Anonymous Reporter

මවුබිම දෙකඩ කරමින් මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

ශ්‍රී ලංකාවෙන් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් (Zeid Al Hussein)විසින් පිළිගෙන තිබේ.

මෙම සංවිධානයේ නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට අවසර ලැබී ඇති බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ලබන පෙබරවාරි 24 දා ආරම්භ වන 34 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා පැමිණෙන බව ප්‍රකාශ කර ඇත.මෙම ඊළාම් සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක්‌ ලෙස මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි කර තිබේ.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සිහින සංවිධානයක්‌ බවට විදේශ ඇමැති මංගල සමරවීර පසුගියදා ප්‍රකාශයක් කරමින් රටේ ජනතාව මුළාවට පත්කර තිබේන බව දැන් නොරහසකි.

මුලාශ්‍ර  කීර්ති වර්ණකුලසූරිය

Top