Featured

යුද හමුදාපතිට ‘නපුංසකයෙක්’ කියන ජනාධිපති කාර්යංශයේ පොන්වීර කවුද? හමුදාපති ඉවත් කිරිමේ කුමන්ත්‍රණය මෙන්න(Video)

ආණ්ඩුවේ යහපාලන වැඩ පිලිවෙත කඩා කප්පල් කරන වත්මන් යුද හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබා දුන්නොත් හමුදාවත් රටත් විනාශ වන බව් පවසමින් විවිධ පාර්ශවයන් වත්මන් හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණය පිළිබඳව අති විශේෂ හෙළිදරවුවක් lankaanewsweb.today හරහා අනාවරණය කිරිමට අපට මේ වන විට හැකිවි තිබේ.

ශ්‍රි ලංකා සන්නාහ හා සන්නද්ධ බලකායේ එනම් වත්මන් හමුදාපතිවරායාගේම රෙජිමේන්තුවේ නිලධාරියෙක් වන මේජර් ජයන්පති පොන්වීර යන නිලධාරියා තවත් අයෙකු සමග වත්මන් හමුදාපතිවරායට සේවා දිගුවක් ලබා නොදිම සදහා ගහන ලද අමුතුම ආකාරයේ කතාවක් පිළිබඳව වු හඩපටය මේ වනවිට අපහට ලැබි තිබේන අතර අදාළ මේජර් ජයන්පති නැමත්තා අග්‍රාමාත්‍යවරයා සමග සමීප සබඳතාවයක් ඇති බවද එම හඩපටය හරහා ප්‍රකාශ කර තිබේ.

දැනට මෙම නිලධාරියා සේවය කරන්නේ ජනාධිපති කාර්යංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඇති හිතවත්කම හරහා මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට අපහාස වන අන්දමේ කතාවක් එන නිලධාරියා විසින් තවත් කිසියම් පුද්ගලයෙකුට ජංගම දුරකථනයෙන් පවසන අතර උසස් වීම සම්බන්ධව ද කිසියම් ආකාරයකට සිදු කළ මැදිහත්වීමක් පිළිබඳව ද එහි සඳහන් වේ.

මෙවැනි නිලධාරියෙක් ජනාධිපති කාර්යාංශයේ සිටීම බොහෝ භයානක දෙයකි. එසේම හඩ පටියේ සඳහන් කරන පරිදි තවත් පුද්ගලයන්ගේ සාක්කු වලට ග්‍රෙනේඩ් දාන ලද කතාවක්ද එහි සඳහන් වේ.

මේජර් පොන්වීර යන නිලධාරියා සන්නාහ සන්නද්ධ බලකායේ වත්මන් සේනා විධායකතුමන්ව එම තනතුරින් නෙරපවීමට හා ඉන්පසුව මේජර් පොන්වීරගේ හිතවතෙකු එම තනතුරට පත්කිරීම සඳහා මහත් උත්සහයක යෙදෙන බවත් ඒ සදහා ජනාධිපති කාර්යාංශයේ බලයද යොදා ගනිමින් සිටින බවද පවසා තිබේ.

මෙම නිලධාරියා විසින් විශ්‍රාම ලත් හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ද ඔහුගේ කීර්ති නාමයට හානි වන අයුරින් ජනාධිපති කාර්යාංශයේ සහ ඉන් පිටත සිවිල් ස්ථාන වලදී ද විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින අයෙකු වන අතර ඔහුගේ මෙම අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ත යුධ හමුදාවම අවමානයට ලක් වෙමින් පවති. මේ තුලින් සිදු වන්නේ සමස්ත යුධ හමුදාව පිළිබඳවම අයහපත් චිත්‍රයක් සිවිල් ජනතාව තුළ ඇති විමය.

වත්මන් යුධ හමුදාපතිතුමාට ‘නපුංසකයෙක්’ යනුවෙන් නිතරම පවසමින් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට උත්සහ කරයි. ජනාධිපති කාර්යාංශය දී මේ ආකාරයට හැසිරීම ඉතාමත් අශෝභන, අවිනීත සහ අශිලාචාරි වේ. කණගාටුවෙන් වූවද මෙය ප්‍රකාශ කරන්නේ මේජර් පොන්වීර විසින් මෙලෙස යුධ හමුදාවටම සිදු කරනා අවමානයන් ඉවසාගත නොහැකි කාරණා බැවිනි.

මෙම නිලධාරියා සම්බන්ධව විනය පරීක්ෂණ සිදු කිරිම සඳහා බොහෝ අවස්ථා පැමිණියද බොහෝ සාක්ෂි තිබුණද එම කටයුතු යටපත් කිරීම සඳහා මොහු ජනාධිපති කාර්යාංශයේ නම යොදා ගනිමින් මිත්‍ර යුධහමුදා නිලධාරින්ගේ උදවු ලබා ගනිමින් ඔහුගේ අකටයුතුකම් වසා ගැනීම සිදු කරයි.

යුද හමුදාපතිට ‘නපුංසකයෙක්’ කියන… by lnwtoday

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් වත්මන් හමුදාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යවනු ලැබූ ලිපිය පහත දැක්වේ. අදාල ලිපිය මගින් වත්මන් හමුදාපතිවරායට සේවා දිගුවක් ලබා නොදිය යුත්තේ මන්ද යන්න විස්තර කොට තිබේ. …

යුධ හමුදා මූලස්ථානය,

කොළඹ 03.
2016 මැයි මස 08 වෙනි දින.
මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා,
ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

යුද්ධ හමුදාව තුළ සිදු වු සහ තවමත් සිදුවෙමින් පවතින දුෂන, වංචා, අක‍්‍රමිකතා සහ අසාධාරණකම් වලට උඩගෙඩි දෙන සහ රජයේ යහපාලන වැඩපිලිවෙල කඩාකප්පල් කර රජය අපකීර්තියට පත් කිරිමට මාන බලන වර්තමාන යුද්ධ හමුදාපතිට තවත් සේවා දීර්ඝ කිරිම් ලබාදිය යුතුද?

ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වාගේ යුද්ධ හමුදා සේවා කාලය තුල ඔහු විසින් සිදුකරන ලද අපකීර්තිමත් ක‍්‍රියාවන් පිලිබදව කිසිදු සොයා බැලීමකින් තොරව හුදෙක්ම ජ්‍යෙෂ්ඨත්වය මත සහ ඔහු රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වීම පදනම් කරගෙනත්, එවකට රුසියාවේ උපතානාපති ලෙස කටයුතු කරන ලද ඔහු එලෙස විවිධ රටවල විදේශ සේවයන්හි රාජකාරි සදහා අනුයුක්ත කර තිබූ අනෙකුත් හමුදා නිලධාරින් මෙන් පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ලංකාවට පැමිණියේ නැත යන පදනම මතත් යහපාලන රජය බලයට පත් වූ පසු යුද්ධ හමුදාපති ලෙස පත් කිරීමට ඔබතුමා විසින් කටයුතු කරන ලදි.

යුද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් සහ පාරිතෝෂික පනත අනුව අධිකාරි ලත් යුද්ධ හමුදා නිලධාරියෙකු යුද්ධ හමුදාවේ සේවය කල යුතු උපරිම වයස අවුරුදු 55ක් වන අතර ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා එම වයසට එලඹුනේ 2015.08.21 දිනය.දැන් එම වයස ද ඉක්මවා ඔබතුමාගේ සේවා දිර්ඝ කිරීම මත යුද්ධ හමුදාපති ලෙස කටයුතු කරන මෙම නිලධාරියා තවදුරටත් තම සේවය දිර්ඝ කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා ඇති බවට ද,ඔබතුමන් ඊට කැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවට ද රාවයක් දැනට යුද්ධ හමුදාවේ ප‍්‍රචාරය වෙමින් පවතී.

කිසිදු වැදගත් වගකීමක් භාරදිමට තරමි යෝග්‍ය පුද්ගලයෙකු නොවු බැවින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් මොහු LTTE ට එරෙහිව මෙහෙයවන ලද අවසාන මානුෂිය මෙහෙයුමේදි කිසිදු වැදගත් තනතුරක් සඳහා පත් නොකරන ලද බැවින්,එහිදි කිසිදු වැදගත් කාර්යභාරයක නොයෙදුන මෙම නිලධාරියා මෙලෙස ඔබතුමාගේ සේවා දිර්ඝ කිරිම් මත දිගින් දිගටම යුද්ධ හමුදාපති ලෙස කටයුතු කිරිම එම මෙහෙයුමේදි විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරන ලද ජේ්‍යෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් ඇතුළුව සමස්ත යුද හමුදා ප‍්‍රජාවම මහත් කම්පනයට පත් කරන්නක් වී ඇත.

එම මානුෂික මෙහෙයුමේදි කිසිදු වැදගත් කාර්ය භාරයක් ඉටු නොකර ටෙනිස් ගසමින් සිටි මෙම නිලධාරියා ඔබතුමා විසින් යුද්ධ හමුදාපති ලෙස පත්කිරිම නිසා සහ සේවා දිර්ඝ කිරිම් මත වයස අවුරුදු 55 ද ඉක්මවා හමුදාපති ධූරය දැරිම නිසා එම මානුෂිය මෙහෙයුමේ දි මහත් කැපවීම් කල නිලධාරින් රාශියක් යුද්ධ හමුදාපති ධුරයට හෝ යුධ හමුදාවේ ඔවුන් පත්විය යුතුව තිබූ වෙනත් වැදගත් ධූරයන්ට පත් නොවී වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත විශ‍්‍රාම යාමට සිදුවිය. උදාහරණ ලෙස මේජර් ජෙනරල් රාජගුරු, මේජර් ජෙනරල් රඹුක්පොත, මේජර් ජෙනරල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් ප‍්‍රසන්න ද සිල්වා මේජර් ජෙනරල් මෛත‍්‍රි ඩයස්, මේජර් ජෙනරල් දවුලගල,මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සහ මේජර් ජෙනරල් ජනක රත්නායක යන අයවලූන් දැක්විය හැක. මොහුට තවදුරටත් යුධ හමුදාපති ධූරයේ සේවා දිර්ඝ කිරීම් ලබා දුනහොත් යුධ හමුදාවේ දැනට සේවය කරන මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත,මේජර් ජෙනරාල් කමල් ගුණරත්න,මේජර් ජෙනරාල් උදය පෙරේරා,මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඇතුලූ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාශියකටම යුද්ධ හමුදාපති ධුරය හෝ විශ‍්‍රාම යාමට පෙර ඔවුන් දැරිය යුතු වූ වෙනත් වැදගත් ධූරයන් නොලබා බලාපොරොත්තු කඩවීම් සහිතව සේවයෙන් විශ‍්‍රාම යෑමට සිදුවනු ඇත.

