Breaking
16 Feb 2025, Sun

බදු ගෙවන ජනයාට කොකුම් පා තිරගතවන ගුවන් හමුදා මොනර නැ‍ටුම

Published on: May 3, 2018 – පැරා ටෲපර් කොප්‍රල්වරයකුගේ කුඩ සෙවනේ ෂොපින් යන අනෝමා සමන්මලී 10 වන පාඨමාලාවේ සිටි ගුවන් කාන්තාවකි. ඇයගේ පලමු විවාහය සිදුවූයේ ගුවන් හමුදා පොලිස් සැරයන්වරයෙකු වූ අශෝක පෙරේරා සමගය. සැරයන් පෙරේරාට දාව සමන්මලී දරුවන් දෙදෙනෙකු බිහි කලාය. ඉන් එක් දරුවෙකු පිලිකා රෝගියෙකු විය. එම දරුවා ඇඩූ කදුලෙන් ජීවිතය යදින විට සමන්මලී කපිල ජයම්පතී සමග පෙම් කෙලීමට පටන් ගත්තේය. පසුව දරු දෙදෙනාද සාජන් පෙරේරාද අමතක කල දැමූ සමන්මලී ජයම්පතී සමග දෙවන ඉනිම ආරම්භ කලාය. එදා සමන්මලීගෙන් ආදරය රැකවරණය ඉල්ලු අසරණ දියනිය අද මෙලොවින් සමුගෙන ඇත. තනිකඩවූ සාජන් පෙරේරා ද අනෙක් දරුවා සමග දිවි ගැට ගසා ගන්නේ මහජන මුදලින් ලැබෙන විශ්‍රාම වැ‍ටුපට පින් සිදුවන්නටය.

කුප්‍රකට ඩීල්කාර ලාෆ්ස් වෑගඩපොල 2015 මැතිවරනයේදී දෙපැත්තටම මුදල් විසිකල බව ප්‍රසිද්ධ රහසකි. වෑගඩපොලගේ පුතා විවාහ වීමට සිටියේ හිටපු ගුවන් හමුදාපති ගගන බුලත්සිංහලගේ දියනිය සමගය. කොලඹ සංගීත ප්‍රසංගයක් අතර තුර තන පට විසිකිරීමේ සහ ගායකයා සිපගැනීමේ සිද්ධිය හරහා එක් ‍රැයකින් රට හෙල්ලු දියනිය වූයේ ඇයයි. වෑගඩපොල සිරිසේනගේ මැතිවරණ ව්‍යපාරයට හොර රහසේ මුදල් විසිකලේ අත ලෙවකෑමට නොවේ. වෑගඩපොල සහ ගගන බුලත්සිංහලගේ සැලසුම වූයේ සිරිසේනගේ රාජකීය අනුග්‍රහය යටතේ ව්‍යපාරික කටයුතු ඉදිරියට ගෙන යාමටය.

ගගන බුලත්සිංහලගේ ධූරකාලය අවසන් වෙත්ම අනුප්‍රාප්තිකයා වූයේ වූයේ කපිල ජයම්පතීය. ගගන බුලත්සිංහල සිරිසේන හරහා සේවා දිගුවක් ලබා ගැනීම දැගලුවේය. කපිල ජයම්පතිට එරෙහිව හින් නූලෙන් ගේමක් ගැසුවේය, ඔහුට එරෙහිව මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කලේය. ගුවන් හමුදා නිලධාරී පැලැන්තිය තුලින්ද විශාල විරෝදයක් නැග ආවේය. සෙසු නිලයක් දැරූ සමන්මලිට මැඩම් කිව නොහැකියයි කියා ඇතැම් නිලධාරීන් අස්වීමේ ලිපිය යැවූයේය. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත. සමන්මලීගේ පැටිකිරිය සහ කපිල ජයම්පතීගේ පලමු විවාහය දෙදරීමට හේතුවූ අශෝබන සිද්ධිය දැන සිටියේ ඉතා සීමිත පිරිසකි . ජයම්පතීගේ පලමු විවාහය බිදීගියේ නැන්දම්මා සමග එක ගේ කෑමට යාම නිසාය නමුත් එදා කපිල ජයම්පතී වෙනුවෙන් සමහරක් වෙබ් අඩවි පෙනී සිටියේ අවම හානිදායක විකල්පය තොරා ගැනීම වෙනුවෙන් විය හැක.

කපිල ජයම්පතී ගුවන් හමුදා පු‍ටුවට පැමිනියේ සිරිසේනගේ මලයාවූ ෆ්යිට් සාජන් ඩඩ්ලි සිරිසේනගේ කරමතිනි. සාජන් කෙනෙකුගේ පිහිටින් හමුදාපති පදවියට පත්වූ එකම පුද්ගලයා ජයම්පතීය. එය හමුදා ඉතිහාසයේ වාර්තාවකි . ඒ අනුව සිය දෙවනි ඉනිම වූ සමන්මලීද හරහට වඩන දරුවාද සමග කපිල ජයම්පතී ගුවන්හමුදාපති පු‍ටුවේ වැඩ බාරගත්තේය. හරහට වඩන දරුවෙකු සමහ වැඩ බාරගත් එකම හමුදාපති ජයම් පතීය . එයද වාර්තාවකි . එහෙව් සමන්මලීට අද පෞද්ගලික ගමනක් යනවිට පවා බැකප් ගුවන් හමුදා රථ දෙකක් නැතුවම බැරිය . ෂොපින් යනවිට කුඩ ඇල්ලිමට පරිවාරකයන් ඇත්තේය . එනමුත් අද කපිල ජයම්පතී සිය ධූරකාලයේ අවසානයට පැමින ඇත. දැන් සමන්මලී සහ ජයම්පතී සිය දරුවා කුඩා යයි කියා ඩඩ්ලි සිරිසේන හරහා යලි සේවා දිගුවක් ලබාගැනීමට කැසකවමින් සිටියි.

පක්ෂ පාට කෙසේ වුවත් හොද දේ අගේ කල යුතුය . බැකප් රථ නැති කුඩ ඇල්ලිමට පරිවාරකයන් නැති මෛත්‍රී වික්‍රසිංහ කැලනිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිලිබද මහාචාර්යවරියෙකි. ලංඩන් කිංග්ස් සරසවියෙන් මූලික උපාධිය ලබාගෙන ඇති මෛත්‍රී වික්‍රමසිංහ යුනිවසිටි ඔෆ් ලන්ඩන් වලින් ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. කැලනිය විශ්වවිද්‍යාලයට අමතරව ඇමෙරිකාව , ඉන්දියාව , චීනය , පාකිස්ථානය , දකුනු කොරියාව , කෙන්යාව ඇතුලු රටවල් ගනනාවක දේශන පවත්වන ලොව පිලිගත් මහාචාර්යවරියකි. එනමුත් ඇය සිය කීර්තිය කිසිදිනෙක දේශපාලනය වෙනුවෙන් භාවිත නොකලා පමනක් නොව අගමැති ආර්යාවට හිමි වරප්‍රසාද දෙස පවා උපේක්ෂාවෙන් බැලුවාය. මෛත්‍රී වික්‍රමසිංහගේ සරල චාම් දිවි සැරිය සියලු බිරින්දෑවරුන්ට වචනයේ පරිස්මාප්ත අර්ථයෙන් ආදර්ශයකි.

කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.