Published on: Dec 02, 2017 – ලබන සතියේ මුල් දින කිහිපය තුල ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව  වීරකුමාර දිසානායක මහතාට නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර ඇති බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ජාතික නිදහස් පෙරමුණ සමග සම්බන්ධ වි මහින්ද සුලග නිර්මාණය කිරිමේ විමල් පිලේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කල අතර මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සංහිඳියාව වෙනුවෙන්ද බර කරට ගෙන කටයුතු කල අයෙකු වනවා.

පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා එකඟතාව ඇති කිරිමට උත්සහ කලද ඇතැම් අන්තවාදීන් එම එකඟතාව කඩා බිදදමා තනිවම විවිධ පෙරමුණු ඔස්සේ තරග කර ශ්‍රිලනිපය දුර්වල කර 2020දි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවිමට කටයුතු කරමින් සිටිම පක්ෂය සහ ඒකාබද්ධය අතහැර යැමට ප්‍රධානම හේතුව වි තිබේ.

Published on: Dec 01, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර නව පෙරමුණක් ලෙස තරග කිරිමට ගත් උත්සහයන් සියල්ලම ඇතැම් කඩාකප්පල්කාරින් විසින් විනාශ කිරිමට කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් චොදනා කරනවා.

පක්ෂය දෙකඩ කරමින් පළාත් පාලන මැතිවරණයට නායකත්වය දිමට ඒකාබද්ධයේ ශ්‍රිලනීප නායකයන් කටයුතු කරන්නේ නම් ඒකාබද්ධයෙන් ඉවත් වි මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටු නියෝජිතයන් ඉතාම රහසිගතව සිදුකරන සාකච්ඡා ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන නමුත් එම එකඟතාවන් වලට ශ්‍රිලනිපයේ නොවන ඇතැම් ඒකාබද්ධ නියෝජිතයන් විවිධ කරුණු සහ අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයාට ඉල්ලිම් ඉදිරිපත් කරමින් එම එකඟතාවන් බිද දැමිමට කටයුතු කරන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් සදහන් කර ඇත්තේ.

මෙහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය දෙකඩ නොකර කටයුතු කිරිම සදහා අවශ්‍ය සහය ලබාදිමට කටයුතු කලද ශ්‍රිලනිපයේ ගමනක අවසානය දැකිමට ආසාවෙන් පෙලෙන ඇතැම් අන්තවාදි දේශපාලන කණ්ඩායම් හිටපු ජනාධිපතිවරයාටද බලපෑම් කරන බවද එම ජ්‍යෙෂ්ඨයන් සදහන් කර තිබේ.

ඉදිරිදින කිහිපය තුලදි එම එකඟතා ඇති කර ගැනිමට හැකියාවක් නොලැබි යන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනිම සදහා ඒකාබද්ධයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට සහය දිමට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම තින්දුවක් ගෙන ඇති අතර කොරියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගද ඔහුන් දුරකතනය ඔස්සේ සාකච්ඡා වල නිරත වි ඇති බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

Published on: Dec 01, 2017 – වස විස නැති රටක් හදන්න ගොස් ජනතාව ඉදිරියේ කුජිතව ගොස් චම්පිකගේ අගමැති සිහිනය වෙනුවෙන් වැඩ කරන්නට ගොස් පාඨ්ළී චම්පිකගේ රාජ්‍ය උදහසට ලක්ව අනාථ වි සිටින යහපාලන ස්වාධීන රතන හිමියන් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය වටේ කැරකැවෙමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජාතික හෙළ උරුමය එජාපයට විකුණමින් චම්පික රණවක රනිල් සමග දිග යැමත් සමග හෙළ උරුමයේ අංගවිකල ඇම්බැට්ටයන් කිහිපදෙනකු එකතු කර ගනිමින් වෙනත් පක්ෂයක් අටවා ගැනිමට රහසේම කටයුතු කරමින් සිටින රතන එම පක්ෂය පොහොට්ටු පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයට තරග වැදිමට සිටින ශ්‍රි ලංකා ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමග එකට එක්වි තරග කිරිමට එකතු කර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

