Featured

“ඔයාලා ඉන්නේ UNP ආණ්ඩුවේ ඒ නිසා ඔවා මට කියන්න එපා….”

පසුගියදා ජනාධිපතිවරයා ක්ල ප්‍රකාශයක් හේතුවෙන් තමන් බරපතළ ලෙස කලකිරිමට ලක්ව සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සිය සමිපතමයෙකු සමග අනාවරණය කර තිබේ.තමන් ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේ ජාතික ආණ්ඩුවේ අර්බුද මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් කරන ප්‍රකාශ මෙන්ම කෙනහිලිකම් පිළිබඳව අවධානය යොමුකිරිමට කටයුතු කල බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම ආරම්භ කරනවාත් සමග ජනාධිපතිවරයා….

“මට කරන්න දෙයක් නෑ අමරවිර….මම ජනාධිපති මටත් ප්‍රශ්ණ තියෙනවා….ඔයාලා ඉන්නේ UNP ආණ්ඩුවේ ඒ නිසා ඔවා මට කියන්න එපා,….ඔයාලා විදගෙන ඉන්න ….” යනුවෙන් දිගටම කියවාගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේ මහින්ද අමරවිර සමග තවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන් සියලුම දෙනා එකිනෙකාගේ මුහුණවල් බලාගනිමි වෙනත් කතාවකට යොමු වි ඇති බවයි අමරවිර සදහන් කර ඇත්තේ…

මහින්ද – මහින්ද හමුවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණියේ ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමග සභා ගර්භයට පැමිණ ටිකවේලාවක් රැඳීසිට පිටත්ව ගියේය. පාර්ලිමේන්තුවෙන් පිටත් වනවිට ඔහුට ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා හමුවිය.
“කොහොමද ඇමැතිතුමා” මහින්ද ඇසුවේය.
“ඉන්නවා සර්” ජෝන් සෙනවිරත්න කීවේය.
“ඔයා බලාගෙන. මහින්ද මහත්තයා එක්ක ලිෆ්ට් එකේ ගියා කියලා ඔයාට නඩුවක් දාන්න බැරි නෑ” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාද සිනාසෙමින් කීවේය.
මේ අතර මහින්ද අමරවීර මහින්දට හමුවිය.
“කොහොමද? දේශපාලනය කරන්න අරගෙන අවුරුදු විසි පහක් ගතවුණා නේද?” යැයි මහින්ද, මහින්ද අමරවීරගේ අත අල්ලාගත්තේය.
“බොහෝම ස්තූතියි සර්” යැයි කියන විට හිටපු ජනාධිපතිවරයා වාහනයට නගිමින් කීවේ එම උත්සවයට තමන්ට ආරාධනා කළානම් තමන් පැමිණෙන බවය.

 

Top