Featured

තරු 5හේ හෝටලය දින 4ක් PSD යටත් කර ගනී

Softlogic ව්‍යාපාර සමුහයේ Mövenpick Hotel නැමැති තරු 5හේ පන්තියේ හෝටලය ඊයේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේදි විවෘත වු අතර එම අවස්ථාවට ජනාධ්පතිවරයා සහභාගී විමට නම් ජනාධිපති ආරක්ෂක අංශයේ උපදෙස් ක්‍රියාත්මක කලයුතු බවට ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියා Mövenpick Hotel පරිපාලනයට නියෝග කර තිබේ.

ඒ අනුව  Mövenpick Hotel පාලනය දින 4කට පෙර භාරගත් PSD නිලධාරින් හෝටලයේ සේවය කරන සුලු සේවකයන් සියලුම දෙනා නිවාඩු යවා ඇති අතර පරිපාලනයේ නිලධාරින් 7 දෙනෙකුට පමණක් එම දින 4ක කාලය තුල ඇතුල් විමට සහ හෝටලයේ කටයුතු මෙහෙය විමට අවසර ලබාදි තිබේ.හෝටලයේ පාලනය සියතට ගත් PSD ආරක්ෂකයන් එම දින 4ම් තුල හෝටලයේ රැදි සිටිමින් ඊයේ විවෘත කිරිමේ උත්සවය සංවිධානය කරන ආකාරය සහ එන යන සියලුම දෙනා පරික්ෂාවට ලක්කර තිබේ.

ඊයේ ජනාධිපතිවරයා විසින් හෝටලය විවෘත කරනතුරු හෝටල් පරිපාලනය දැඩි අර්බුදයකට මුහුණ දි තිබෙන අතර ජනාධිපතිවරයා එම අවස්ථාවට ගෙන්විමට තිරණය කල හෝටල් පරිපාලනයද අප්‍රසාදයට ලක්ව තිබේ.

ඇති අතර මීට පෙර කිසිම දිනක මේ අකාරයේ සිදුවිමක් සිදුවි නොමැති අතර තමන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අර්බුදයකට මුහුණ දි සිටින නිසා මේ අකාරයට හැසිරෙන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.මේ අකාරයේ උත්සවයකට ජනාධිපතිවරය සහභාගි වන්නේ නම් උත්සවය පැවැත්වෙන දිනයේ ජනාධිපති ආරක්ෂකයන් විසින් පරික්ෂාවට ලක්කිරීමට කටයුතු කිරිම සාමාන්‍ය ක්‍රියාවලිය වේ.

Top