Breaking
11 Sep 2025, Thu

මේ යන්නේ කොයි පාරේ! ජිනීවා යන්න බයේ NGO ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගලවයි! රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය අභියෝග රැසක් අභියස!

ජිනීවා අභියෝගයට මුහුණ දීම සඳහා කාර්යාලය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ගැලවයි! රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය! ප්‍රථම වරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කෙරේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, වෙනත් අමාත්‍යංශයක් යටතට පත් කළ යුතු බවට වන, රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑමට වර්තමාන ආණ්ඩුව විසින් එම ආයතනය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යංශයය යටතට පත්කිරීම සඳහා තීරණය කර ඇත.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය මේ සදහා නායකත්වය සපයමින් සිටින්නේ එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මේම තීරණය ඔස්සේ යම් ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට හැකිවෙතැයි රජයේ විශ්වාස කරන නිසාය.

මෙහි ඇති පුදුම සහගත බව වන්නේ රාජ්‍ය නොවන සංවිධාන නිසි අධීක්ෂණයක් යටතට පත් කළ යුතු බවට නිර්දේශ 27 කින් යුතු වාර්තාවක් 2006 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමයි.

ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාව පහතින් කියවන්න …

මේ අනුව රජය වටා ගොනුවී සිටින ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් යැයි පෙනී සිටිමින් මෙරට අහිංසක ජනතාවගේ ගැටළු විසඳීමට යැයි පවසමින් හා ප්‍රජාතන්ත්‍රවාදය, ආන්tතීකරණය හා සංහිඳියාව වැනි විෂයන් සම්බන්ධයෙන් ඇති ගැටළු හුවා දක්වමින් විදේශ රටවලින් ලබාගන්නා විශාල ධනස්කන්ධය තමන්ගේ සුඛ විහරණයට භාවිතා කිරිමට ඇති ඉඩකඩ පුලුල් කර ගැනීම සදහා දුර්වල අධීක්ෂණයක් සහිත අමාත්‍යංශක් යටතට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යල පත් කර සඳහා ඔවන් විසින් අඛණ්ඩව දරණ ලද ප්‍රයත්නයේද ජයග්‍රහණයක් වනු ඇත.

මෙම තීරණය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම නියෝජිතයන් සතුට පළ කර සිටියේ “අපිට දැන්වත් නිදහසේ වැඩකටයුතු කරගන්න පුළුවන් වේවී” යැයි සඳහන් කරමිනි.

අනෙක් පසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරගෙන යනුු ලබන මුදල් විශුද්ධික්කරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වූ ජාතික වැඩපිළිවෙලේ විශාල කාර්යභාරයක් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට පවරා ඇති මොහොතක, ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් සිටින මොහොතක මෙසේ එම කාර්යාලය වෙනත් අමාත්‍යංශයක් යටතට පත්කිරීම තුල එම වේගවත් වැඩපිළිවෙල අඩපණ වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම කිරීමටද මෙයින් විශාල බලපෑමක් සිදුවිය හැක.

එම ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමක්, නිරන්තර හා අඛණ්ඩ අධීක්ෂණ ක්‍රියාවලියක් හදුන්වා දීමත් , අරමුණු වලින් බැහැරව කටයුතු කරන, හා කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවන රාජ්‍ය නොවන සංවිධාන අහෝසි කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන ඉහත කෙටුම්පතට ඇතුළත් කර ඇත. එය රටේ නීතීය හා විධානය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් වනු ඇත.

බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වල එකම පවුලේ සාමාජිකයන් ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලද නියෝජනයය කරයි.ලැදියාවන් අතර ගැටුම් බොහෝමයක් සහිතව ක්‍රියාත්මකවේ. එසේ හෙයින් රාජ්‍ය නොවන අංශය ඒවායින් මුදා ගැනීම සඳහා පසුගිය කාලය තුළ නව නිර්ණායක හා ප්‍රායෝගික අධීක්ෂණ පටිපාටි හඳුන්වා දී ඇති අතර, ඒවාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගද ගෙන ඇත.මෙම තීරණය තුලින් එම ක්‍රියාවලි ලිහිල් වීමක්ද සිදුවනු ඇත.

රජය විසින් මෙම තීරණය ගැනීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ද කැඳවා ඔවුන්ගේ අදහස් ද ලබාගෙන ඔවුන්ගේ ද අදහස් සහ යෝජනා සලකා බලා මෙම තීරණය ක්‍රියාත්මක කිරීම හෝ වෙනස් කිරීම රටේත්, මහජනතාවගේත් සුභ සිද්ධිය වනවා සේම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද රුකුලක් වනු ඇත.

මාස හයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවැති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රෙජිස්ටර් තනතුර සඳහා එම කාර්යාලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ලසඳමාලා මුහන්දිරම්ගේ මහත්මිය පත් කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ප්‍රථම උපාධිය මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද සම්පුර්ණ කල රාජ්‍ය සේවය තුළින් නිකැළැල් සේවා ඉතිහාසයක් ඇති නිලධාරිනියක්ද වේ.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වසර තුනකට අධික කාලයක් පළපුරුද්ද ලබා ඇති ඇය මෙම අභියෝග සඳහා සංයමයෙන් හා උපක්‍රමශීලීව මුහුණ දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේය.

කරුණු කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය නිසි නියාමනයකට හා අධීක්ෂණයකට යටත්ව පවත්වා ගෙන යාම රටට හා මහජනතාවගේ යහපතට හේතුවනු ඇති බව පොදු පිළිගැනීමයි.

Interim_Report_NGO

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *