Published on: Jun 26, 2015 – බංගලාදේශය ඇතුලු රටවල් කිහිපයකම සිට ජයටම කෙරිගෙන යන කලූ සල්ලි ශ‍්‍රී ලංකාවේ සුදු කිරිමේ කුමන්ත්‍රණය පසුපස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ සම්බධයක් පවතින බවට බංගලාදේශය වෙබ් මාධ්‍ය අනාවරණය කර තිබෙන අප බංගලාදේශ විශේෂ වාර්තාකරු සදහන් කළා.බංගලාදේශයේ දේශපාලඥයින් එහි තිබෙන කලූ සල්ලි ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන බවට බංගලාදේශයේ ඬේලි ස්ටාර් පුවත් පත පසුගියදා වාර්තාකර තිබු අතර එම මුදල් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ රජය මැදිහත්ව සිදුකරන විවිධ අයෝජන කටයුතු සදහා යොදවන බවද එම වාර්තා පෙන්වා දි තිබුනා.

බංගලාදේශයේ දේශපාලඥයින් වසර ගණනාවක සිටම ලොකයේ රටවල් ගණනාවකම මෙම කලු සල්ලි ශෝධනය කරගෙන ගොස් තිබුනු අතර ගෙවුනු මාස 3ක පමණ කාලය තුල ඉතා විශාල වශයෙන් කලු සල්ලි ලංකාව තුල ආයෝජනය කිරිම හරහා එවා නියම මුදල් බවට පත් කරගෙන තිබේ.මෙම මුදල් ආයෝජනය කිරිමේදි භාවිතාකරන ක්‍රමවේදය ඉතා වාසිදායක වන බැවින් යම් දේශපාලන මෙන්ම ආර්ථික හැකියාවක් සහිත පුද්ගලයන් මෙම කලු සල්ලි ශෝධනයට එක් වන බවද එම වෙබ් අධවි අනාවරණය කර තිබේ.

සමාන්‍යයෙන් 3:1 අනුපාතයකට මෙම මුදල් අයෝජනය කරන අතර එනම්…කලු සල්ලි 3ක් වෙනුවෙන් අදාල රටේ නියෝජිතයාගෙන් ලබාගනු ලබන්නේ 1 කොටසකි.මේ වන විට ලංකාවේ ආයෝජනය කර ඇති මුදල නිශ්චිතව පැවසිමට නොහැකි වුවද එය අමෙරිකානු ඩොලර් බිලියන 2ක් ඉක්මවා ඇති බව පමණක් සදහන් කල හැකි බවද ඔහුන් වාර්තා කර තිබේ.

මීට අමතරව බංගලාදේශයේ දේශපාලඥයින් බි‍්‍රතාන්‍යය ඇමෙරිකාව  ඕස්ටේ‍්‍රලියාව සිංගප්පුරුව අරාබි රාජ්‍යය තායිලන්තය නේපාලය සහ මොරිසියස් යන රටවලද බංගලාදේශයේ කලූ සල්ලි අයෝජනය කරයි.

Top