දැඞ් අකාර්යක්ෂමතාවය සහ අදක්ෂතාවය මත අවසන් මානුෂිය මෙහෙයුමේදි කිසිදු වැදගත් කාර්ය භාරයක නොයොදවන ලද මෙම නිලධාරියා ෆීල්ඞ් මාර්ෂල් ජෙනරල් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුමේ ආඥාපති වශයෙන් පත් වීමෙන් පසු යුද්ධ හමුදාපති ලෙස පත් කරන ලද ජෙනරල් ජයසූරිය විසින් යුධ සේවා ලේකම් ලෙස පත් කර ගන්නා ලදි.

ඉන් පසු ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාව ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු නියම ගහලයෙකු ලෙස සේවය කල මොහු ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හිතවත්යැයි කියමින් පසුගිය පාලනාධිකාරිය විසින් හමුදා නිලධාරින් රාශියක් යුධ හමුදාවෙන් නෙරපා දැමීමේ කාර්ය භාරයේදි ජෙනරල් ජයසූරිය සහ ජෙනරල් රත්නායක සමග විශාල කාර්ය භාරයක් ඉටුකල තැනැත්තා වේ.එම නිලධාරින් නෙරපා හරින ලද ලිපි රාශියක්ම පෞද්ගලිකව මොහු යුධ සේවා ලේකම් ලෙස අත්සන් කර ඔවුන් වෙත යවන ලද ඒවා බව පරික්ෂා කලහොත් ඔබතුමාට පෙනී යනු ඇත.

එමෙන්ම යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම නිලධාරින් නැවත යුධ හමුදා සේවයට එක් කර ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ඔබතුමාගේ රජය කටයුතු කරන ලද නමුත් මොහු තම කුඩුකේඩුකම විදහා දක්වමින් එලෙස හමුදාවට නැවත එක්කර ගන්නා ලද නිලධාරින් අතරින් තමන්ට හිතවත් නිලධාරින් කිහිප දෙනෙකු හැරුණු විට ශ‍්‍රි ලංකා යුධ හමුදා පොලිසියේ ජේ්‍යෂ්ඨතම නිලධාරි වන බි‍්‍රගේඞ්යර් බිමල් ඩයස් ඇතුළු අන් සියළු දෙනාටම ඔවුන්ගේ ජේ්‍යෂ්ඨතාවය සහ දක්ෂතාවය අනුව ඔවුන්ට යුධ හමුදාවේ හිමි විය යුතු පත්වීම් ලබා නොදි ඔවුන් සිල්ලර රාජකාරීවල යොදවා ඇති බවත් එමගින් ඔවුන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් ඔබතුමාගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.

තවද ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාව සංග‍්‍රාමික අත්අඩංගුවට ගැනීමේදි සහ ඔහුට එරෙහිව පැවති යුද්ධාධිකරණවලදි මහත් සහයක් දැක්වු මේජර් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා එම යුද්ධාධිකරණවල සාක්‍ෂිකරුවෙක් ද විය.එමෙන්ම ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාව සංග‍්‍රාමික අත්අඩංගුවට ගැනීමට එරෙහිව තම නීතිමය මතය ප‍්‍රකාශ කල එවකට යුධ හමුදා නීති සේවා අධ්‍යක්ෂකවරිය සහ පසුව විනිශ්චකාර අධිනීතිඥ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ලද මේජර් ජෙනරාල් මොහන්ති පීරිස් එම තනතුරුවලින් ඉවත් කර විශ‍්‍රාම යන තුරු රාජකාරියක නොයොදවා නිවසේ රදවා තැබීමේ කාර්යය සදහා ද මොහු දැඩි ලෙසම වගකිවයුතු වේ.ඉන් පසු නීති සේවා අධ්‍යක්ෂකවරිය ලෙස පත්කරන ලද මේජර් ජෙනරාල් ඉන්දිරා විජේරත්න ද එවකට වංචනිකයන් ලෙස යුද හමුදා අභ්‍යන්තර පරික්‍ෂණ මගින් හෙලිදරව්ව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබූ හමුදාවේ ඇතැම් ජේ්‍යෂ්ඨ නිලධාරින් එම විනය ක‍්‍රියාමාර්ගවලින් නිදහස් කර අදාල හමුදාපති නිගමන නැවත සංශෝධනය කරන ලෙසට ඉහත කී ජෙනරල් ජයසූරිය,ජෙනරල් දයා රත්නායක සහ එවකට යුධ සේවා ලේකම් ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා දෙන ලද උපදෙස් පිලිපැදිම පැහැර හැරිම නිසා එම නිලධාරිනියගේ වයස සම්පූර්ණ වීමට ප‍්‍රථම සේවයෙන් විශ‍්‍රාම ගැන්වීමේ කාර්යය සදහා ද, ඉන් පසු ඔවුන්ගේ පදයට නැටිමට කැමති වූ මේ වන විටත් යුධ හමුදා නිලධාරින්ගේ ජේ්‍යෂ්ඨතා ලේඛනයේ නීති නිලධාරියෙකු ලෙස දක්වා නොමැති ලූතිනන් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වාගේ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ බි‍්‍රගේඩියර් රාජපතිරණ නැමැති නිලධාරියා නීති සේවා අධ්‍යක්ෂක ලෙස පත් කිරිමේ කාර්යය සදහා ද මොහු දැඩි ලෙසම වගකිවයුතු වේ.

මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් වූ වහාම සිදු කළ ප‍්‍රමුඛ කාර්යයන්ගෙන් එකක් වුයේ චෝදනාවලට අදාලව පරික්‍ෂණයක් පැවැත්වෙමින් තිබියදිම බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා ඔහුට එරෙහිව පැවති පරීක්ෂණය තුට්ටුවකට මායිම් නොකරමින් යුධ හමුදා නීති අංශයේ ප‍්‍රධානතම තනතුර වූ විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල් තනතුරට පත් කිරිමයි…..

තව ද එවකට යුධ හමුදා නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලය තුල ගෙන යන ලද අනීතික ක‍්‍රියාවලියට සහභාගී විම ප‍්‍රතික්ෂේප කල ලූතිනන් කර්නල් විජේදාස සහ මේජර් නල්ලපෙරුම යන නීති නිලධාරින් නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මාරු කර යැවීමට ද, වසර දාහතක පමණ සේවා කාලයක් හිමිව සිටි කපිතාන් කාරියවසම් නමැති නීති නිලධාරියාට විශ‍්‍රාම වැටුපට ද අහිමිවන ලෙස සේවයෙන් ඉවත් කිරිමට ද,කර්නල් නිමල්කාන්ත නමැති නීති නිලධාරියාට හිමි පත්විම් ලබා නොදි ඔහු විශ‍්‍රාමික වයස සම්පූර්ණ කිරිමට ප‍්‍රථම ඉල්ලා විශ‍්‍රාම යාමට පෙලඹවිම සදහා ද එවකට යුධ සේවා ලේකම් ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා ප‍්‍රමුඛව කටයුතු කරන ලදි.

පසුව ලූතිනන් කර්නල් විජේදාස නමැති නිලධාරියා ඉහත කී යුද හමුදා නීති සේවා අධ්‍යක්‍ෂක වූ බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා විසින් යුද හමුදාව තුල ගෙනයන ලද නීති විරෝධී,වංචනික,දුෂිත සහ අක‍්‍රමවත් ක‍්‍රියාවන් පිලිබදව අදාල හමුදාපතිවරුන්ට ලිඛිතවම පැමිණිලි කරන ලද බව ද,ඔවුන් ඒවා කිසිදු පරික්‍ෂණයකින් තොරව යටපත් කරන ලද බව ද දැනගැනීමට ලැබී ඇත.තව ද යහපාලන රජය බලයට පත් විමෙන් පසු එම නිලධාරියා ඔබතුමාට ද ෙමි පිලිබදව ලිඛිතව පැමිණිලි කරන ලදුව ඔබතුමා විසින් එම පැමිණිල්ල පරික්‍ෂණයක් කිරිමට ආරක්‍ෂක ආමාත්‍යංශයට යොමු කර ඇති බව ද, ආරක්‍ෂක අමාත්‍යංශය මගින් හොරාගේ අමිමාගෙන් පේන අසන්නාක් මෙන් එය නැවත හමුදාපති වෙත යොමු කර ඇති අතර හමුදාපති විසින් කිසිදු පරික්‍ෂණයක් නොකර එය ද කුණු කුඩයට දමා ඇති බව දැනගන්නට ලැබී ඇත.

පසුව යුධ සේවා නීති අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා තමා යටතේ සිටි නීති නිලධාරිනියකට ලිංගික අඩත්තේටිටම් කිරිම මත එම නිලධාරිනිය විසින් එය එවකට යුද්ධ හමුදාපති ලෙස සේවය කල ජෙනරල් රත්නායකට වාච්කව සහ ලිඛිතව පැමිණිලි කිරිම මත ඔහු එම තනතුරෙන් ඉවත් කර මූලික පරික්ෂණ උසාවියක් පත් කිරිමට ජෙනරල් රත්නායකට සිදු විය.එම පරික්ෂණ පැවැත්වෙමින් තිබෙන අතරතුරදි මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කිරිමට ඔබතුමා පියවර ගන්නා ලදි. මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් වූ වහාම සිදු කල ප‍්‍රමුඛ කාර්යයන්ගෙන් එකක් වුයේ අදාල පරික්‍ෂණය පැවැත්වෙමින් තිබියදිම බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා ඔහුට එරෙහිව ඇති අනේකවිදි චෝදනාවන් නොතකා යුධ හමුදා නීති අංශයේ ප‍්‍රධානතම තනතුර වූ විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල් තනතුරට පත් කිරිමයි. එමගින් අදාල මූලික පරික්‍ෂණ උසාවියේ් සාක්‍ෂිකරුවන් වූ කනිෂ්ඨ නීති නිලධාරින්ට සහ නීති නිලධාරිනියන්ට බලපෑම් කිරිමේ පූර්ණ හැකියාව බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තාට ලබා දිමෙන් එම පරික්‍ෂණය සාධාරණව සහ අපක්ෂපාතීව කිරිමේ අවකාශය වලකා දැමිණි.