පොහොට්ටුවේ නායකයින් රහසේම හමුවු රතන හිමි චම්පික අමාත්‍යවරයා,අගමැතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති අතර 2020දි රනිල් ජනපති කර චම්පික අගමැති විමට සිහින දකින බවත් තමන් මහින්ද යලි ජනාධිපති වුනත් රනිල්ට කිසිම දිනක මේ රටේ ජනාධිපති විමට ඉඩ නොදේන බවටද පොර ටොක් දි ඇති රතන ආණ්ඩුවේ ගමනක අවසානය ඔහුන් අතින් ලියාගෙන ඇති බවත් ආණ්ඩුව බේරා ගැනිමට තමන් මහත් කැපකිරිමක් කල බවටද පුරසාරම් දොඩවා ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික හෙළ උරුමයට පළාත් පාළන ආයතන වලට තරග කිරිමට් එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේන් ඉදිරිපත් විමට කර ඇති ඉල්ලිමට මේ වනවිට දැඩි විරෝධය එල්ල වි තිබේන අතර එම හේතුවෙන් ජාතික හෙළ උරුමයේ ඇම්බැට්ටයන්ට නාමයෝජනා නොලැබි යැමේ තත්ත්වයක් උදාවි තිබෙන බවයි වාර්තා වන්නේ.

Published on: Nov 29, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා කටයුතු කරන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එදා දුන් මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් නිර්පාක්ෂික ජනාධිපතිවරයා ලෙස කටයුතු කලයුතු බවට යෝජනාවක් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ගෙන් ඉදිරිපත් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අදාල ඒකාබද්ධ පෙරමුණ් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර කවර ආකරයේ පෙරමුණක් ගොඩනැගුවද ඒ හරහ ජාතික ආණ්ඩුවට හානි විය නොහැකි බව ඔහුන්ගේ මතය වි තිබේ.

නව පෙරමුණ සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුලදි දැඩි විරෝධයක් පෙන්නුවද චන්ද්‍රිකා-රනිල් හමුවකින් පසුව ඒ සම්බන්ධයෙන් දැරු දැඩි ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇති අතර ඊට අසන්නමතම හේතුව වි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය වෙනම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් විම හරහා නව පක්ෂය පහසුවෙන් සමාජ ගත විමට මගක් ඇති වන බවත් ඒ හරහ ජාතික තලයේ මැතිවරණයකදි එය ප්‍රධාන පක්ෂ වලට දැඩි බලපැමක් එල්ල කල හැකි බවට රනිල් පෙන්වා දිම හරහා බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

ඒ හේතුවෙන් මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුලදි දැරු ස්ථාවරය වෙනස් කර පෙරමුණක් ලෙස තරග වදින්නේ නම් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අයෙකු විය යුතු බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට වෙනත් අයෙකු පත්කිරිමට සිදුවන බවද පෙන්වා දී තිබේ.

Published on: Nov 27, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා යම් එකඟතාවක් ඇති වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳීම සඳහා පත්කරන ලද කමිටු නියෝජිතයන් ඉතාම රහසිගතව සිදුකරන සාකච්ඡා වලදි මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර නව පෙරමුණේ සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ පත්කිරිමටද කැමත්ත පලවි තිබේ.

ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ විම නතර වි යෑම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ වගකිම් වලින් ඉවත් විම හේතුවෙන් ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ඇති අර්බුද අවම විමත් හේතුවෙන් එම එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැමත්ත පලකර ඇති බවයි  අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

පසුගියදා 25දා රාත්‍රි කොළඹ ව්‍යාපාරිකයේකුගේ නිවසේදි මෙම කමිටු දෙකේ සාමාජිකයන් මුණගැසුනු අතර දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග වැදිම සදහා ගෙන ආ යෝජනාවට ප්‍රමුඛතාව ලැබි අතර ඒ අනුව අදාල පෙරමුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නායකයන්ට දැනුම්දී එම උපදෙස් අනුව තවත් සාකච්ඡාවක් හෙට (28දා) පැවැත්වීමට නියමිතයි.

