Breaking
31 Jan 2025, Fri

සිරිසේනගේ රෙද්දේ මාධ්‍ය නිදහස රිවිර පුවත්පතට තහනමක්!

තමන්ගේ පාලන කාලය තුළ රටට ලබා දුන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජනාධිපතිවරයා උදම් අනමින් සිටියදීම ලේක්හවුස් ආයතනය මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය කරමින් රිවිර පුවත්පතට වාරණයක් පනවා තිබේ.

ඒ අනුව ලේක්හවුස් ආයතනයට රිවිර පුවත්පත මිල දී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එම උපදෙස් අනුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට කිසිදු කර්තෘ මණ්ඩලයකට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට රිවිර පුවත්පත නොසැපයෙන අතර කර්තෘ මණ්ඩල පුස්තකාලයේ පමණක් එක් පිටපතක් කියවීමට තබා ඇත.

රිවිර මිල දී නොගැනීමට හේතු දක්වා නැතත් ආරංචි මාර්ග සඳහන් කළේ රිවිර මහින්දවාදී පුවත්පතක් ලෙස හඳුන්වා දෙමින් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.

මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම් ගැන ජනාධිපතිවරයා පසුගිය රජයට ඇඟිලි දිගු කරමින් සිටියදී ලේක්හවුස් පාලකයන් මෙවැනි දෑ කිරීම ජනාධිපතිවරයාගේ රෙදි ගැලවීමක් බව මාධ්‍යවේදීන් අතර කථාබහට ලක්ව තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.