කෙසේ වෙතත් ඔහුගේ බලපෑම් නොතකා එම මූලික පරික්ෂණ උසාවියේදි සාක්ෂි දුන් ලූතිනන් කර්නල් විජේදාස නමැති නිලධාරියාට යුධ හමුදාවෙන් ඔහුගේ වයස සම්පූර්ණ වීමට පෙර විශ‍්‍රාම ගන්නා ලෙස මේජර් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වා අණ කල අතර ඒ අනුව ඔහු යුධ හමුදාවෙන් විශ‍්‍රාම යායුතු වයස වූ අවුරුදු 55 සම්පූර්ණ විමට වසර තුනකට පමණ පෙර හමුදාවෙන් විශ‍්‍රාම ගැනීමට කටයුතු කලේය.තව ද එම මූලික පරික්ෂණ උසාවියට සාක්ෂි දිම පිණිස යුධ හමුදා මූලස්ථානයට සිය නිවසේ සිට පැමිණි යුධ හමුදාවේ හිටපු විනිශ්චකාර අධිනීතිඥවරයෙකු වූ බි‍්‍රගේඩියර් වීරසිංහ නමැති විශ‍්‍රාමික හමුදා නිලධාරියාට එම පරික්‍ෂණයේ සාක්‍ෂි දෙමින් සිටියදිම පහර දිමට තැත් කර බියපත් කිරිමට ඉහත කී බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා කි‍්‍රයා කල බව දැනගන්නට ලැබිණ.

එමෙන්ම එම මූලික පරික්‍ෂණ උසාවියේදි එම බලපෑම් කිසිවක් නොතකා සාක්‍ෂි දුන් තවත් නීති නිලධාරිනියන් තිදෙනෙකු වූ ලූතිනන් කර්නල් බුද්ධිකා ෆර්ඩිනන්ස්,මේජර් මෙන්ඩිස් සහ කපිතාන් සොයිසා යන අයවලූන් තමන්ගේ හෙංචයියන් මගින් මහත් මානසික පීඩාවන්ට ලක් කරමින් හමුදාව හැර යාමට ඔවුන් පෙළඹවීමට ඉහත කී යුද්ධ හමුදාපතිවරයා සහ බි‍්‍රගේඩියර් රාජපතිරණ නැමැත්තා කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.ඉහත කී අය අතරින් කපිතාන් සොයිසාට දැනට කිසිදු පත්වීමක් නොදි ඇයගේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට යා කර ඇත.

ඊට අමතරව දැනට නිම කර යුධ හමුදාපතිවරයාට ලබා දි ඇති බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තාට එරෙහිව ඇති අදාල කාන්තා නිලධාරිනියට ලිංගික අඩත්තේටිටම් කිරිම සම්බන්ධව පවත්වන ලද මූලික පරික්‍ෂණ උසාවි වාර්තාව සගවාගෙන බි‍්‍රගේඩියර් රාජපතිරණ නමැත්තා මේජර් ජෙනරාල් තනතුරට උසස් කිරිමට වර්තමාන යුධ හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ලැබී ඇත.

එමෙන් ම රජයේ නියෝග මත පොලිසිය විසින් පවත්වාගෙන යන විවිධ විමර්ශණයන්හීදි පොලිසිය සහ නීතිපති දෙපාර්තෙමින්තුව විසින් ඉල්ලා සිටින ඇතැම් තොරතුරු සිතාමතාම ලබානොදිමට යුධ හමුදාපතිවරයා ක‍්‍රියා කරන්නේ යුධ හමුදාෙවි විනිශ්චකාර අධිනීතිඥ ජෙනරාල් ලෙස කටයුතු කරන මෙම තැනැත්තාගේ උපදෙස් මත වන අතර එමගින් රජයේ වැඩපිලිවෙල යුද්ධ හමුදාව තුල සහ රට තුල අපකීර්තියට පත්කිරිමට මොවුන් දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කරමින් සිටී.

මේ අනුව මේ සියළු කටයුතු පිලිබද නිසි පරික්ෂණයක් සිදු කර යුක්තිය ඉටුකරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර විශේෂයෙන් හමුදාවේ සිදුවන සියලූ දුෂන,වංචා,අක‍්‍රමිකතා,අසාධාරණකම් සහ විනය විරෝධි ක‍්‍රියා සගවමින් ඒවා සිදුකරන තැනැත්තන් ආරක්‍ෂා කර එම ක‍්‍රියාවලට උඩගෙඩි දෙන සහ ඒවායේ වින්දිතයන් තවදුරටත් ප’ඩාවට පත් කරන ලූතිනන් ජෙනරල් ක‍්‍රිශාන්ත ද සිල්වාට මෙලෙස දිගින් දිගටම සේවා දිර්ඝ කිරිම් ලබා දෙමින් හමුදාපති ධූරයේ දිගින් දිගටම රැුදවීමට කටයුතු කලහොත් එය විශේෂයෙන් හමුදාවේත් පොදුවේ මුළු රෙටිත් විනාශය සදහා හේතු වන බව ඉතාමත් කාරුණිකව දැනුම් දි සිටිමි.