 

Published on: Nov 25, 2017 – පලාත් පාලන මැතිවරණය පැරණී ක්‍රමයට පැවැත්විම හරහා ඒජාපයේ බලය තහවුරු කිරිම පහසු වන බැවින් පළාත් පාලනය පැරණි ක‍්‍රමයට පැවැත්විමට ඇති හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය අතර විශේෂ හදිසී සාකච්ඡාවක් පවත්වා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද උදෑසන නීතිපතිවරයා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්චාවක් පාර්ලිමේන්තුවේදි පවත්වා ඇති අතර පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුලුල් ලෙස සාකච්ඡා කර තිබේ.අදාළ සාකච්ඡාව සදහා කබිර් හෂිම් සමග මලික් සමරවික්‍රමද සහභාගි වි ඇති අතර කෙසේ හෝ කඩිනමින් මැතිවරණ පැවැත්විමට හැකි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පුලුල්ව් අදහස් හුවමාරු කරගෙන තිබේ.

පවතින තත්වය යටතේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ අනුව දැනට පවතින නඩු ඉල්ලා අස්කර ගැනීම මඟින් හෝ පැරණි මැතිවරණ ක‍්‍රමය මඟින් හෝ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ අනුව් පැරණී ක්‍රමයට මැතිවරණය පැවැත්විම හරහා බහුතර පළාත් පාලන ආයත සංඛාවක් එක්සත් ජාතික පක්ෂයට අත්පත් කර ගත් හැකි බවත් ඒ හරහා ඊළඟ ජාතික තලයේ මැතිවරණ ක්‍රියාදාමය සාර්ථක කර ගැනිමට හැකියාව ඇති බව එජාපයේ මතයි වි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ සහ මහින්ද පිළ එකට එකතු විම සිදු නොවන දෙයක් බවට පත්විමත් ඒ හරහා ශ්‍රිලනිපය සහ ඒකාබද්ධ සන්ධානයට ඡන්දය දෙකට බේදිම හරහා 2 සහ 3 ස්ථාන විවිධ පළාත් ආයතන වල් අඩු වැඩි වශයෙන් හිමිවනු ඇති බව නොරහසකි.ඒ අනුව එජාපයට පලාත් පාලන ආයතන බහුතරයක බලය ඉතාම පහසුවෙන් ජය ගැනිමේ හැකියාව තිබේ.

නව මැතිවරණ ක්‍රමවේදය අනුව ඡන්දය පැවැත්වුයේ නම් කොට්ඨාස ජයගන්නා පක්ෂයට සියයට 60කුත් පරාජිතයන්ට සියයට 40කුත් හිමිවිම හරහා පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත්කර ගැනිමේදි රටේ පාලක පක්ෂය හැටියට එජාපය සමග එක්ව ශ්‍රිලනිප්ප මෛත්‍රී පිළට කටයුතු කිරිමට හැකියාව තිබු අතර පැරණී ක්‍රමයට එම අවස්ථාව මගහැරි යනු ඇත.

අලුත් ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම්  යම් හෙයකින් වෙනත් සන්ධානයකින් තරග කර අවම මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනිමට සිදු වුවහොත් ඔහුන් අනිවාර්යෙන් මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සභාපතිකම් හෝ නගරාධිපතිකම හෝ නී.නගරාධිපතිකම ලබා ගැනිමට හැකියාව ඇති බවත් සියල්ලටම වඩා පළාත් පාලන මැතිවරණ වලදි ගමේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බලා ජනතාව ඡන්දය භාවිතා කරන හෙයින් එජාප+ශ්‍රිලනිප කණ්ඩායම් වලට වැඩි මන්ත්‍රින් සංඛ්‍යාවක් දිනා ගැනිමට හැකියාව ඇති බවයි ඒකාබද්ධයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි තිබුනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය

Published on: Nov 25, 2017 – දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය

43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.

46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි.

අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩුවයි. මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ කතාව විශ්වාස කිරීමයි.

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-25

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ අධ්‍යයනයට පහතින් යොමුවන්න ….

