Featured

ඩග්ලස්ගේ මැර කල්ලිය කඩු අතට ගනී… පොලිසිය නිහඩයි…. අතුරුදහන් වුවන්ගේ පවුල් වලට මරණ තර්ජන…

Published on: Feb 29, 2020 – පසුගිය 26 වැනිදා යාපනයේ සහ කොකුවිල්හි ස්ථාන තුනකට කඩු රැගෙන විත් පහරදුන් කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය EPDP නායක ඩග්ලස් දේවානන්ද මැර කණ්ඩායමක් බව මේ වනවිට අනාවරණය වි තිබේන බව උතුරේ අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

මුර්පාමු මූති කෝවිල අසල කඩයකට,වරාකි අම්මාන් කෝවිල අසල නවතා තිබූ ඔටෝ රථයකට සහ ඒ අසල නිවසකට මෙම කල්ලිය ප්‍රහාරයක් එල්ල කල අතර ඒ සදහා ඔහුන් පැමිණ ඇත්තේ අංක තහඩු නොමැති යතුරු පැදි දෙකකිනි.

මෙම මැර කණ්ඩායම් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් මෙහෙයවන කණ්ඩායමේ කොටසක් බව පැහැදිලිව අනාවරණය වි තිබුනද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවයි උතුරේ ආරංචි මාර්ග සදහන් කළේ.දේවානන්දගේ පැරාමිලිටරි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සිංහල හමුදාව විසින් බවටද චොදනා එල්ල වුනා.

වරාකි අම්මාන් කෝවිල අසල නිවසකට නිවසකටද සුළු පහරදිම් සිදුකර ඇති අතර එහිදි මැර කණ්ඩායමේ එක් අයෙකු කී කතා මගින් ඔහු ඩග්ලස් කණ්ඩායමේ අයෙකු බව තහවුරු වි තිබේ.අදාළ නිවසේ වාසය කරනුයේ අතුරුදහන් වු දරුවෙකුගේ දෙමාපියන් ඇතුලු පවුලකී.

EPDP නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සිය නීති විරෝධී වැලි කැණීම පවත්වාගෙන යෑම සදහා මෙන්ම සහ උතුරේ අතුරුදහස් වුවන්ගේ දෙමාපියන් භිය වැද්දීම සදහා ආයුධ සන්නද්ධ 20 දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් පවත්වාගෙන යන අතර අප ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අනාවරණය කල අතර ඔහුගේ මැරකම් වලට හසුවු විශාල පිරිසක්ද පොලිසියට පැමිණීලි කලද මේ දක්වා කීසිවෙකුත් අත් අඩංගිවට ගෙන නෑ.අවම වශයෙන් ඇතෑම් පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් හෝ සිදු නොවන බවද උතුරේ පීඩාවට පත්වු ජනතාව පෙන්වා දෙනවා.

ඩග්ලස්ගේ මැර කල්ලි කඩු අතට ගනී…

http://lankanewsnetwork.org/archives/22024

http://lankanewsnetwork.org/archives/22236

Top