LNN SPY

රාජ්‍ය මාධ්‍ය තනතුරු වෙනසකට මෛත්‍රී සුදානමින් -මාසයක් තුල වෙබ් සදහා එජාපයෙන් කෝටි 2ක්

වහාම රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයකම ඉහල පෙළේ තනතුරු වෙනස් කිරිම සදහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු අනාවරණය කළා.පෙරේදා රාත්‍රියේ මෛත්‍රීගේ උපදේශක ගොබිලන් කිහිප දෙනෙකු සහ අමාත්‍ය පාඨ්ලි චම්පික රණවකද මෙම අවස්ථාවට සම්බන්ධ වි තිබේ.

රාජ්‍ය මාධ්‍ය ආයතන තුල තමන්ගේ සංයුතිය සම්බන්ධයෙන් මෛත්‍රී මෙහෙදි තම ගොබිලන්ගෙන් වෙනවනම ප්‍රශ්ණ කර ඇති අතර ඇතැමුන් සම්බන්ධයෙන් සිය පෞද්ගලික නිර්ණායකයන්ද මෛත්‍රී ඉදිරිපත් කර තිබේ.

එම හමුවේදි පාඨ්ලී පැහැදිලිකර ඇත්තේ තිරණාත්මක අවස්ථාවකදි රාජ්‍ය මාධ්‍ය මෙහෙයවා ගැනිමට හැකියාව තිබේද යන්න මෙම සාකච්ඡාව සිදුකරන බවයි.ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතන එක්සත් ජාතික පක්ෂය පිම්බිම වෙනුවෙන් පමණක් පෙනි සිටින බවත් පෞද්ගලික මාධ්‍ය කිහිපයක්මද මේ වන විට එජාපයේ බලයට නතුවි තිබේන බවද පෙන්වා දි තිබේ.

පෞද්ගලික නාලිකා අතර හිරූ ටිවි සහ හිරූ එෆ්.එම්,ස්වර්ණවාහිනී,ටි.එන්.එල් නෙත් එෆ්.එම් සහ වෙබ් අඩවි සියල්ලම මෙන් එජාපය මුදල් හරහා තමන්ට නතුකරගෙන තිබේන බවද පෙන්වා දි තිබේ.

මුදල් හා විවිධ වරප්‍රසාද ලබාදිම හරහා මාධ්‍ය නතුකර ගැනිමට යෑම නිසා ආයතන තුල පරිපාලන ගැටලු රැසක් මතුව තිබෙන බවද චම්පික මෙහෙදි පෙන්වා දි තිබේ.මිට අමතර මහින්ද රාජපක්ෂ ඉලක්ක කර මඩ ගැසිම හෝ මහින්දගේ පුවත් වාරණය කිරිම නිසා නාලිකා රැසක ජනප්‍රියත්වය පහත වැටි තිබෙන බවත් දිනපතා පුවත්පත් මෙන්ම ජාතික පුවත්පත්ද එම අනතුරට මුහුණ දි සිටින බවද ඔහු පැහැදිලි කර තිබේ.

නෙත්.එෆ්.එම් සේවය මේ වනවිට සියයට 40කින් සහ සිරස ටිවි,සිරස එෆ්.එම්,හිරු ටි.වි,හිරූ එෆ්.එම් ජනප්‍රියත්වයද සියයට 30කි පහත බැස ඇති බවත් දෙරණ නාලිකාව ගෙවිගිය මාස හය තුල සියයට 60ක ජනප්‍රියත්වය වැඩිකරගෙන සිටින බවද පෙන්වා දි තිබේ.

ගෙවිගිය මාසයක් තුල එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් තිදෙනෙකු වෙබ් අඩවි සදහා පමණක් රුපියල් කෝටි 2ක මුදලක් වියදම් කර තිබෙන බවද පාඨ්ලී චම්පික රණවක එහිදි පෙන්වා දි තිබේ.

Top