19TH AMENDMENT TO THE CONSTITUTION OF SRI LANKA

Published on: Nov 24, 2017 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරය සදහා පිටත්ව ගිය සැනින් ඒජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් යොදවා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරය දියත් කිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා තමන්ට වාර්තාකරන ලෙස අගමැතිවරයා එජාප මහා ලේකම් කබීර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය 23 වැනිදා පක්ෂයේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපතිවරයා විවේචනය කරමින් විවිධ ප්‍රකාශයන් මාධ්‍යයට නිකුත් කල අතර ඊට සමගාමීව සමාජ ජාලා වෙබ් අඩවි යොදාගනිමින් විවිධ මඩ ප්‍රහාරයන් දියත් කල අතර එම කණ්ඩායම මෙහෙයවිම පසුපස එජාප කැරලි කණ්ඩායම සිටින බවද අනාවරණය වි තිබේ.

බැදුම්කර කොමිසමේ වාර්තාව පැමිණීමට ආසන්න විමත් හොරුන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක ජනාධිපතිවරයා පසුවිමත් හේතුවෙන් ජාතික ආණ්ඩුවේ අර්බුද උත්සන්න විමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයද වර්ධණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව කාලයක් යට ගොස් තිබු ‘ වොටර්ස් එජ් ටීම්’ ලෙස හැඳින්වෙන රනිල් විරෝධී කණ්ඩායමද පසුගියදා හදිසියේම රැස්වි ඇති අතර පැය 2කට පමණක් සිමා වු එම හමුව මේ සතියේ තුලදි නව මුහුණුවරකින් සිය අරගලය දියත් කිරිමට තින්දු කරගෙන තිබේ.

මෙම අභ්‍යන්තර අරගලයේ ප්‍රධානම පාර්ශ්වයන් බවට පත්ව ඇත්තේ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස වන අතර පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අඩු වැඩි වශයෙන් මෙම කදවුරු 3නම නියෝජනය කරන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

රනිල් වික්‍රමසිංහ අකිල විරාජ් කාරියවසම් ඉදිරියට ගැනීම පිළිබඳව රවී කරුණානායක ප්‍රබල විරෝධයක් එල්ල කර ඇති බවත්, එම විරෝධය මැඩලීමට රවී කරුණානායකට අරලියගහ මන්දිරයේ වෙනම පහසුකම් සහිත කාර්යාලයක් සහ ඊට අදාළ උපරිම පහසුකම් ලබා දී අදාළ විරෝධය සමනය කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, අනාගත එජාප නායකත්වය පිළිබඳව සිහින දකින සජිත් ප්‍රේමදාසගේ සිහිනය අකිල, රවී නිසා බිඳවැටෙමින් පවතින බැවින්, එජාපයේ කණ්ඩායමක් නිර්මාණය කරමින් සුදුසු මොහොතක දී බල අරගලයකට සැලසුම් සකස් කරමින් සිටින බවත් වාර්තා වේ. මේ සඳහා පෞද්ගලික රූපවාහිනී නාළිකා දෙකක් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.රනිල්ට ෂොට් එක වැදුනොත් නිකම්ම් නායකත්වය තමන්ට ලැබේ යැයි සජිත් තරයේ විශ්වාසයක සිටින අතර රවී උත්සහ දරමින් සිටින්නේ රනිල්ගේ ආරක්ෂකයා වෙමින් නායකත්වය තමන්ට නතු කර ගැනිමටය.

රනිල්,රුවන් විජයවර්ධන පවා පස්සට ඇද දමමින් තමන්ට නායකත්වයට එන්නට කැපු පාර තවමත් විවෘතව ඇති බවට අකිල විස්වාසය කරමින් සිටි.කෙසේනමුත් රනිල්ගේ සමිපතම ගේම් කාරයා වන මලික් සමරවික්‍රම තමන්ට ඉතාමත් හිතෛෂී අයෙකු පක්ෂ නායකත්වයට අවශ්‍ය ඔනෑම මොහොතක පත්කර ගැනිම සදහා මේ වනවිටත් Deal කරමින් සිටින අතර මලික් සහ සජිත් අතර විරසකයක්ද පැවැතිම සජිත්ට අවාසිදායක වි තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් එලවා දමා මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදිම සදහා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප මිට පෙරද අනාවරණය කළා.

