Breaking
24 Feb 2025, Mon

20 ට පස්ස ගසන්නෝ ද්‍රෝහියෝ කියමින් සිරා විශ්වාස භංගයට පස්ස හරවයි

20 ට පස්ස ගසන්නෝ ද්‍රෝහියෝ යනුවෙන් තැන තැන කියවමින් සිටින මෛත්‍රීපාල සිරිසේන 20 පෙන්වා රනිල්ට එරෙහි විශ්වාස භංගය අතහැර දැමිම සදහා සුදානම් වන බව වාර්තා වේ.

ඊයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සදහා සහය දිය යුතු බව පවසමින් අද සවස කොළඹ විහාර මහා දේවි පිටියේ පැවති රැස්වීමකදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ 20 සම්මත කර ගැනීමට උදව් නොදෙන කල් දමන හරස් කපන සියලු දෙනාම ජනතා ද්‍රෝහියන් බවත්  මේ යෝජනාවට තමන් දරන මතය තම පක්ෂය කැමතිද නැද්ද යන්න ඉදිරි දෙසතියේ ජනතාවට කියන ලෙස මම පක්ෂවලින් ඉල්ලා සිටින බවට කෑ මොරදුන් සිරිසේන ඉස්සේලාම 20 සම්මත කර ඊට පසුව විශ්වාස භංග යොජනාව ගෙන එන ලෙසට මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලිමක් කිරිමට සුදානමින් සිටි.

මුලින්ම අප විසින් ගෙන ආ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයද නැතහොත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයද යන්න පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සන්ධාන පක්‍ෂ නායකයන් අතර අද (9) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය. 

කෙසේ හෝ කලින් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනිමෙන් පසුව විශ්වාස භංගය නොතකා හරිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට මෛත්‍රීපාල සිරිසේන තිරණය කර තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.