Breaking
19 Feb 2025, Wed

උතුර ගිනි තියන්න ආණ්ඩුවේ සුදානමක්! අත්අඩංගුවේ සිටි හිටපු LTTE සාමාජිකයින් අධිකරණයට නොගෙනම මුදාහැරලා!

උතුරු – නැගෙනහිර දමිළ ජනතාව භීතීයට පත්කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත්ව තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.යුද්ධයෙන් පසුව පුරුනුප්තාපනය වි විවිධ රැකියාවන් හී යෙදෙන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වලට කොළඹ බුද්ධි අංශ හිරිහැර කර ඔහුන් කුපීත කරවිමේ මෙහෙයුමක හමුදාවේ බුද්ධි අංශය නිරතව සිටින බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළෙ.

මීට මාසයක පමණ කාලයක පමන සිට කොළඹ සිට පැමිණී හමුදාවේ බුද්ධි අංශයේ කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ග්‍රාමීය නිලධාරීන් කිහිප දෙනෙකුට උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සිටින ස්ථානය පිළිබඳ ගැඹුරු තොරතුරු සපයන ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.

අධිකරණය මගහැර නිදහස් කලේ ඇයි!

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා යුධ හමුදාවේ අත්අඩංගුවේ සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් පසුගියදා අධිකරණයට ඉදිරිපත් නොකරම නිදහස් කර තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. ඒ ආකාරයට රහසේම නිදහස් කල එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිස ඔත්තුකරුවන් ලෙස යොදවා තිබේන අතර ඔවුන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා පොලිසිය දෛනිකව වාර්තා ලබා ගැනිමට කටයුතු කරමින් සිටි. අදාළ ඔත්තුකරුවන් හමුදා-පොලිස් බලය සියතට ගෙන සමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් කටයුතු කරන බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කලේ. එම කණ්ඩායම හරහා නැගෙනහිර පළාතේ නොසන්සුන්තාවයක් ඇති කිරිම හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම වි තිබේ.

Right to reply…
desman@ejournalistlk.co.uk
editor@lankanewsnetwork.org
Lanka News Network Uncensored News Of The Sri Lanka Regime

“තාත්තා වගේම පුතාලත් කොටිද දන්නේ නෑ”

මිට අමතරව හමුදාවේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයින් කොක්කඩිච්චෝලේ ඇතුලු ප්‍රදේශ කිහිපයකම ගෙයින් ගෙට ගොස් නැවත එක්වූ සාමාජිකයින්ගේ සේවා ස්ථානය, ඔවුන්ගේ දුරකථන අංක, සේවා යෝජකයාගේ විස්තර පිළිබඳව පවුල්වල අයගෙන් විමසා ඇත.

හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ රැකියා ස්ථානය සහ ඔවුන්ගේ වැඩ චර්යාව වැනි ක්‍රියාකාරකම් පිළිබඳව නිතිපතා දැනුම් දෙන ලෙසටද ග්‍රාම නිළධාරීන් සහ රැකියා ආයතන ප්‍රධානින්ට නියෝග කර තිබේ.

කෝආරලෙයිප්පත්තු (කිරාන්) සහ පෝරතීවුප් පත්තු (වෙල්ලාව-වැලි) කොට්ඨාශවල ද මෙවැනිම නිරීක්ෂණ මෙහෙයුම් වාර්තා වී ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල සතුටුදායක රැකියා අවස්ථා හිඟ බැවින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර සිටින ආබාධිත පුද්ගලයන්ට පවා රැකියා සොයා ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවලින් බැහැරට යාම පිළිබඳව සැක පලකර ඇති බුද්ධි අංශ සාමාජිකයන් රැකියා සදහා පැමිණෙන අයට ග්‍රාම නිලධාරීන්ගෙන් යම් ආකාරයක “චරිත සහතිකයක්” ලබා ගන්නා ලෙසටද නියෝග කර තිබේ.

තරුණ තරුණියන් සිටින පවුල් විශේෂයෙන්ම ඔවුන්ගේ නිවෙස්වලට පැමිණෙන සොල්දාදුවන්ගෙන් විමසීම් සහ වාර්තා කිරීම් යම් ආකාරයක තැතිගන්වන සුලු වන අතර “තාත්තා වගේම පුතාලත් කොටිද දන්නේ නෑ” යනුවෙන් සිංහලෙන් බුද්ධී අංශ සමාජිකයන් උසුලු විසිලු කිරිම හරහා තරුණ/තරුණියන් දැඩි ලෙස පිධනයට ලක්ව සිටින බවයි උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළෙ.

බලය බෙදීම සම්බන්ධයෙන් දකුනේ බොරු මාධ්‍ය සංදර්ශන දමන දකුණේ රනිල් – රාජපක්ෂ රජය මුහුණ දි සිටින දේශපාලන අර්බුදය හමුවේ උතුරේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර ඒ හරහා දේශපාලන වාසී ලබාගැනිමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව දැන් ඉතාම පැහැදිලිය.ඒ සදහා නැගෙනහිර පළාත තුල ද්‍රවිධ,සිංහල,මුස්ලිම් යන ජනවර්ග තුනම මිශ්‍රව ජිවත් වන අතර ඔහුන් අතර සැක සංකා මතුකිරිම හරහා නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කිරිම දකුණේ අසාර්ථක ආණ්ඩුවේ උත්සහය වි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.