මහින්ද අගමැති කරමු කියලා අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවෙ රනිල් අගමැති වූ විගස ම. එහෙත් එය එදා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබූ ප්‍රකාශයක් ලෙස ජනමාධ්‍ය කල්පනා නොකරන්න ඇති. අද තරමක ප්‍රවෘත්තිමය වැදගත්කමක් එයට තියෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශ ජනමාධ්‍ය ගණන් ගන්නේ නැහැ. අද මැතිවරණ ගැනත් ඊනියා සමගියක් ගැනත් බොහෝ දෙනා කතා කරනවා. ඒ සමගිය මැතිවරණ මූලික සමගියක් වීම ප්‍රශ්නයක්.

අද එ ජා ප, ජ වි පෙ, ඒකාබද්ධ විපක්‍ෂය මුස්තාෆට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගැන කතා කරනවා. මේ විශ්වාසභංග මෛත්‍රිපාලටත් විරුද්ධ ව. රනිල් ඉන්දියාවෙ ඉඳන් කතා කරන්නෙත් මැතිවරණ ගැන. එ ජා ප, ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයකට සූදානම්. ජ වි පෙ මැතිවරණ ක්‍රමය 50-50 කරගත්තට පස්සෙ මැතිවරණ ගැන කතා කරනවා. කොහොමත් ජ වි පෙ ඉන්නෙ රනිල් එක්ක. බැඳුම්කරය ගැන ජ වි පෙ කියන කතා ව්‍යාජ ප්‍රකාශ පමණයි. හැකි නම් රනිල්ට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනෙන්න.

රනිල් තවමත් නීතියෙන් වැරදි කරුවකු වී නැහැ. හඳුන්නෙත්ති කෝප් කමිටුවෙ සභාපති කෙරුවෙ රනිල්ට තිබූ විශ්වාසය උඩ. එ ජා ප කෝප් වාර්තාවට පාද සටහන් එකතු කළත් තදබල විරෝධයක් දැක්වූයේ නැහැ. කෝප් කමිටුවට කවුරුවත් වරදකරුවකු කරන්න බැරි වෙන්න ඇති. ඒ කොහොම වුණත් අද වන තුරු නීතියෙන් බැඳුම්කරය ගැන වරදකරුවකු නැහැ. රනිල් දැන් නීතියෙන් ශක්තිමත්. ජ වි පෙ මැතිවරණ ගැන කතා කරන්නෙ මැතිවරණවල දී ඡන්දය දීපු සමහරුන් මරා දමපු එක අමතක කරලා ද?

අද මෛත්‍රිපාල කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වෙන්න හදන්නෙ මැතිවරණයෙන් තමන් හේදිලා යන බව දැනගෙන. එවැනි ඊනියා සමගියකට අප විරුද්ධයි. එයින් සිදුවන්නෙ එල්ලෙන්න වැලක් නැතිව ඉන්න මෛත්‍රිපාලට වැලක් සැපයීම පමණයි. අද ප්‍රශ්නය මෛත්‍රිපාලට වැලක් සැපයීම නො වෙයි. අද යුග පෙරළි කාරයන් කතා කරන්නෙත් මැතිවරණ ගිවිසුම් ගැන. ආණ්ඩුව පෙරළීම ගැන. 1947න් පස්සෙ අප ආණ්ඩු කීයක් පෙරළා දැම්ම ද?

අද මෛත්‍රිපාලට සියල්ලන් ම පහර දෙනවා. ඔහු ඉන්නේ ඊනියා ජාත්‍යන්තරයටත් බයෙන්. ඔහු මහින්දටත් බයයි. ඊනියා ජාත්‍යන්තරයේ ආධාරය ලබන රනිල්ටත් බයයි. රනිල් ඉන්දියාවෙ මෝදි එක්ක කතා කළ දේ අපට දැන ගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එය කාලගුණය ගැන පමණක් වෙන්න බැහැ. රනිල් කර්ණාටක ප්‍රාන්තයේ කෝවිලකට ගියේ ගෝපූරම් නරඹන්න පමණ ද?

