Featured

පාස්කු ප්‍රහාරයට අද මාස 11ක්! පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෝ ආණ්ඩු තුරුලේ නිදි වදිමින් සිටි…. කිසිදිනක පාස්කු ඉරිදා චුදිතයන්ට දඩුවම් නොලැබෙනු ඇත!

Published on: Mar 21, 2020 – වත්මන් ආණ්ඩුව බලයට පත්වන්න ප්‍රධානතම හේතුව වුයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණ ඉටුකරන බවට ජනතාවට දුන් පොරොන්දුවය. පාස්කු ඉරිදා එල්ල වු අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමගම මෛත්‍රි රනිල් ආණ්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයකට පත්විය. මේ දේශපාලනය වාසිය තම මැතිවරණ ව්‍යාපාරයට යොදාගත් රාජපක්ෂවරු ඉතා සුක්ෂම ලෙස යලි බලයට පත් විය. ලබන මස 21 දිනට පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම වසරකි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිව යුත්තන් කවුද යන්න සමාජය හමුවේ තොරතුරු හෙළිදරව් වුයේ ඕනෑවට වඩාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳව සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ වාර්තාව ඊට හොඳම සක්ෂිය. මේ වාර්තාවට අනුව ප්‍රහාරයේ ප්‍රධානතම චුදිතයා හිටපු ⁣ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. අගමැති රනිල් වික්‍රමසිංහට ද ඒ හා සමාන චෝදනා එල්ල වි ඇති බව පාර්ලිමේන්තු තේරුම් කරක සභාවේ සභාපති නියොජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පසුගිය සතියේ වැල්ලවායේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කලේය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර හා බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිලිබඳව ජනාධිපතිවරයා කල්තියා දැනුවත් කල බව කොමිසමේදී අනාවරණය විය.

අගමැතිවරයාද ආරක්ෂක මණ්ඩලය මග හරිමින් ජාතික ආරක්ෂාව අත්හැර දමා තිබූ බව නියොජ්‍ය කතානායකවරයා මාධ්‍ය හමුවේ දි පැවසීය.

දැන් මෛත්‍රිපාල සිරිසේන ⁣ලබන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිතය.පාස්කු ඉරිදා ප්‍රධාන චුදිතයා දැන් ආණ්ඩුව සමගය.

මේ තත්වය සමග පාස්කු ඉරිදා පිඩාවට පත්වූ කිතුනුවන්ට සාධාරණයක ඉටුවේද? බරපතල ප්‍රශ්නයකි. කාදිනල් හිමිපාණන් වත්මන් ආණ්ඩුවටද එල්ල කරන්නේ මේ චෝදනාවය.

මෛත්‍රිපාල සිරිසේනට පසුපසින් තවත් පාස්කු ඉරිදා චුදිතයෝ රැසක්ම ආණ්ඩුව සමග සහජිවනය පටන් ගෙන ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා, මාවනැල්ලේ බුදු පිලිම විනාශකල, අන්තවාදීන්ට රැකවරණය දෙමින්, පොලිස් පරික්ෂණ වලට දැඩි බලපෑම් කල අයද ආණ්ඩුව සමග ඩිල් දේශපාලනය ආරම්භ කර ඇති බව අනාවරණය වෙමින් තිබේ.

ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වගේම පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂාකයකු වූ ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද ආණ්ඩුවේ වෙනස්ම කොන්ත්‍රාතුවකට සුදානමින් සිටින බව ආරංචිය. හිස්බුල්ලා පසුගිය ජනාධිපතිවරණයට තරඟ කලේ පොහොට්ටුවේ උවමනාවටය. නමුත් සුක්ෂම ලෙස බැසිල් රාජපක්ෂ ඔහුව පැත්තකට කර ඇත්තේ ඔහුටද පාස්කු ඉරිදා චෝදනාව එල්ල වී ඇති නිසාය.

පාස්කු ප්‍රහාරය දින රාත්‍රියේ නන්නාඳුනන විදේශ මුස්ලිම් පිරිසක් සමග කතන්කුඩියේ හෝටලයක රැ⁣දිසිටිමින් සිදුකල ගණුදෙනුව තවමත් අභිරහසකි. මේ ආකාරයට බලන කල පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරුවෝ ආණ්ඩු තුරුලේ නිදි වදිමින් සිටි.

⁣මෙරට ජනයා, විශේෂයෙන් කිතුනුවන් පාස්කු ඉරිදා සාධාරණය සොයමින් සිටි.මෙම සිදුවිමත් මිට පෙර සිදුවීම් මෙන් වැලලී යනු ඇත.

කිසිදිනක පාස්කු ඉරිදා චුදිතයන්ට දඩුවම් ලැබෙන බව නම් විශ්වාස කල නොහැක. ලාංකීය මජර දේශපාලනය තවදුරටත් ජනතාව මුලා කරමින් සිටිම කණගාටුදායකය.

~~ ජනරළ~~

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෝ දැන් ආණ්ඩුව සමග” යනුවෙන් මෙම පුවත පලකර තිබේ.

කතෘ සටහන….

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලා බලයට ගෙන එම ඉලක්ක කර ගනිමින් “සහරාන්” වැනි ත්‍රස්තවාදීන් කුළීයට ගනු ලැබුවෙ මුස්ලිම් අධිරාජ්‍යයෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) බව මේ වනවිට අනාවරණය වි තිබේන අතර එය රාජපක්ෂලා වෙනුවෙන් කිඹුල් කදුලු හෙලූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්ද පිළිගෙන තිබේ.

ඔබට මතකද? 2019 අප්‍රියෙල් 27 වැනිදා ගෝඨාභය කල ප්‍රකාශය…

ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….

http://lankanewsnetwork.org/archives/20177

එතැන් සිට සිදුවු සියල්ලම අප එකින් එක…. අනාවරණය කර තිබේ.

http://lankanewsnetwork.org/archives/22349

http://lankanewsnetwork.org/archives/21124

http://lankanewsnetwork.org/archives/23283

http://lankanewsnetwork.org/archives/23060

http://lankanewsnetwork.org/archives/23104

http://lankanewsnetwork.org/archives/20210

http://lankanewsnetwork.org/archives/23019

http://lankanewsnetwork.org/archives/22877

http://lankanewsnetwork.org/archives/20937

http://lankanewsnetwork.org/archives/23497

Loading…


Top