Featured

එජාප ප්‍රභලයන්,සෝමවංශ,ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් නව සන්ධානයට

නව සන්ධානය සදහා පසුගියිදා අවසාන වශයෙන් සිදුකල සාකච්ඡා අති සාර්ථ්කව අවසන් වු බව අප කොළඹ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගොය මාස ගණනාවක නව දේශපාලන සන්ධානයක අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබේන මොහොතක ආරම්භ වු සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස ඉතා ඉක්මනින්ම රටේ අවශ්‍යතාව අනුව නව දේශපාලන සන්ධානය ගොඩනැගේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අදාළ සන්ධානය නියෝජනය කිරිමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා,වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් තිදෙනෙකු සමග තවත් පිරිසක් එකතු විමට මේ වනවිටත් එකඟත්වය පලකර තිබේන බවද ඔහු සදහන් කළා.

අදාළ සන්ධානයේ නායකත්වය කවුරුන් දෑරුවද එහි ප්‍රධානත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට සන්ධාන ගතවිමට සිටින සියලුම් පක්ෂ එකගත්වය පලකර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

Top