෙබලෙකු බව ද අමතක නොකළ යුතු ය. අනෙක් අතට ඔහු සිය ව්‍යාපාරය මගින් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන්ට රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කර, රටට විදේශ විනිමය රැගෙන එන ව්‍යවසායයෙකු වන අතර අනුර කුමාර මෙරට ජාතික දේපළ ගිනිබත් කළ අතීතයක් සහිත පක්ෂයක වර්තමාන නායකයා පමණි. 

සිය නායක සහෝදරයා විවාදයෙන් පළා යෑම පිළිබඳ ටිල්වින් සිල්වා පවසන්නේ අනුර කරන චෝදනා බොරු නම් කිසිවෙකු කලබල විය යුතු නැති බව ය. අනුරලගේ කෙප්ප ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය මින් පැහැදිලි වෙයි. කිසිදු පදනමක් නැති පට්ටපල් බොරු චෝදනාවලින් හුස්ම නොගෙන ඇස් දෙක නළලේ තියා ගෙන සිය විරුද්ධවාදීන්ට පහර දීම එම ක්‍රමවේදයයි. මේ චෝදනා අසත්‍ය නිසා ඒ චෝදනා එල්ල වන අය බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවේ යැයි සිතා නිහඬව සිටිති. අශූචි නා පැමිණි හිවල්ලු සමඟ සටනට නොයන සිංහලයෝ ජයග්‍රහණය හිවලුන්ට ලබා දී පසුබසිති. එහෙත් මේ බොරු උදේ හවස මාධ්‍යවලින් ෆේස්බුක්වලින් ජනතාව අතරට යන අතර මුල දී විශ්වාස නොකළ ද කෙමෙන් ඒවා ජනතාව පිළිගනිති. ගින්නක් නැතිව දුමක් නො නගිතියි සිතන ජනතාව ටික ටික අර කෙප්ප යාන්ත්‍රණයට ගොදුරු වෙති. 

විජේදාස රාජපක්ෂ පවසන පරිදි අනුර ලා එදා මහින්ද රාජපක්ෂට විරුද්ධව ද මෙවැනි පට්ට කෙබර ඇද බෑ අතර ජනතාව ඒවා දොහොත් මුදුන් දී පිළිගත්හ. දැන් ඒ චෝදනා කළ මෙගාඩීල් හොරකම් නොව සිදු වූ රට ම දන්නා ඇතැම් දූෂණ අක්‍රමිකතාවලට හෝ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරනු වෙනුවට යහ පාලන ආණ්ඩුව අරලිය ගහ මන්දිරයේ මල් පෝච්චි ගම්පහ රැගෙන යමින් රටට විහිළු සපයයයි. 

කාලයක් තිස්සේ අනුර කුමාර ලා මහින්ද ආණ්ඩුවට එරෙහිව ගෙන ගිය ගොබෙල්ස් ප්‍රචාරණය සහ ඊට නිසි අවස්ථාවේ ප්‍රතිචාර නො දැක්වීම මහින්ද ආණ්ඩුවේ පරාජයට හේතු විය. කෙසේ වුව ද අනුර කුමාරලාට තව දුරටත් මේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැත. නිසි අවස්ථාවේ සියලු චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු ය. එමගින් සියල්ල දූෂිත හෙයින් කිසිවකට දඬුවම් කළ නොහැකි යන මතය ඔස්සේ අපරාධ සාමාන්‍යකරණය වීම නිසා ඇති වන බරපතළ සමාජ පරිහානිය වළක්වා ගත යුතු ය. එමෙන් ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුම ය.

~~නාමල් උඩලමත්ත~~
යුතුකම සංවාද කවය 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.