මෙයට
හමුදා නිලධාරින් පිරිසක්

පිටපත්:
ගරු අග‍්‍රාමාත්‍යතුමා
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා

මහා වර්ෂාවක්‌ නොව ධාරානිපාත වර්ෂාවක්‌ ඇදහැලී පායා ගියා සේ නව යුද හමුදාපතිවරයකු පත්කිරීමේ සීතල යුද්ධය නිමා විය.
එම නිමාවේ අවසන් ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා පත් විය.යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියාව ලෙස සිටි මේජර් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා නව යුද හමුදාපති ලෙස පත්කිරීම ආන්දෝලනාත්මක සිදුවීමක්‌ වූ බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ වුවත් යුද හමුදාපති පුටුව සඳහා පැවැති තරගයෙන් මාණ්‌ඩලික ප්‍රධානියාව සිටියදී හදිසියේ රුසියාවේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත්කර යෑවූ මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා කවුරුත් පුදුමයට පත්කරවමින් යුද හමුදාපති පුටුවේ වාඩි විය.

මෙම පත්වීම හුදෙක්‌ දේශපාලනමය පත්කිරීමක්‌ ලෙස පෙන්වාදීමට ඇතැම්හු උත්සාහ කළහ. එය එසේ නොවන සුදුස්‌සාට සුදුසු තැන හිමිවීමක්‌ බව අපි සාක්‌ෂි සහිතව පෙන්වා දෙන්නෙමු.

හිටපු යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායකගේ සේවා දිගුව සහ හමුදාපති නිල කාලය ඉකුත් 21 වැනිදා අවසන් විය. ඒ ඔහුට පෙබරවාරි 22 වැනි දිනට වයස අවුරුදු 57 ක්‌ සම්පූර්ණ වීම නිසාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව රජය පත් වූ පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉවත් නොකර ඔවුනට සේවා දිගු ලබා නොදී නියමිත කාලය සම්පූර්ණ වූවිට විශ්‍රාම යෑවීමේ තීරණයක්‌ ගන්නා ලදී. ඒ අනුව ජෙනරාල් දයා රත්නායකට මෙම 21 වැනිදා විශ්‍රාම යැමට සිදු විය.

එසේම ඔහුගෙන් පසු සිදුකරන හමුදාපති පත්කිරීම ජ්‍යෙෂ්ඨත්වයට අනුව කිරීමටද රජය තීරණය කළේය.

එහිදි ඊළඟ ජ්‍යෙෂ්ඨත්වයේ සිටි මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ලුතිනන් ජෙනරාල් නිළයට උසස්‌ කර නව යුද හමුදාපති ලෙස පත්කරන ලදී. 2013.08.01 දින යුද හමුදාපති ධුරයට එවක මේජර් ජෙනරාල්වරයකු වූ දයා රත්නායක පත්කරන විට මේජර් ජෙනරාල් ක්‍රිශාන්තද සිල්වා සිටියේ මේජර් ජෙනරාල් රත්නායකට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළිනි.

ලුතිනන් ජෙනරාල්, යුදහමුදාපති ධුරයට පත් පත් වූ පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටි මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා යුද හමුදාවේ දෙවන තනතුර වන මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත් විය. ඔහුට එම තනතුරේ වැඩි කාලයක්‌ සිටීමට ඉඩ නොතබමින් එවක ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝගය පරිදි මේජර් ජෙනරාල් සිල්වා රුසියාවේ නියෝජ්‍ය තනාපති වශයෙන් පත්කරන ලදී.

ඔහු දැරූ මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පත් කළේය. ඒ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු කිහිප දෙනකු සිටියදීය. මේජර් ජෙනරාල් සමරසිංහ මේවනවිටත් මාණ්‌ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කරයි.

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් දේශපාලනීකරණයට ලක්‌කර තිබූ යුද හමුදාව ඉන් මුදාගැනීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇත. එහි ප්‍රථම පියවර ලෙස පසුගිය රජය විසින් බිඳ දමා තිබූ ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඉහළ තනතුරු පිරිනැමීමේ සම්ප්‍රදාය නැවත ස්‌ථාපිත කිරීමට පියවර ගනිමින් නව යුද හමුදාපතිවරයා පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට ප්‍රමුඛත්වය දෙන ලදී.

ඒ අනුව ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාට සාධාරණය ඉටු වී ඔහුට යුද හමුදාපති ධුරය හිමි විය. ජ්‍යෙෂ්ඨත්වයට අමතරව එම තනතුර දැරීමට ඔහු සතුව තිබූ සෙසු සුදුසුකම් මෙසේ විය.