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය ජාතිකත්ව වැඩ පිළිවෙළක් මත එකඟත්වයකට පැමිණිය යුතු ය කියා හිතනවා. අපට ඒ කිසිවක් යෝජනා කරන්න බැහැ. යෝජනා කරාට ඔවුන් අපට සවන් දෙන්නෙ නැහැ. මැතිවරණය නොව ජාතිකත්වයයි ප්‍රධාන විය යුත්තේ. ජාතිකත්වය මත එකඟත්වයකට පැමිණ මැතිවරණවලට මුහුණ දෙන එක ද්විතීයික කාරණයක්. ප්‍රධාන කරුණ විය යුත්තේ ජාතිකත්වයයි. මෛත්‍රිපාල නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම මත ඒකාබද්ධ විපක්‍ෂය සමග එකඟත්වයකට පැමිණීමට සූදානම් ද? ඒකාබද්ධ විපක්‍ෂය දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රියත්මක වන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට එකඟ ව මෛත්‍රිපාල කණ්ඩායම සමග සාකච්ඡා කරනවා ද? රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල කැමති ද?

මෛත්‍රිපාල කුමක් කළත් සිතුවත් අද ඔහුට ඇති හොඳ ම ශක්තිය මහින්දයි. ඊනියා ජාත්‍යන්තරයට මුහුණ දිය හැක්කේ චම්පක කියන බයිලා මත පදනම් ව නො වෙයි. චම්පකට ඇත්තේ රාජපක්‍ෂලා සමග ප්‍රශ්නයක්. චම්පකගේ බයිලාවලට සවන් දීමෙන් මෛත්‍රිපාලට සිදුවන්නේ තව තවත් රනිල්ගේ සිරකරුවකු වීම පමණයි. මෛත්‍රිපාල අදවත් කළ යුත්තේ ජනපදනමක් ඇති පෞරෂයක් හා ශක්තියක් ඇති මහින්ද අගමැති කිරීමයි. මහින්ද කිනම් මතභේද තිබුණත් මෛත්‍රිපාල ආරක්‍ෂා කරාවි.

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය සමගි විය යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම, රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති පදවියට පත්කිරීම යන කරුණු මුල් කරගෙන. ඒ කරුණු මුල් කරගෙන ඇති වන සමගියකින් මැතිවරණවල දී විජයග්‍රහණයක් ලැබීමට පුළුවන්. මහින්ද අගමැති පදවියට පත් කිරීමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එයට ඉඩකඩ තියෙනවා. රනිල් 2015 ජනවාරි නවවැනි දා අගමැති ධුරයට පත් කෙරෙන විට ඔහුට මන්ත්‍රීන් හතළිස් ගණනයි සිටියේ.

මහින්ද හැර වෙනත් අයකු අගමැති ධූරයට අද ප්‍රමාණවත් නැහැ. මහින්ද අගමැති ධුරයට පත් නොකර අද පවතින දේශපාලන තත්වයට මෛත්‍රිපාලට මුහුණ දෙන්න බැහැ. මෛත්‍රිපාල මහින්ද ගැන සිතිය යුත්තේ තමාට ශක්තියක් ලෙස මිස තර්ජනයක් ලෙස නො වෙයි.

____________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-24

පලාත් පාලන මැතිවරණය කිසිදු හේතුවක් නිසා ක්ල් නොදැමිමට කටයුතු කල යුතු බවට වු යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ පසුපෙල මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර තිබේන බව වාර්තා වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්දගේ ඒකාබද්ධය එකට එකතු කර ගන්නා තුරු විවිධ් උපක්‍රම හරහා පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනිමට උත්සහ දරණ බවත් ඊට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදිය යුතු බවත් එම කණ්ඩායමේ මතය වි තිබේ.

විශේෂයෙන්ම බැදුම්කර කොමිසම හරහා අගමැතිවරයා මෙන්ම එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කූජිත කිරිම හේතුවෙන් මෛත්‍රී ජනපති මෙන්ම ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළ සමග විරසකයක සිටින මෙම කණ්ඩායමේ මතය වි ඇත්තෙ කවර නීතිමය කරුණක් පැන නැගුනද මැතිවරණය ඉතා ඉක්මනින්ම පැවැත්විමට කටයුතු සුදානම් කලයුතු බවයි.මීට අමතරව බැදුම්කර කොමිසම හරහා එජාපය අමාරුවේ දැමිම පසුපස ශ්‍රීලනීප කණ්ඩායමට අමතරව එජාපයේ කිහිප දෙනෙකු සිටින බවත් ඔහුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කලයුතු බවත් එම කණ්ඩායම අගමැතිවරයාට පෙන්වා දි තිබේ.

