LNN SPY

ඊළාම් භූමියේන් අනතුරු ඇඟවීමක්!

ඊළාම් භූමියේ ඉඩම් ආක්‍රමණය නතර කල යුතු බවත්  එසේ නොමැතිවුවහොත්, පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජයට එරෙහිව සිදුකල ජනතා අරගල මෙන් මෛත්‍රීපාල සිරිසේනගේ රජයටත් එරෙහිව අඛණ්ඩව ජනතා අරගලයක් කිරිමට දෙවරක් නොසින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පැවසු බව දමිළ වෙබ් අධවි සදහන් කරයි.

“දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීම හේතුවෙන් දැඩි ප්‍රතිවිපාකයක් ඇතිවන බව යලි පදිංචි කිරීම් අමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇත්තෙමු. එබැවින්, මේ බව රජය අවබෝධ කරගෙන කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. පසුගිය රජය මීටපෙර දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් ආක්‍රමණය කර තිබේ.”

දෙමළ ජනතාවගෙන් කිසිදු අනුමැතියක් නොමැතිව බලහත්කාරයෙන් මෙම ඉඩම් ආක්‍රමණය කර විශේෂයෙන්, මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුවෙයාරු සහ යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි නැගෙනහිර යන ප්‍රදේශයන්හි ඇති ඉඩම් ආක්‍රමණය කර ඇත. හමුදාවේ අවශ්‍යතාවය බවට ප්‍රකාශ කර, හමුදාවේ සහයෝගය ඇතිව මිනින්දෝරු නිලධාරින් විසින් මෙම ඉඩම් මැනීමේ කටයුතු වල නිරතවී සිටියි.

එබැවින්, මෙවැනි කටයුතු නව රජයත් නතර කල යුතුය. එය සිදුනොකර, නව රජය අඛණ්ඩව ඉඩම් ආක්‍රමණය කිරීමේ කටයුතු වල නිරතවුවහොත්, මෙම නව රජයටත් එරෙහිව ජනතා අරගල සිදුකිරීමේ තත්වයක් උද්ගතවන බවට අනතුරු අගවන්නෙමු” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top