1980 පෙබරවාරි මස 6 වැනි දින යුද හමුදා සේවයට බැඳුණු ලුතිනන් ජෙනරාල් සිල්වා 1981 ජුලි 18 වැනි දින 2 වන ලුතිනන්වරයෙක්‌ ලෙස 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය වෙත අනුයුක්‌තව රාජකාරි ඇරඹු අතර, 1985 දී කපිතාන් නිළයටත්, 1989 දී මේජර් නිළයටත්, 1994 දී ලුතිනන් කර්නල් නිළයටත්, 1997 දී කර්නල් නිලයටත්, 2003 දී බ්‍රිගේඩියර් නිළයටත්. 2009 නොවැම්බර් 30 වැනි දින මේජර් ජෙනරාල් නිළයටත් උසස්‌වීම් ලද හෙතෙම 2015 පෙබරවාරි මස 22 වැනි දින ලුතිනන් ජෙනරාල් නිළයටත් පත් විය.

වසර 35 ක කිර්තිමත් යුද හමුදා සේවයක්‌ හිමි ලුතිනන් ජෙනරාල් ද සිල්වා 2013 අගෝස්‌තු මස 1 වැනි දින යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත්වන අතර, 2014 මැයි මස 16 දින සිට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති තනතුරට පත්වීමත් සමඟම විදේශගත විය.

මාණ්‌ඩලික සහ ප්‍රධාන උපදේශක තනතුරු ගණනාවක්‌ හොබවා ඇති ලුතිනන් ජෙනරාල් ද සිල්වා යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බළසේනාවේ සේනා විධායක තනතුර ද හොබවන ලදී.

එමෙන්ම ලුතිනන් ජෙනරාල් ද සිල්වා කිලිනොච්චි ආරක්‌ෂක සේනා ආඥාපති, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥපති ධුරයද හොබවා ඇති අතර ඉංජිනේරු බළසේනාධිපති 512 සහ 562 වන පාබල බළසේනාවන්හි බළසේනාංකාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.

මීට අමතරව යුද හමුදා මූලස්‌ථාන යුද සේවා ලේකම්, අධ්‍යක්‍ෂ ක්‍රියාන්විත, අතිරේක යුද සේවා ලේකම්, අධ්‍යක්‍ෂ සැලසුම්, පිරිස්‌ පාලන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ කර්නල් (පාලන) මෙන්ම මාණ්‌ඩලික නිලධාරී තනතුරු ගණනාවක්‌ හොබවා ඇත.

එමෙන්ම ආරක්‌ෂක සේවා අණ හා මාණ්‌ඩලික විද්‍යාලයේ සේනා විධායක හා ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කර ඇති අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් ද සිල්වා 6 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළකායේ අණදෙන නිළධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බලාකාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.

ලුතිනන් ජෙනරාල් ද සිල්වා එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගෙන් මවුබිම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කටයුතු කරනු ලබන සේවය වෙනුවෙන් රණවික්‍රම පදක්‌කම (ආර්ඩබ්ලිව්පී) සහ උත්තම සේවා පදක්‌කමෙන් (යූඑස්‌පී) පිදුම් ලබා ඇත.

දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසකට සහභාගිවී ඇති ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඔහුගේ පළමු විදේශීය පාඨමාලාව ලෙස පාකිස්‌තානයේ රිසල්පූර ඉංජිනේරු හමුදා විද්‍යාලයේ තරුණ නිලධාරී පාඨමාලාවට සහභාගි වී ඇත.

එක්‌සත් රාජධානියේ යුද හමුදා අණ හා මාණ්‌ඩලික විද්‍යාලයේ සහ චීනයේ නංජින් උසස්‌ අණ විද්‍යාලයේ උපාධිධාරියකු වන ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඉන්දුනීසියාවේ ජාතික ආරක්‌ෂක විද්‍යාලයේද උපාධිධාරියකු වේ.

ඊට අමතරව ලුතිනන් ජෙනරාල් ද සිල්වා ඉන්දියාවේ මොවු සංග්‍රාම විද්‍යාලයේ උසස්‌ අණ පාඨමාලාවටද පූනෙයි ඉංජිනේරු හමුදා විද්‍යාලයේ බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවට ද පකිස්‌තානයේ රිසාල්පූර් ඉංජිනේරු හමුදා විද්‍යාලයේ ඉංජිනේරු කණ්‌ඩායම භාර නිලධාරි පාඨමාලාව ද ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හවායිහි ආසියා පැසිපික්‌ ආරක්‌ෂක අධ්‍යයන මධ්‍යස්‌ථානයේ උසස්‌ විධායක ආරක්‌ෂක සහයෝගිතා පාඨමාලාවද හදාරා ඇත.

ජ්‍යෙෂ්ඨත්වයට සහ දක්‌ෂතාවයට නිසි තැන හිමිවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පණිවුඩයක්‌ නිකුත් කරමින් මෙසේ සිය අදහස්‌ දක්‌වා සිටියේය.

ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස මෙම පණිවුඩය නිකුත් කරනු ලබන්නේ ඉමහත් ආඩම්බරයෙන් හා නිහතමානී තෘප්තියකිනි.

වසර 35 ක්‌ වන මාගේ හමුදා ගමන් මගෙහි මා හට ළඟාවිය හැකි ඉහළම සංධිස්‌ථානය වන යුද හමුදාපති ධුරයේ උත්තරීතර වගකීම මා හට පැවරීම වෙනුවෙන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මාගේ ගෞරවණීය කෘතඥතාව පුදකිරීමට කැමැත්තෙමි.