ඒ අනුව අගමැතිවරයාගේ ඉන්දිය සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට එකඟතාව පලවි තිබේ.

පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ තීන්දුවත් සමඟ ඉදිරි මැතිවරණය තවත් කල් යාමට ඉඩ ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කර සිටින අතර එම අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මැදිහත් විමට එජාපයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් මේ වනවිටත් සුදානම් වෙමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළේ.

අද (22) දහවල් අදාල තින්දුව ප්‍රකාශ විමත් සමග මැතිවරණය කළ් යැමේ අවධානමක් ඇති බවට මත පලවිමත් සමග එජාප දිස්ත්‍රික් සහ පලාත් නායකයින්ට පක්ෂය හරහා දැනුම් දි ඇත්තේ මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බැවින් මේ දක්වා කරගේන ආ සංවිධාන කටයුතු ඉදිරියටම කරගෙන යන ලෙසයි.

පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ තීන්දු කල අතර එම ගැසට් පත්‍රයේ සඳහන් නිර්දේශ සංශෝධනය කිරීමේදී විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තම බල සීමාව ඉක්මවා කටයුතු කර ඇත්දැයි විමසා බැලීම සඳහා දෙසැම්බර් මස 4 වෙනි දින විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති අතර ඒතාක් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් පනවා තිබේ.

තමන්ට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ දුරකතන්යෙන් කතා කලබවත් තමන්ට මාධ්‍ය හරහා ඉහල ප්‍රසිද්ධියක් ලබාදිමට කටයුතු කල හැකි බවත් ඒ සදහා ස්වාධින රූපවාහිනියේ මහේෂ් සේනානායක නැමති අය සමග සම්බන්ධ වන් ලෙස තමන්ට පැවසු බව නී.අමාත්‍ය රංජන් රාමනායක අද අනාවරණය කළා.

අධිකරණයට අපහාස කළ බවට එල්ලවන චොදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (21) යළි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර එම් අවස්ථාවට එක්විමෙන් පසුව මාධ්‍ය අමතමින් රංජන් රාමනායක මේ බව සදහන් කලා.

Published-20/11/2017 ජාතිවාදයේ පියා ලෙස විරුදාවලීය ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජේ‍යෂ්ඨ පුවත්පත්කලාවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ.

ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය.

“තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා….” යැයි කියමින් මැදගොඩ අවමඟුල් නිවෙස් භූමියේදී ඥානසාර හිමියන් තමන්ට තර්ජනය කළ බව කර ඇති අතර “හාමුදුරුවනේ මේක මළ ගෙදරක්. ප්‍රශ්නයක් තිබෙනවා නම් මෙතනින් එළියට ගිහින් කතා කරමු” යැයි තමන් ඥානසාර හිමියන්ට කීවද උන්වහන්සේ තවදුරටත් තමන්ට තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා සඳහන් කර තිබේ.

“මම තමුසෙගෙ කොළපාට සමාජය ගැනත් දන්නවා. කන පැළෙන්නට ගහනවා…” යැයි නැවතත් ඥානසාර හිමියන් තමන්ට එහිදී තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා තවදුරටත් පැවැසීය.

මේ අවස්ථාවේදී එතැනට රැස්වූ භික්ෂූන්වහන්සේලා හා අනෙකුත් පිරිස් ඥානසාර හිමියන්ට ‍දෝස් පවරා තිබේ.ඔබ වහන්සේගේ ඔය හැසිරීම නිසා තමයි මේ රට අද මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ” යැයි කියමින් භික්ෂූන්වහන්සේ සහ ගිහියන් ඥානසාර හිමියන්ට එහිදී දෝෂාරෝපණය කර තිබේ.

Top