Featured

මහ ඇමතිවරු සැරසෙන්නේ දේශපාලන උප්පරවැට්ටියකටයි….අහුවෙන්න එපා ..මහින්දට ගමේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලිමක්

ආණ්ඩුවේ ලැග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහ ඇමතිවරු සැරසෙන්නේ දේශපාලන උප්පරවැට්ටියකට බැවින් නැවත නොරැවටෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන මන්තී‍්‍ර සංසදය අවධාරණය කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එක්වන ලෙස ඉල්ලමින් ඊයේ මහ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයා මුන ගැසීම විහි`ඵවක් බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජයග‍්‍රහණය හදවතින්ම පතන්නේ නම් ඔවුන් කල යුතුව තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වීම බවද එම සංසදය පෙන්වා දෙයි.

උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ කාර්යාලයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන මන්තී‍්‍ර සංසදයේ නියෝජිතයෝ මේ බව අවධාරණය කලහ. පෙරළියක ඇරඹුම නමින් ලබන සිකුරාදා(27) නුගේගොඩදී පැවැත්වෙන ජන හමුවට සහාය පල කිරීම පිලිබදව දැනුවත්කිරීම සදහා මාධ්‍ය හමුව කැදවා තිබිණ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම සංසදයේ නියෝජිතයෝ මෙසේද කීහ.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

මහ ඇමතිවරු ඊයේ මහින්ද මහත්තය හම්බවුණේ වෙන මොකවත් නිසා නෙමෙයි ගමට යන්න බැරි නිසා ඔවුන් දන්නවා ඉදිරි මැතිවරණයකදී ගමේ මොකද වෙන්නේ කියලා මහින්ද මහත්තයට බැන බැන හිටපු අය අද මහින්ද මහත්තය ලග දනින් වැටෙන්නේ පරාජය නියත නිසයි. අපි කියන්නේ මහින්ද මහත්තයට ? වැටුණු වලේ දවල් වැටෙන්න එපා .
දැන් මේ ආණ්ඩුව ජනතාවට කියනවා කොස් කොළ ක්‍රෝටන් කොළ කන්න කියලා . අපි අභියෝග කරනවා ජනතාව නෙවෙයි ඉස්සෙල්ලා රනිල් – මෛතී‍්‍ර ජෝඩුව තණකොළ කාලා පෙන්නන්න. දැන් මේ ආණ්ඩුව පිරිහිලා ඉවරයි. ආණ්ඩුව ගනිමින් ඉන්නේ අන්තිම හුස්ම පොදයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා.

මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. සීමා නීර්ණ වාර්ථා ලබා දුන්නත් දැන් ආණ්ඩුව විවිධ හේතු කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කුමන්ත‍්‍රණය කරනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දන්නවා මහින්ද මහත්තය නැතුව ගමට යන්න බෑ කියලා. අනික මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණ 3 ක් පැවැත්වෙන්න නියමිතයි. මහ ඇමතිවරු දන්නවා ගමේ බලය තියෙන්නේ කාටද කියලා. මහින්ද මහත්තය නැත්තන් මේ අයට යන එනමං නෑ. අපි කියන්නේ ඔය ගිය කිසි කෙනෙක් ගන්න එපා. අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනෙන් තරග කරන්න. ඒ තීරණය අපි කි‍්‍රයාත්මක කරමු.

පෑළියගොඩ නගර සභාවේ හිටපු සභාපති අමිල පි‍්‍රයංකර මහතා.

මෛතී‍්‍ර මහත්තයත් එක්ක එකතුවුනොත් ගමේ මිනිස්සු දැන් මහින්ද මහත්තයට ඡුන්දය දෙන්නෙත් නෑ. මේ ගිය එවුන් ගත්තොත් අපිත් මහින්ද මහත්තය එක්ක ඉන්නෙ නෑ. අපි කියන්නේ ඔය කිසි කෙනෙක් එපා. අපිට මේක දිනන්න පුලූවන්.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත් මහතා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් විසි දහසකට අධික පිරිසක් 27 වනදාට නුගේගොඩ යන්න ලෑස්තියි. මේකට විවිධ අය බාධා කරනවා. නැග එන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවත් එක්ක ලැගලා ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ උදවිය කලබල වෙලා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදි අපි මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ගැටයට අහුවුණා. ඒකයි අපි වෙනම තරග නොකලේ නැවත අහුවෙන්න බෑ. ඒ නිසා අපි මහින්ද මහත්තයගෙන් ඉල්ලනවා කිඹුල් කදුලූ හෙලන එවුන්ට රැුවටෙන්න එපා කියලා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රනී දර්ශිකා ගුණසේකර මහත්මිය.

මේ ආණ්ඩුව තරම් කාන්තාවන්ට වින කරපු වෙනත් ආණ්ඩුවක් ඉතිහාසයේම නෑ. බඩුමිල අඩු කරනවයි කියලා පම්පෝරි ගහලා ආපු මේ ආණ්ඩුව අපිට කොස් කොළයි, ක්‍රෝටන් කොළයි කන්න කියනවා. ආණ්ඩුවේ අය හෙට අනිද්දට කියයි පුන්නක්කුයි, තණකොළයි හරි ගුණයි කියලා කන්න පුලූවන් කියලා. මේ රටේ කාන්තාවන්ගෙන් මම ඉල්ලනවා අපිට පුන්නක්කුයි, තණකොළයි කවන්න හදන මේ රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව ගෙදර යවන්න කොහු ඉදල් අරගෙන ලෑස්ති වෙන්න කියලා. ආයෙත් මහින්ද මහත්තයව රවට්ටන්න හදන උන්ට විරුද්දව ඉලපත අතට ගන්න කාන්තාවන් වන අපි ලෑස්තියි. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න 27 වනදා හවස 3.00ට නුගේගොඩට එන්නැයි මම ඉල්ලනවා.

Top