Featured

රට කොටියාට බිලිදෙයි -ගෝලීය දෙමළ සංසදය ඇතුලු කොටි සංවිධාන තහනම ඉවතට

ගෝලීය දෙමළ සංසදයේ නායක එස්.ජේ. එමානුවෙල් පියතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එම සංසදයේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය දෙමළ සංසදය ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලිමට අනුව වහාම ගෝලීය දෙමළ සංසදයේ තහනම ඉවත් කිරිමට ආරක්ෂක අමාත්‍යංශය තින්දුවක් ගෙන තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරයි.

තහනම් කර ඇති ගෝලීය දෙමළ සංසදයට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය අරාධනයකට අනුව ගෝලීය දෙමළ සංසදයේ නායක එස්.ජේ. එමානුවෙල් පියතුමා ලංකාවට එමට නියමිත අතර ඔහුගේ කොන්දේසිය වි ඇත්තේ තමන් පැමිණිමට නම් වහාම සංසදයේ තහනම ඉවත් කලයුතු බවට රජයට නියෝග කර තිබුනා.

ජනාධිපතිවරයා ඇතුලු ඉහළ පෙළේ නියෝජිත මණ්ඩලයක් පසුගිය මාර්තු මාසයේදී තමන්ට එම ආරාධනය කළ බව එහි ප්‍රධානී එස්.ජේ. එමානුවෙල් පියතුමා සඳහන් කර තිබේ.එම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ඩී.එම්.ස්වාමිනාදන් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී පෙරේරා යන මහත්වරුන් සහභාගි වු බවත් පසුගිය ආණ්ඩුව සමයේ කොටි හිතවාදී සංවිධාන 17ක් සහ කොටි සංවිධානයට හිතවත් පුද්ගලයින් 400කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කළ බවත් එම සංවිධාන සහ සාමාජිකයන්ගේ තහනම ඉවත් කිරිමට කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කළ ඉල්ලීමක් මත යි ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරනු ඇති බවද පියතුමා ලෙස හදුන්වා ගන්නා පුද්ගලයා අනාවරණය කර තිබේ.

වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ බංකරයක හමු වූ රහසිගත ලිපිගොනුවක තිබූ නාම ලේඛනයක් හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදේස් පරිදි  කොටි හිතවාදී සංවිධාන 17ක් සහ කොටි සංවිධානයට හිතවත් පුද්ගලයින් 400කට ආසන්න පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුවට අනුව කොටි සැකකරුවන්ට නිදහස හිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව දෙමළ රාජ්‍ය පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සදහන් කර තිබේ.කොටි සැකකරුවන්ගේ නිදහස පිළිබඳ අවසන් තීරණයකට එලැඹීම සඳහා මධ්‍යම රජය සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු සදහන් කර තිබේ.

Top