Featured

මෛත්‍රී යලිත් මහා පාවාදීමක් අභියස-මෛත්‍රී,රනිල් රහස් සාකච්ඡාවක් එළියට

පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ ගේමක් ගැසිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිදුවු අතීශය රහසිගත සාකච්ඡාවක තොරතුරු අනාවරණය වි තිබේ.

පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක ප්‍රදේශයන් ජයග්‍රහණය කිරිමට ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සහය ලබාදිමට ඒ ආකාරයට දිනාගන්නා පලාත් පාලන ආයතන වල උප සභාපතිකම හෝ උප නගරාධිපති කම ශ්‍රීලනීපයටත්,ශ්‍රිලනිප වාසිදායක පලාත් පාලන ආයතන වන උප සභාපතිකම හෝ උප නගරාධිපති කම එජාපයටත් ලබාදිමට මෙම සාකච්ඡා වලදි තින්දු කරගෙන තිබේ.

එවැනි ක්‍රියාවලියක් හරහා පමණක් මහින්ද සමග ගම් මට්ටමේ ඇතිවෙමින් තිබේන බලය මර්දණය කල හැකි බවයි දෙපාර්ශවයේම අදහස වි ඇත්තේ.

මැයි දිනට පසුව රනිල් අහ මෛත්‍රී හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෛත්‍රීපාල සමග මෙම අවස්ථාවට එක්ව ඇත්තේ ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක පමණි.

එම සාකච්ඡාවලට අනුව පළාත් පාළන ආයතන වල ජයග්‍රහණයේ තත්ත්වය කිරා මැනිම සදහා මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වන සිරිකොත විශේෂ මෙහෙයුම් මැදිරියක්ද පිහිටුවිමට එජාපය කටයුතු කර ඇති අතර එම කටයුතු අවසන් වනතෙක් සීමා නිර්ණායක ගැටලුව පදනම් කරමින් මැතිවරණය කල් දැමිමට කටයුතු යොදවා තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

 

Top