වසර 65 ක අභිමානවත් ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අප මාතෘ භූමියෙහි භෞමික අඛණ්‌ඩතාවය ස්‌වෛරීත්වය හා ඒකීයභාවය වෙනුවෙන් කැපවී ක්‍රියාකරමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට හැකිවූ විරෝධාර හමුදාවක්‌ බැව් මා නැවත නැවතත් සිහිපත් කරමි. එම ඒකායන පරමාර්ථය සාක්‌ෂාත් කර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ සහ තුවාල ලැබූ අභීත රණවිරුවන්ද, එම කර්තව්‍ය වෙනුවෙන් විශිෂ්ට සේවයක්‌ ලබාන්නා වූ අනෙකුත් ලක්‍ෂ සංඛ්‍යාත අභිමානවත් රණවිරුවන්ද මේ අවස්‌ථාවේදී ඉමහත් භක්‌තිපූර්වකව සිහිපත් කරමි. තවද ඒ වෙනුවෙන් අප සමඟ උරෙනුර ගැටෙමින් කටයුතු කළ යුද්ධ හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සේවාවද මා මේ අවස්‌ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. තවද මෙම විශිෂ්ට වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙතෙක්‌ නායකත්වය ලබාදුන් සියලු යුද්ධ හමුදාපතිවරුන් වෙත ගෞරවාචාරය පළකිරීමටද මා මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි.

මාතෘ භූමියේ ආරක්‌ෂාව සාක්‌ෂාත් කර ගැනීමෙහිලා ඇපකැප වී සිටින අප, ඒ සඳහා කණ්‌ඩායම් හැඟීමෙන් යුතුව සාමූහිකව කටයුතු කළ යුතු බැව් සිහිපත් කරමි. එමෙන්ම විනයගරුක හා උසස්‌ වෘත්තීමය නිපුණත්වයක්‌ ඇති හමුදාවක්‌ ලෙසින් නිසි පුහුණුවීම්හි යෙදෙමින් මහජන ගෞරවය නිරතුරුවම ලැබෙන ආයතනයක සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතු බැව් ද අවධාරණය කිරීමට කැමැත්තෙමි. එසේ කටයුතු කළ හැක්‌කේ වෘත්තීමය නිපුණත්වය සහ විනය සබැඳිව යුද්ධ හමුදාවේ සෑම මට්‌ටමක්‌ම ඉතා වගකීමෙන් යුතුව කටයුතු කිරීම තුළිනි.

යුද්ධ හමුදා සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් නංවාලමින් එම කටයුතු උසස්‌ මට්‌ටමකින් පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඒ සඳහා සියලුම මට්‌ටම්හි අණ දෙන්නන් විසින් මේ සබැඳිව විධිමත්ව සොයා බලා කටයුතු කළ යුතු වේ. සෙබළුන්ගේ සුබසාධන කටයුතු විධිමත්ව සිදුකිරීම තුළින් ඔවුන් හට යහපත් මානසිකත්වයකින් යුතුව තම රාජකාරීන්හි නිරතවීමට හැකිවනු ඇති අතර, මෙමගින් යුද්ධ හමුදාවේ සමස්‌ත කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව ඉතා ඉහළ මට්‌ටමක පවත්වා ගැනීමටද හැකි වේ.

මාගේ යුද්ධ හමුදා ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් උරදුන් සියලුම අයවලුන් ගෞරවපූර්වකව සිහිපත් කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගන්නා අතර, ඒ සඳහා මහත් රුකුලක්‌ වෙමින් ජීවන මගෙහි නිරතුරු ශක්‌තියක්‌ වූ මාගේ බිරිඳ, දරුවන්, දෙමාපියන්, හිතමිතුරන් ඇතුළු සියලු දෙනාද මේ අවස්‌ථාවේදී ඉතාමත් භක්‌තිපූර්වකව සිහිපත් කරමි.

අප මාතෘ භූමිය දිවි හිමියෙන් ආරක්‌ෂා කරමින් අපට පැවරෙන සියලුම රාජකාරීන් වඩාත් සාර්ථකව හා ක්‍රමානුකූලව ඉටුකරමින් ඉදිරියට යැමට ඔබ සියලු දෙනා හට ධෛර්ය හා ශක්‌තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා සතුව තවත් ප්‍රධාන වගකීමක්‌ තිබේ. එනම් තමන්ට සිදු වී තිබූ අසාධාරණයට සාධාරණයක්‌ ඉටුවූවා සේ හමුදාව දේශපාලනීකරණය වී තිබීම නිසා අසාධාරණයට ලක්‌වී සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වෙතොත් ඔවුනට සාධාරණය ඉටුකරදීමට කටයුතු කිරීම නව හමුදාපතිවරයා සතු එක්‌ වගකීමකි.

මාණ්‌ඩලික ප්‍රධානි තනතුරේ සිට පහළට තිබෙන සෙසු ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨත්වය, දක්‍ෂතාව සලකා සුදුසු නිලධාරීන් පත්කිරීම තුළින් එම සාධාරණය ඉටුකළ හැකි බව අපගේ විශ්වාසයයි.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි

Top